Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැප්පිලි මැද බලය පිහිටුවයි – ස.ජ.බ. මන්ත්‍රීගේ සහයෙන් කොළොන්නාවේ බලය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හැප්පිලි මැද බලය පිහිටුවයි – ස.ජ.බ. මන්ත්‍රීගේ සහයෙන් කොළොන්නාවේ බලය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හැප්පිලි මැද බලය පිහිටුවයි – ස.ජ.බ. මන්ත්‍රීගේ සහයෙන් කොළොන්නාවේ බලය මාලිමාවට

June 19, 2025
973 Views

මාලිමාවට-5ක් – සජබට-6ක් – කම්කරු කොංග්‍රසය-1යි
ස.ජ.බ. මන්ත්‍රී පොලිස් රැකවල් මැද රැගෙන යයි
වත්තල සජබට: උප නගරාධිපති එජාපයෙන්

තවත් පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමේදී පෙරළි රැසක් මෙන්ම උණුසුම් තත්ත්වයන් රැසක් ඊයේ (18දා) දිවයින පුරා වාර්තා විය.

මෙහිදී පළාත් පාලන ආයතන 5 ක බලය ජාතික ජන බලවේගයට ද තවත් පළාත් පාලන ආයතන 6 ක බලය සමගි ජන බලවේගයට ද හිමිවිය. තවත් පළාත් පාලන ආයතනයක බලය ලංකා කම්කරු කොංග්‍රසයට ද හිමිවිය.

කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගත් අතර එහි විශේෂත්වය වූයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන සුනිල් කුමාර කොස්තා මහතාගේ සහාය ජාතික ජන බලවේගයට ලැබීමයි.

මෙහිදී නගර සභාපතිවරයා පත් කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව නගර සභා මංගල සභා රැස්වීම ඊයේ පවත්වනු ලැබීය.

මෙහිදී සභාපතිවරයා තේරීමට ඡන්ද විමසීම තීරණය කිරීමේදී මත 2ක් ඉදිරිපත් වූ අතර එහිදී සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය රහස් ඡන්දයකට යෑම විරුද්ධ වීම හේතුවෙන් සභාව තුළ නොසන්සුන්තාවයක් ද හට ගැනිණි.

ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සභිකයන් 10 දෙනාගෙන් 9 දෙනකු සභාගර්භයෙන් පිටව ගිය අතර එක් අයකු සභා ගර්භයේ රැඳී සිටියේය.

පසුව සභාපතිවරයා තේරීම සිදු කළ අතර එහිදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සභිකයා ඡන්ද 10 ක් ලබා ගත්තේය.

ඒ අනුව කොළොන්නාව නගර සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ මොන්ටි ධම්මික මහතා ද උප සභාපති ලෙස සේනක සමන් සෙනෙවිරත්න මහතා ද තේරී පත්විය.

මේ අතර ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් සමගි ජන බලවේගයේ සභිකයා වන සුනිල් කුමාර කොස්තා මහතා පොලිස් ආරක්ෂාව මැද සභා ගර්භයෙන් පිටව ගියේය.

එසේම ජාතික ජන බලවේගයට ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සභිකයා වන සුනිල් කුමාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත්තේය.

මේ අතර නුවරඑළිය මහ නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) නුවරඑළිය මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එම මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වනිගසේකර මහතා විවෘත ඡන්ද 14 කින් තේරී පත්වූ අතර එම සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා මහතා ඡන්ද 14 කින් තේරී පත්විය.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හර්ෂ රත්නායක මහතාට ඊයේ (18දා) හිමිවිය. ජාතික ජන බලවේගයේ අපේක්ෂක ඩබ්. ඩී. අතුල හේමකුමාර මහතාට උප සභාපති ධුරය හිමිවිය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කන්දකැටිය ප්‍රාදේශීය සභාව සඳහා ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු බැවින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඊයේ ඌව පළාත් පාලන කොමසාරිස් ඩී. එම්. එල්. එච්. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කහවත්ත ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට හිමි විය.

කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් නාම යෝජනා ඉදිරිපත් කළ ශාන්ත ප්‍රියංකර ගුරුගේ මහතා වැඩි ඡන්දයෙන් පත් වීමෙන් එහි පාලන බලය ස.ජ.බ. ඇතුළු කණ්ඩායමට හිමි විය.

පළාත් පාලන පනතට අනුව රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද පවත්වන්නේ යන්න ගැන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසූ විට එම ඡන්ද ක්‍රම දෙකටම යෝජනා ඉදිරිපත්වීම හේතුවෙන් සභාපතිවරයා තෝරා

ගැනීමට පවත්වන ඡන්ද ක්‍රමවේදය ගැන තීරණය කිරීමට ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කළේය.

ඒ අනුව රහස් ඡන්දයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ යෝජනාවට පක්ෂව ඡන්ද හතක් ද විවෘත ඡන්දයක් පවත්වන ලෙස සමගි ජන බලවේගයේ යෝජනාවට අනුව ඡන්ද නවයක් ද ලැබුණි.

පසුව විවෘත ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කළේ මන්ත්‍රීවරුන් වැඩි දෙනකුගේ කැමැත්තට අනුවය.

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ විසින් ශාන්ත ගුරුගේ මහතාගේ නම ද ජාතික ජන බලවේගය විසින් වඩුගේ ප්‍රේම් සම්පත් මහතාගේ නම ද යෝජනා කළ අතර විවෘත ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් 09 දෙනකුගේ ඡන්ද ලබා ගනිමින් ශාන්ත ගුරුගේ මහතා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට මන්ත්‍රීවරුන් හත් දෙනකුගේ ඡන්ද ලැබුණි.

උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පක්ෂ විසින් පී. කේ. එම්. ප්‍රියන්ත මහතාගේ නම යෝජනා කළ අතර ජාතික ජන බලවේගය විසින් නමක් ඉදිරිපත් නොකළේය. ඒ අනුව ඔහු නිතරගයෙන් පත්විය.

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා පොදු ජන එක්සත් පෙරමුණ, පොදු පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂවල සහාය ලැබුණි.

කින්නියා නගර සභාව හා කින්නියා ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරු තෝරාපත් කර ගැනීම සඳහා පෙරේදා (17දා) පැවැති ඡන්ද විමසීමේ දී කින්නියා නගර සභාවේ බලය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහායෙන් සමගි ජන බලවේගය හිමි කරගත් අතර කින්නියා ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයේ සහායෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හිමිකර ගැනීම විශේෂත්වයක් විය.

පළාත් පාලන කොමසාරිස් ඒ. එල්. එම්. අශ්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිලවරණයේදී විවෘත ඡන්ද විමසීම සඳහා සභා දෙකේම සභිකයන් එකඟවීම විශේෂත්වයකි.

මේ අනුව පළමුව කින්නියා නගර සභාව සඳහා සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සභාපති ලෙස සමගි ජන බලවේගයේ මොහොම්මදු මෙයියදීන් මහ්ති මහතා පත්වූ අතර පසුව පැවැති කින්නියා ප්‍රාදේශීය සභා සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සභාපතිවරයා ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඒ. ආර්. එම්. අශ්මි මහතා තේරී පත් විය. කින්නියා නගර සභාවේ උප සභාපති ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ එම්. එස්. අබ්දුල් අසිස් මහතා පත්වූ අතර කින්නියා ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නසුර්දීන් මුසාපික් මහතා පත් විය.

මේ අතර කුලියාපිටිය නගර සභාවේ බලය සමගි ජන බලවේගය හිමිකර ගත්තේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභාවේ නගර සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයාවූ ගාමිණී කරුණාරත්න මහතා කුලියාපිටිය නගර සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ද ඊයේ තෝරා පත් කර ගන්නා ලදී.

මේ අතර නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ මංගල සභා

රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) නුවරඑළිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ වේලු යෝගරාජ් මහතා ඒකමතිකව තේරී පත් වූ අතර එම සභාවේ උප සභාපතිනිය වශයෙන් ජාතික ජන බලවේගයේ හේවගේ ආශා දිල්රුක්ෂි මහත්මිය විවෘත ඡන්ද 13ක් ලබාගනිමින් තේරී පත්විය.

එම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා තේරීම සඳහා ජාතික ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා වූ නිසා උප සභාපතිවරයා තෝරාපත් කර ගැනීම විවෘතව පැවැත්වීමට බහුතර සභිකයන්ගේ එකඟතාවය මත පැවැත්විණි.

උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ දෙදෙනාට ඡන්ද 5 ක් සහ ඡන්ද 4 ක් වශයෙන් ලැබුණු අතර ස්වාධීන මන්ත්‍රීවරු දෙදෙනකු ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.

නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභාපතිවරයා කියා සිටියේ, ජාතික ජන බලවේගය සමග එක්වී නුවරඑළිය ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බවයි.

  1. නුවරඑළිය ප්‍රාදේශීය සභාව (මන්ත්‍රී ධුර 24)
  • ජාතික ජන බලවේගය – 07
  • ලංකා කම්කරු කොංග්‍රසය – 06
  • සමගි ජන බලවේගය – 05
  • ස්වාධීන (01) – 02
  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 01
  • එක්සත් ජාතික පක්ෂය – 01
  • ස්වාධීන (02) – 01
  • ස්වාධීන (03) – 01

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගය සමත් විය.

ඒ අනුව කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ නන්දසිරි පරාක්‍රම මහතා කුරුණෑගල පන්නල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ඊයේ තෝරා පත් කරගන්නා ලදී.

මේ අතර වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට ඊයේ (18දා) හිමිවිය.

ඒ අනුව වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ සභිකයා වූ චමින්ද දසනායක මහතා වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා ලදී.

පෑලියගොඩ නගර සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෙන් තරග කළ මහදුරගේ කපිල සමන් කීර්ති මහතා වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කරමින් පෑලියගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

මෙම ඡන්ද විමසීම 18 වැනිදා දහවල් බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විවෘත ඡන්දයකට යන ලෙස මන්ත්‍රීවරුන් හත්දෙනකු ඉල්ලා සිටි අතර රහස් ඡන්දයකට යන ලෙස ජාතික ජන බලවේගය ඇතුළු සභිකයන් 9 දෙනකු ඒ සම්බන්ධයෙන් කළ මත විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ මහදුරගේ කපිල සමන් කීර්ති මහතා වැඩි ඡන්ද දෙකකින් සභාපතිවරයා ලෙස තේරී පත්විය.

එම පක්ෂයම නියෝජනය කළ අරුණ ශාන්ත මන්ත්‍රීවරයා උප සභාපතිවරයා ලෙස තේරී පත්විය. සභිකයන් 17 දෙනකුගෙන් යුතු පෑලියගොඩ නගර සභාවේ සභාපතිවරයාට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද එහි පැමිණ සුබපැතුම් එක් කළේය.

වත්තල – මාබෝල නගර සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට ඊයේ (18දා) හිමි විය.

ඒ අනුව වත්තල – මාබෝල නගර සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ විජයරාජ ප්‍රකාශ් මහතා වත්තල – මාබෝල නගර සභාවේ අභිනව නගර සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගන්නා ලදී.

තලවකැලේ ල`ිදුල නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරු 3.30 ට තලවකැලේ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මලිදුව ලියනගේ උපාලි මහතා විවෘත ඡන්ද 06 කින් තේරී පත්වූ අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සින්නයියා පෙරියසාමි රොසාන් රාජසේගර් මහතා ඡන්ද 06 කින් තේරී පත්විය.

මෙම නගර සභාවට සභාපතිවරයා තෝරා පත් කර

ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර කඳුරට ජනතා පෙරමුණේ තාලමුත්තු සුදාගර් මහතාගේ නම පළමුව යෝජනා වූ අතර දෙවැනුව මලිදුව ලියනගේ උපාලි මහතාගේ නම යෝජනා විය.

ඒ සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට සභිකයන් 06 දෙනකු යෝජනා කළ අතර රහස් ඡන්දයක් පවත්වන ලෙසට සභිකයන් 05 දෙනකු එකඟතාවය පළ කළ අතර එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැළැකී සිටියහ.

තලවකැලේ – ලිඳුල නගර සභාව (මන්ත්‍රී ධුර 12)

  • කඳුරට ජනතා පෙරමුණ – 03
  • ජාතික ජන බලවේගය – 04
  • ලංකා කම්කරු කොංග්‍රසය – 02
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 01
  • සමගි ජන බලවේගය – 02
    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රාදේශිය මාධ්‍යවේදීන්
    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, කහවත්ත – සමරවීර නිරෝෂණ, කන්දකැටිය – ජී. චතුරංග, කන්තලේ – එච්. එම්. වික්‍රමසිංහ, නුවරඑළිය – නාලක රත්නායක, කැලණිය – මංගලා මදුරප්පෙරුම, හැඳල – ස්ටැනිස්ලස් පයස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

ප්‍රාදේශීය පුවත්

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok