7ක් රෝහලේ
හඳුනා නොගත් ආහාර විෂ වීමේ සිදුවීමක් හේතුවෙන් උතුරුදිග ප්‍රංශ නගරයක පදිංචි 12 හැවිරිදි ගැහැණු දරුවකු මියගොස් ඇති අතර තවත් ළමුන් 7 දෙනකු රෝහල්ගත කර තිබේ.
ප්‍රංශයේ ලිලි නගරයට උතුරින් පිහිටි සෙන්ට් ක්වෙන්ටින් ප්‍රදේශයේ ළමුන් අතර ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ ඉකුත් ජුනි 12 වැනිදා සිට මතුවෙමින් පවතින අතර එතැන් සිට අදාළ ළමුන් පිරිස ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
මෙසේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති ළමුන් තුළ ලේ සහිත පාචනය ඇතුළු රෝග ලක්ෂණ මතුවූ බව වාර්තා වේ. ප්‍රංශ බලධාරීහු ළමුන් අතර ව්‍යාප්ත වී තිබෙන මෙම ආහාර විෂ වීමේ තත්ත්වයට මුල්ව ඇති බැක්ටීරියාව හඳුනා ගැනීම සඳහා පර්යේෂණ පවත්වමින් සිටිති.