පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2029 වසර දක්වා නොවෙනස්ව පවත්වන බවත් ඉන් පසුව තවදුරටත් එම විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධව නිර්දේශ ලබා ගැනීම සඳහා විශේෂඥ කමිටුවකට භාර දෙන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.
තව ද එම විභාගය දරුවන්ට පීඩනයක් නොවන අන්දමින් පැවැත්වීම සඳහා එම විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට අධ්‍යයනයක් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවත් තවදුරටත් එම විභාගය පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ඉහත කමිටුවේ තීරණය මත ක්‍රියාත්මක වන බවත් ඔහු කීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන