ඇකඩමි සම්මාන දිනූ ජෙරමි අයන්ස් ( Jeremy Irons ) ලාංකීය චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි .ප්‍රවීන ලාංකීය සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම් මහතාගේ “Caged Bird” අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ඔහු මෙසේ එක්ව සිටියි .
Lolita , Damage , The Beekeeper , Reversal of Fortune , House of Gucci , Justice League , Batman Vs Superman , ඇතුලු ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වූ ජෙරමි අයන්ස් , ඇකඩමි සම්මානයක් මෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද්විත්වයක්ම දිනා තිබේ .
ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් රූගත කරන මේ සිනමාපටය, මෙරට සිනමාවෙන් නිපදවූ දැවැන්තම සිනමා ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවටත් පැවසෙනවා.
චන්ද්‍රන් රත්නම් මහතාගේ නිෂ්පාදනයක්වන එම චිත්‍රපටයේ රංගනයට දේශීය මෙන්ම විදේශීය නළු නිළියන් දායක වේ .
මේ සඳහා රංගනයෙන් දායක වීමට ජනප්‍රිය දමිළ රංගන ශිල්පිණියක වන වරලක්ශ්මී සරත් කුමාර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය .
අලිමංකඩ – A Comman Man – According to Mathew ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ප්‍රකට හොලිවුඩ් සිනමාපට රැසකම රේඛිය නිෂ්පාදකවරයෙකු ( line producer ) ලෙසද කටයුතු කළේය .

