එදා රනිල් අයි.එම්.එෆ්. මත පමණක් යැපුණේ නෑ වෙනත් උපායමාර්ගත් ඔහුට තිබුණා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ ආර්ථික විශේෂඥයන්, බලවතුන් ශ්‍රී ලංකාවට විරුද්ධව නඩු දමා තිබියදී රට බංකොලොත් භාවයට පත්වී තිබිය දී කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් මෙවැනි අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමා එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාවට නැංවූයේ.
උදාහරණයක් හැටියට එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පමණක් යැපුණේ නෑ. වෙනත් ජාත්‍යන්තර ආර්ථික දේශපාලන උපාය මාර්ගගත් එතුමා සතුව තිබුණා. එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හසුරුවන ගමන්, ජාත්‍යන්තර දේශපාලනය හසුරවන ගමන්, ජාත්‍යන්තර ආර්ථිකය හසුරවන ගමන්, ජාත්‍යන්තර වශයෙන් ලෝකය මුහුණ දෙන තත්ත්වත් සමග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව එතුමාට හොඳ දැක්මක් තිබුණා.
බෙදීමට වඩා එක්වීම හොඳයි කියලයි මං විශ්වාස කරන්නේ. නමුත් මහජනතාව මහජන නියෝජිතයන්ට වගකීමක් දීලා තිබෙනවා විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය ඉටු කරන්න කියලා. එතකොට ඒ විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය රහසේ ප්‍රදර්ශනය කරන අවස්ථාව පසුවුණා. ඒ කියන්නේ ඡන්ද පාවිච්චි කරන අවස්ථාව. එතකොට රහසේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ එහි ප්‍රතිඵලය ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. දැන් සඟවන්න දෙයක් නෑ. විරුද්ධ පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා, ආණ්ඩු පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා.
එහෙනම් දැන් නැවත විරුද්ධ පක්ෂය රහස්‍යභාවයට යනව නම් ඒ කියන්නේ සොරකමක් සඳහා ගමන් කිරීමයි කියන එක තමා මගේ කල්පනාව. හැබැයි ඒකෙනුත් රටට යහපතක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. මොකද ජේවීපි එකයි පොහොට්ටුවයි එකතු වෙනවා, ජේවීපි එකයි සජබෙයි එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂෙයි සජබෙයි එකතු වෙනවා. සියලුදෙනා එකමුතුවෙලා. ඉතින් බලමු මෙතෙක් අවසාන ප්‍රතිඵලය 339ක් ආයතන අවසානයේ බලය පිහිටුවනකොට සාමූහික එකමුතුකමක් ඇති වුණොතින් ඒක ඉතා වැදගත් කියලයි මං අවසාන වශයෙන් විශ්වාස කරන්නේ.
ගාල්ල – ලලිත් චාමින්ද සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්