Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තුන්වන ලෝක යුද්ධය ඇරඹීම සහ ඉන්දියන් සාගරයේ හිඟා කෑම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තුන්වන ලෝක යුද්ධය ඇරඹීම සහ ඉන්දියන් සාගරයේ හිඟා කෑම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

තුන්වන ලෝක යුද්ධය ඇරඹීම සහ ඉන්දියන් සාගරයේ හිඟා කෑම

June 17, 2025
1152 Views

(මෙය අලුත්ම ආතල් එකකි)

මැදපෙරදිග යුද්ධය පිළිබඳ අලුත්ම තත්ත්වය මෙසේය.

  1. යුද්ධය සමථයකට පත් කිරීම සඳහා ව්ලැඩිමීර් පුටින් කැමැත්ත පළ කර ඇත.
  2. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමීනි මොනම හේතුවකටවත් ඝාතනය නොකරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට දන්වනු ලැබ ඇත.
  3. මැදපෙරදිග යුද්ධය මෙසේම පැවැතුණොත් අමුතෙල් බැරලය ඩොලර් 300 දක්වා ඉහළ යනු ඇතැයි තෙල් නිෂ්පාදනය කරන රටවල් යුරෝපයට දන්වා තිබේ.
  4. ඉරානයට පහරදීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට අනියමින් අනුමැතිය ලබාදී ඇති බව හෙළි වී තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය සමගි කිරීම සඳහා කිසිදු පියවරක් ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නොහැක. ඔහු ඊට පෙර කළ යුතුව ඇත්තේ තම රට සහ යුක්රේනය අතර තිබෙන යුද්ධය නැවැත්වීම ය. එය වුණත් නොවුණත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු යනු කිසිදු කෙනකු කියන දෙයක් අසන තැනැත්තකු නොවේ. ඔහු පුටින් තබා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේකටවත් සවන් දෙන්නේ නැත. ඉස්ලාම් ගරිල්ලන් සමග ඔහුට ලොකු ඇරියස් එකක් තිබේ. මෙයට දශක ගණනාවකට පෙර උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපළේ දී ඇති වූ ගැටුමක දී පලස්තීන ගරිල්ලන් විසින් නෙතන්යාහුගේ වැඩිමහළු සහෝදරයා වූ යොනතන් නෙතන්යාහු ඝාතනය කරන ලදී. මේ අතර වැඩිවිය හැකි තෙල් මිල ගැන බලමු. සාමාන්‍යයෙන් මේ දිනවල ජාත්‍යන්තර වෙළෙඳපොළේ අමුතෙල් බැරලයක් ඩොලර් 110 සිට 150 දක්වා මිල ගණන්වලට අලෙවි වේ. එනම් කෑෂ්වලට ගත්තොත් ඩොලර් 110 ත් 120ත් අතර මිලකට තෙල් ලබාගත හැකිය. එහෙත් ණයට ගන්නවා නම් තෙල් බැරලය ඩොලර් 150 පනී. අමු තෙල් බැරලය යම් හෙයකින් ඩොලර් 300කට ගියොත් පෙට්‍රල් ලීටරය අඩුම ගණනේ රුපියල් 1000 ක් වත් වන බව අප මතක තබාගත යුතුය. ඩීසල් ලීටරය ද ඒ හා කිට්ටු මිලකට එනු ඇත. එවිට ස්ථිර වශයෙන්ම පාන් රාත්තල රුපියල් 500 ට යයි. දැනටමත් රුපියල් 495 ට පාන් වෙළෙඳපොළේ තිබේ. ඒවා පෙති ගසා අසුරන ලද කල්තබා ගත හැකි පාන් ය. මෙවැනි පාන් ගෙඩියක් රුපියල් 1000 ක් වත් වෙනවා ඇත. ලෝකයේ සෑම රටකම ආර්ථිකය දුවන්නේ තෙල්වලිනි. තෙල් මිල ඉහළ ගියොත් ලෝක ආර්ථික යාන්ත්‍රණය එතැනම නවතී. මෙහිදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමීනි නොමරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඉතා වැදගත් ඉල්ලීමක් බව කිව යුතුය. යම් හෙයකින් අල් කමීනිට අත තිබ්බොත් මුළු මහත් ඉරානයත් ඉරානයට සහයෝගය දෙන රටවල් සියල්ලමත් අතට හසුවන කැති, මන්න, පොලු යනාදිය රැගෙන එළියට බහිනවා ඇත. මෙතැන් සිට පටන් ගන්නේ ලේ විලකි. ඔවුන් හැම රටකම අභ්‍යන්තරයෙහි විශාල ලේ හැලීම් සිදුකරනවා ඇත. මුස්ලිම් මිනිසා යනු ජනාධිපතිවරයකු විසින් නොව දෙවියන් විසින් පාලනය කරනු ලබන ජාතියකි. අයතුල්ලා අල් කමීනි යනු මොහම්මද්තුමා තරම් ඉහළ කෙනකු නොවූවද දෙවියන්ගේ නියෝජිතයෙකි. දෙවියන්ගේ නියෝජිතයාට අත තැබීම ඉස්ලාම් භක්තිකයන් විසින් සලකනු ලබන්නේ දෙවියන්ට අත තැබීමක් ලෙසය. මේ නිසා අයතුල්ලා අල් කමීනිගේ ලේ බිංදුවක් හෙල්ලුවොත් ඊශ්‍රායලයේ ලේ බැරල් එකක් හෙල්ලීමට ඉස්ලාමීය ලෝකය උත්සුක වෙනවා ඇත. එබැවින් මැදපෙරදිග අද පවතින යුද්ධය ඉතා පරිස්සමෙන් කළමනාකරණය කළ යුතුය. පැමිණිලිකරු විත්තිකරුගෙන් හෝ විත්තිකරු පැමිණිලිකරුගෙන් පලිගැනීම කිසිසේත්ම නොකළ යුතුය. පලිනොගැනීමෙන් බොහෝම දේවල් කළ හැකි බව ජේ. ආර්. ජයවර්ධන දෙවන ලෝක යුද සමයේ දී පෙන්වා දී ඇත. දෙවන ලෝක යුද්ධයේ පාර්ශ්වකරුවකු වූ ජපානයට, දඬුවම් කිරීම සඳහා සැන් ප්‍රැන්සිස්කෝ සමුළුවේ දී යෝජනාවක් ඉදිරිපත් වූ විට, වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කියැවෙන බුදුවදන මෙනෙහි කරමින් ජපානයට සමාව දෙන ලෙස ජේ. ආර්. ජයවර්ධන ඉල්ලා සිටියේ ය. අන්තිමේ දී ජපානයට එම සමාව ලැබුණි. අද ජපානය ලෝකයේ ධනවත්ම රටවල්වලින් එකකි. එදා ඔවුන්ට සමාව නොලැබුණා නම් ලෝක යුද්ධයෙන් හානි වූ රටවල්වලට විශාල වන්දියක් ගෙවීමට ඔවුන්ට සිදුවේ. එසේ නම් ජපානය අදටත් සිටින්නේ ලංකාවේ තත්ත්වය හා සමානව ය. එසේ වුවද පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව විසින් අවස්ථා කිහිපයකදීම ජපානය රවටනු ලැබ ඇත. ඒ ගැන පසුව කතා කරමු.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමට ඉඩ තිබේ. දැනටමත් හමාස් සංවිධානය ඉරානයට සහයෝගය පළ කර තිබේ. ඒ අතර යේමනයේ හූති ගරිල්ලෝ ද ඉරානයට සහය දීමට පොරොන්දු වී ඇත්තාහ. යේමනය යනු “උන්නත් එකයි මලත් එකයි” චින්තනය අනුගමනය කරන රටකි. නිතර යුද්ධවලට මැදිවන මේ රට පැය 24 ම වුවද යුද්ධ කිරීමට කැමතිය. ඔවුන්ගේ විනෝදාංශය වන්නේ සතුරන් මරාගෙන මැරීම ය. ඔවුන්ගේ රස්සාව යුද්ධ කිරීමය. ඒ නිසා තුන්වන ලෝක යුද්ධය සඳහා අවශ්‍ය පසුබිම සකස් වී තිබේ. අප ඊයේ ද මෙහි සඳහන් කළා මෙන් තුන්වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් අපට සිදුවන්නේ බෝට්ටුවල නැඟී පොල්කටු අතට ගෙන ඉන්දියන් සාගරය දිගේ හිඟා කෑමට ය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
කතුවැකි

පරාටා තරම් රසවත් නැති පරාටේ

කතුවැකි

ගම්සභා ක්‍රමයෙන් පාඩමක් ගනිමු

කතුවැකි

බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය

කතුවැකි

දිව්‍ය ලෝක සැප සහ මීළඟ යුද්ධය

කතුවැකි

හිඟාකෑම නමැති රමණීය වෘත්තිය…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok