Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය

June 29, 2025
686 Views

2025 ජුනි මස 29 වැනිදා ඉරිදා

අප්‍රිකා මහාද්වීපය තුළ මධ්‍යම අප්‍රිකානු ජනරජය නමැති රටක් තිබේ. 1970 ගණන්වල මැද භාගයේදී මේ රටේ ජනාධිපතිව සිටියේ ජීන් ලූක් බොකාසා නමැති පුද්ගලයෙකි. බොකාසා රටේ ජනාධිපති මෙන්ම රටේ සිටි ලොකුම පිස්සා ද විය. ජනාධිපති වී ටික කලකට පසු ඔහු රත්තරනින් ඔටුන්නක් සාදා එය පැලඳගෙන මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති තනතුර ලබාගත්තේය. රටේ හැම දෙයක්ම තිබුණේ බොකාසා යටතේය. ඔහුට බිරියන් 17 දෙනෙක් වූ අතර මේ හැම එක්කෙනාටම විවිධ බිස්නස් තිබිණ. රටේ පාසල්වලට නිල ඇඳුම් සැපයීම කරන ලද්දේ එක බිරියක විසිනි. ඇගේ ටේලර් සාප්පුව අප්‍රිකාවේ තිබූ ලොකුම ටේලර් සාප්පුවලින් එකක් විය. රටේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය දෑ සපයන ලද්දේ තවත් බිරියක විසිනි. මේ අතර රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සියලු කරුණු තවත් බිරිඳක් යටතේ පැවතිණ. සියලුම රෝහල් තිබුණේ ඇය යටතේය. ඒ සියලුම රෝහල්වලට බඩු ගෙන්වන ලද්දේ ඇය විසිනි. මේ රෝහල්වලට බේත් ගැනීම සඳහා එම බිරිඳ විසින් රට පුරාම ෆාමසි ඇර තිබිණ. අන්තිමේදී බොකාසාට රාජ්‍යය අහිමි වූ අතර බිරින්දෑවරු ඔවුන්ගේ දරුවන් ද සමග හිරේ ගියහ.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ අයට සිදුවී තිබෙන ඉරණම දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යන කාරණයක් තිබේ. ඒ වූ කලී මධ්‍යම අප්‍රිකාවේ කතාව ඒ විදිහටම පුනරුච්චාරණය වී ඇති බවය. අද කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම අල්ලස් චෝදනා එල්ල වී තිබේ. මේ චෝදනාවලින් බේරී සිටින්නේ ගෙදර සිටින පූසා සහ බල්ලා පමණක් වන්නට පුළුවන. යම් හෙයකින් මේ ගෙදර ගිරවකු ඇති කළා නම් බරපතළ තත්ත්වයක් උද්ගතවීමට තිබිණ. ඒ එම ගිරවා ස්ථිර වශයෙන්ම රජයේ සාක්ෂිකාරයකු බවට පත්වන නිසාය. ගිරවුන්ට යම් දුරකට කතා කිරීමට පුළුවන. එය හිතාමතා කරන කතාවක් නොව අනුන් කියන දේවල් කටපාඩම් කරගෙන පුරුද්දට කරන කතාවකි. ඇමැතිතුමාගේ ගෙදර සිදු වූ කතාබහ ගිරවාට ඇසෙන්නට ඇති. ඌ ඒවා කටපාඩම් කරගෙන සීඅයිඩියට කිව්වේ නම් වෙන්නට තිබූ ඩැමේජ් එක ඉතා විශාලය.

මේ මොහොතේදී මෙලොව තිබෙන්නේ එකම දේශපාලන කණ්ඩායමක් පමණි. ඒ වූ කලී ධනවාදී දේශපාලන කණ්ඩායමයි. සමාජවාදී සහ කොමියුනිස්ට් යනුවෙන් හැඳින්වෙන රෙද්ද දවටාගත් රටවල් කීපයක් මෙලොව තිබෙන නමුත් ඒවා සම්පූර්ණයෙන්ම බොරු රඟපෑම්ය. චීනය පෙනී සිටින්නේ සමාජවාදී රටක් ලෙසය. එහෙත් ලෝකයේ තිබෙන සියලුම ධනවාදී ඩීල්වල ඔවුහු සිටිති. උතුරු කොරියාවේ නායකයා වන කිම් ජොං උන් පෙනී සිටින්නේ මාඕ සේතුංගේ බාල සහෝදරයා ලෙස ය. ඔහු රටේ ජනතාවට සමාජවාදය දේශනා කරන අතර සියලුම ධනවාදී සැප සම්පත් අනුභව කරයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලන මුහුණුවරය. මේ දේශපාලන මුහුණුවර තුළ සිට ඕනෑම වංචාවක් කළ හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලෙස සලකනු ලැබේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ සිට රඹුක්වැල්ල පවුලේ උදවිය විශාල දේශපාලන නාඩගමක් නටා තිබෙන බව දැනට ලැබෙන වාර්තා මගින් පෙනී යයි. එහෙත් මේ කිසිවක් තවමත් ඔප්පු වී නැත. ඒ නිසා රඹුක්වැල්ලවරු තවමත් නිර්දෝෂී මිනිස්සු වෙති. අප මෙතැන් සිට කතා කරන්නේ රඹුක්වැල්ල පවුල පැත්තකින් තබාය. පසුගිය කාලයේදී මේ රටේ දේශපාලනය තුළ චෞර පවුල් රාශියක් පහළ වූහ. මේ පවුල් සමූහය හැකි සෑම විටම ජනතාවගේ මුදලුත් ආණ්ඩුවේ මුදලුත් ගසා කෑහ.

මේ දේශපාලන කණ්ඩායම් ලාභ ඉපදවිය හැකි හැම අමාත්‍යාංශයකටම රිංගා ගත්හ. කෙනෙක් සිටියේ වරායේය. තව කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට සෙට් විය. තවත් කෙනෙක් ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩකටයුතු කළේය. විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධකම් පැවැත්වූ තව සමහරු පිටරටවල තිබෙන මෙරට තානාපති කාර්යාලවල සේවය සඳහා සීමාවක් නැතුව සිය ඥාතීන් පටවා හැරියහ. 1970න් පසු මේ රටේ බලයට පත්වූ හැම අමාත්‍යාංශයක්ම දූෂිතය. එක්කෝ ඇමැතිතුමා හොරෙකි. ඇමැතිතුමා හොඳ නම් ලේකම් හොරෙකි. ලේකම් හොඳ නම් ටෙන්ඩර් බෝඩ්වල සිටින අය හොරුය. ඔවුහු හොඳ නම් අමාත්‍යාංශවලට බඩු මිලදී ගන්නා අංශවල කට්ටිය හොරුය. මෙයට කලකට පෙර මේ රටේ එක් අමාත්‍යාංශයක සිටි එක් ඇමැතිවරයෙක් තම ආණ්ඩුව පැරදීමට යන බව උපකල්පනය කර අමාත්‍යාංශයේ තිබූ කාපට් ද සෝෆා සෙට් ද ගෙදර ගෙන ගියේය. තවත් ඇමැතිවරයෙක් අමාත්‍යාංශය සඳහා ඉතා වටිනා සෝෆා සෙට් එකක් හැදීමට ලීබඩු සාප්පුකාරයකුට භාරදී අමාත්‍යාංශයේ මුදලින් බිල ගෙවා එම සෝෆා සෙට් එක තම මන්දිරයට පිටත් කර හැරියේය. මේ කිසිකෙනෙක් ගැන කවුරුත් කවදාවත් කතා කළේ නැත. හැබැයි පොලිස් රාලහාමි කෙනෙක් පැමිණිල්ලක් දැමීමට එන ගැමියකුගෙන් බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් ගැසූ විට එම තැනැත්තා අල්ලස් දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොල් ගෙඩි 2ක් හොරෙන් කැඩීමේ වරදට රිමාන්ඩ් වී ඇප ගෙවා ගැනීමට බැරිව අවුරුදු ගණන් රිමාන්ඩ් හිරගෙවල්වල ලගින මිනිස්සු මේ රටේ වෙති.

දැනට එල්ල වී ඇති චෝදනා සමූහයේ හැටියට රඹුක්වැල්ල පවුල වෙනම මොඩලයක පවුලක් බව පෙනී යයි. මේ මොඩලය මේ රටේ බොහෝ තැන්වල තිබෙයි. ඒ සියලු දෙනා අතරින් නීතියට කොටු වූයේ රඹුක්වැල්ලලා පමණි. සෙසු පිරිස ගැන සෙවීම ආණ්ඩුවේ වගකීම ය. අනුර දිසානායකගේ ආණ්ඩුව යටතේ එම වගකීම හරියාකාරවම සම්පූර්ණ වනවා ඇත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
කතුවැකි

ට්‍රම්ප්ගේ බද්ද සහ කිවි ෆෘට් විකල්පය

කතුවැකි

පාසල් වැසෙන තරමට අලුතින් සිරගෙවල් නොඇරේ

කතුවැකි

වෙළෙඳ ත්‍රස්තවාදය

කතුවැකි

ස්වයංපෝෂණය සහ මන්දපෝෂණය

කතුවැකි

ගමෙන් ලියුමක් ඇවිල්ලා ට්‍රම්ප්ගෙන් වාගේ……

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok