Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තොරතුරු දැනගැනීමත් මහජනතාවගේ අනිවාර්ය අයිතිවාසිකමක්!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තොරතුරු දැනගැනීමත් මහජනතාවගේ අනිවාර්ය අයිතිවාසිකමක්!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

තොරතුරු දැනගැනීමත් මහජනතාවගේ අනිවාර්ය අයිතිවාසිකමක්!

June 22, 2025
167 Views

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

සභාපති තනතුර තවම හිස් –

තොරතුරු දැනගන්න, කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙන තත්ත්වය ඉක්මනින්ම වෙනස් විය යුතුයි!

“තොරතුරු” කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත් තොරතුරු සියල්ලම පාහේ දැන් ලබා ගැනීමට සිදුවී ඇත්තේ තොරතුරු පනත මගින් අයදුම් කිරීමෙනි. උදාහරණයක් ලෙස පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කළ විදේශ ගිවිසුම් සම්බන්ධයෙන් මතු වූ කතා බහට රජයේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන්ගෙන් ලද ප්‍රතිචාරය වූයේ ඒ සියල්ල ද තොරතුරු දැන ගැනීමේ පනත ආශ්‍රයෙන් ලබාගන්නා ලෙසය. එය තොරතුරු පනත සම්බන්ධයෙන් කිසියම් සාධනීය බවක් පෙන්නුම් කරන ලද ප්‍රකාශයක් ලෙස ගත හැකි වුවත්, තොරතුරු පනතෙන් ඉල්ලීම් හෝ අභියාචනා ලැබෙන තුරු නොසිට ප්‍රගාමී ලෙස තොරතුරු හෙළි කිරීම රජය සතු වගකීමක් බව තොරතුරු පනත අවධාරණය කරයි.

කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව අර්බුදයකට මුහුණපා සිටී. ඒ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මේ වෙන විටත් සිය ඉල්ලා අස්වීම භාරදී මාස දෙකකට අධික කාලයක් ඉක්මවා ගොස් ඇති පසුබිමක එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට තවමත් රජයට නොහැකි වී ඇති බැවිනි.

එපමණක් නොව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයෙක් වූ විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් ඇති වූ පුරප්පාඩුව මාස පහකට ආසන්න කාලයක් පැවැති අතර මේ වන විට ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දුෂ්මන්ත නිහාල් සමරකෝන් මහතා පත් කොට තිබේ.

මේ ආකාරයට ප්‍රබල තනතුරු පුරප්පාඩුව පැවතීම කොමිෂන් සභාව විසින් සිදු කරන අභියාචනා හා පැමිණිලි විමර්ශන අඛණ්ඩව ඉදිරියට යෑමේ ක්‍රියාවලියට බාධාවකි. මේ නිසා ජාතික වශයෙන් වැදගත් හා පොදු ජනතාවට බොහෝ අත්‍යවශ්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීමේ අභියාචනා එකවර මාසයක් දෙකක් හෝ ඊට වැඩි කාලයකට කල් දැමීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් ඍජුවම ජනාධිපතිතුමා හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී කඩිනම්ව පියවර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමත් සමග එහි පළමුවෙන්ම පත් වූ කොමිෂන් සභාව සිය මුල්ම ධුර කාලය 2016.2021 දක්වා වසර 5කින් අවසන් කළේය. එහි සභාපති ධුරය ඇතුළු සෙසු නිලතල සඳහා තොරතුරු පනතේ විධිවිධාන ප්‍රකාරව සාමාජිකයන් පත් කර ගන්නා ලදි. ඒ අනුව පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත හා ජනාධිපතිතුමාගේ එකඟත්වයෙන් එහි මුල්ම සභාපති ලෙස මහින්ද ගම්මන්පිල මහතාද, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම, නීතිඥ එස්.ජී. පුංචිහේවා, ආචාර්ය සෙල්වී තිරුචන්ද්‍රන් යන අය කොමසාරිස්වරුන් ලෙසද කටයුතු කළහ. ඉන් අනතුරුව 2022 වර්ෂයේ සිට මේ දක්වා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාමික උපාලි අබේරත්ත මහතා සභාපති ලෙසද, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි, විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, ඒ. මොහොමඩ් නහීයා යන අය කොමසාරිස්වරුන් ලෙස ද කටයුතු කළහ.

ඒ අතරතුර පසුගිය වසරේ අග භාගයේදී කොමිෂන් සභාවේ සාමාජික විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම මහත්මියත්, මේ වසරේ මාර්තු මාසයේදී එහි සභාපති ධුරයේ කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඉල්ලා අස්විය. ඉන්පසු විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම මහත්මියගෙන් හිස්වූ ධුරයට පාර්ලිමේන්තුව මගින් මෙම වසරේ ජනවාරි මාසයේදීත්, පසුව එකී ඉල්ලුම් කිරීමේ කාලය නැවත දීර්ඝ කිරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් පළවෙනිදා දක්වාත් සුදුස්සන්ගෙන් අයදුම් පත්‍ර කැඳවන ලදි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දුෂ්මන්ත නිහාල් සමරකෝන් මහතා පත් කරන ලද්දේ ඒ අනුවය.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇති වී තිබෙන පුරප්පාඩුව පිරවීමට නිර්දේශ කිරීම සඳහා ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවිය යුතු වේ.

පනතේ විධිවිධානවලට අනුව කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතු බව දක්වා ඇත. තවද, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු, යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් හෝ යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතු අතර යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදෙන අයෙකු විය යුතුය. කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පවත්වා ගැනීම සඳහා ඉහත නිර්ණායක ඔස්සේ සුදුස්සන් පත් කර ගැනීමට ජනතාව සතුව ද සුවිශේෂී වගකීමක් තිබේ. එපමණක් නොව තොරතුරු කොමිෂන් සභාවේ කාර්යයන් ඉදිරියට පවත්වා ගැනීම සඳහා රජය මගින් සැපයෙන භෞතික හා මානව සම්පත්වල අඩු ලුහුඬුකම් පවතින බවටද එම කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත. අනුමත සේවක ප්‍රමාණයෙන් මේ වන විටත් තනතුරු 18ක් පුරප්පාඩු වී තිබේ. එය සමස්ත අනුමත තනතුරු ප්‍රමාණයෙන් සියයට පනහක් දක්වා වූ හිඟ ප්‍රමාණයකි. දෙමළ භාෂා පරිවර්තක තනතුර ද ඇතුළුව පර්යේෂණ නිලධාරීන්, තොරතුරු තාක්ෂණික නිලධාරීන්, ලඝු ලේඛක හා ප්‍රධාන නීති අධ්‍යක්ෂක තනතුර ද ඒ අතර තිබීම ම තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයකි.

පැමිණිලි හා අභියාචනා විමර්ශන කටයුතුවලදී කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ අවශ්‍ය ගණපූර්ණය පවත්වා ගැනීමට නොහැකිවීම නිසා එහි සභාපති ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, කොමිෂන් සභාවේ අභ්‍යන්තර පරිපාලනමය කටයුතු නිසි පරිදි ක්‍රමානුකූල ඉදිරියට ගෙනයෑමට නම් පවත්නා මානව සම්පත් හිඟයද කඩිනමින් පියවා ගත යුතුව පවතී.

සාමාන්‍යයෙන් වසරකට ඉතා ඉහළ අභියාචනා හා පැමිණිලි විමර්ශන ප්‍රමාණයක් කොමිෂන් සභාව මගින් විභාගයට ගනු ලබන අතර, පසුගිය 2024 වර්ෂයේදී එම ප්‍රමාණය 2,000කට ආසන්න විය. එබැවින් රටේ පවතින එක් වැදගත් සක්‍රීය කොමිෂන් සභාවක් විය යුතු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබෙන ‘ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව’ සිය මහජන සේවය ලබා දීම පිණිස සුදුසු නෛතික ප්‍රතිපාදන සහිතව, භෞතික හා මානව සම්පතින් නිසි පරිදි බලාත්මක කළ යුතුව පවතී.

ජනක බෝකුඹුර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විශේෂාංග

ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?

විශේෂාංග

මාර්ගගත අධ්‍යාපනය කොයිබටද?

විශේෂාංග

වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

විශේෂාංග

වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි

විශේෂාංග

ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok