හෝමාගම මූලික රෝහලේ නොසැලකිල්ලෙන් රෝගියකු මියගියැයි ඥාතීන් එල්ල කරන චෝදනාවට අදාළව හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් ඊයේ (18 දා) කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී එම මියගිය රෝගියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එහිදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණු බව මීගොඩ පොලිසිය පවසයි.
මියගිය අයගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව ද පොලිසිය කියයි.
එක් අතක ඇඟිල්ලක ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව සිටියදී මෙලෙස මියගොස් තිබුණේ පනාගොඩ, බෝධිය පාර, පැලෑඳගොඩ මුදලිගේ ජයසිරි පෙරේරා නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය තලංගම ප්‍රදේශයේ නිවසක වැඩ කරමින් සිටියදී කකුලක් කැඩුණු අල්මාරියක් වෙනත් ස්ථානයකට රැගෙන යෑමට ඇල්ලීමේදී ඔහුගේ දකුණු අතේ මැදඟිල්ල අල්මාරියට යටවී තිබේ. එහිදී ඇඟිල්ලේ නියපොත්ත ගැලවී ඇඟිල්ලේ පළමු පුරුක පුපුරා ගොස් තිබේ. පසුව එම
රෝගියාව තලංගම රෝහලට රැගෙන ගොස් ඇති අතර එම රෝහල ඔහු භාර නොගැනීම නිසා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
රෝහලේ නොසැලකිල්ල මත තම ඥාතියා මියගිය බව සඳහන් කරමින් ඔහුගේ පවුලේ අය මීගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය ද මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීය.
මේ ගැන හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි එරංගා රාජපක්‍ෂ මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහලේදී විශේෂ පරීක්‍ෂණයක් සිදුවන බවයි. මල්ලි ඇඟිල්ල තැළිලා බෙහෙත් දාගන්න රෝහලට ගියේ. මල්ලි අයි සී යූ එකේ
ඉන්නකොට තුන්වරුවම බලන්න ගියේ මමයි. මේ කාර්ය මණ්ඩලයේ ඩොක්ටර්ස්ලා එක්කෙනාට එක්කෙනා බෝලෙ පාස් කළා යැයි මියගිය අයගේ වැඩිමහල් සොයුරිය පැවැසුවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු