Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සියලුදෙනාගේ අවධානය පිණිසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සියලුදෙනාගේ අවධානය පිණිසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

සියලුදෙනාගේ අවධානය පිණිසයි

June 16, 2025
948 Views

“තුන්වන ලෝක යුද්ධය ස්ථිර වශයෙන්ම න්‍යෂ්ටික යුද්ධයකි. එහෙත් හතරවන ලෝක යුද්ධයේ දී මිනිසුන් සටන් කරනු ඇත්තේ පොලු කැබලිවලිනි.”

ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉහත කී ප්‍රකාශය මියයෑමට ස්වල්ප දිනකට පෙර කරන ලදී. මෙයින් හැඟෙන්නේ තුන්වන ලෝක යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් නිසා මනුෂ්‍ය වර්ගයාගෙන් සෑහෙන කොටසක් ද සියලු ඉදිකිරීම් ද නැතිභංගස්තාන වී යන බවය. එවැනි ශූන්‍ය තත්ත්වයක දී මිනිසුන් අත ආයුධ නැත. එබැවින් ඊළඟ යුද්ධයක දී ඔවුනට මිනීමරා ගැනීමට සිදුවන්නේ අතට අසුවන පොලු කැබලිවලින් පමණක් ය. තුන්වන ලෝක යුද්ධයකට අවශ්‍ය කරන පරිසරය අවුරුදු කිහිපයක පටන් ඉස්මතු වෙමින් පවතී. එවැනි යුද්ධයක් හරියාකාරව පටන්ගැනීමට ද කිසියම් රටක් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් විය යුතුය. එතැන් සිට න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගනී. මේ යුද්ධයෙන් පසු කැරපොත්තන් කිහිපදෙනකු ද මිනිසුන් කිහිපදෙනකු ද තිරිසන් සතුන් ස්වල්පයක් ද ඉතිරිවනවා ඇත. එබැවින් මීළඟ ශිෂ්ටාචාරය ගොඩනැඟීමට මනුෂ්‍යයාට සිදුවන්නේ කැරපොත්තන් සමග එකතුවී ය. ඒ කතාව පසෙක තිබියේවා. තුන්වන ලෝක යුද්ධයක් එකවරම සිදු නොවේ. ලෝකයේ රටවල් දෙපැත්තට බෙදී එකවර ගහගැනීම සිදුවන්නේ නැත. එය පටන්ගන්නේ රටවල් දෙකකිනි. ඒ රටවල් දෙකට උදව් කිරීම සඳහා තවත් රටවල් ඉදිරිපත් වෙති. ඔවුන්ට උදව් කිරීම සඳහා තවත් රටවල් ඉදිරිපත් වෙති. මේ ආකාරයෙන් පිරමීඩ ව්‍යාපෘති දෙකක් මෙන් ලෝකයේ රටවල් දෙපැත්තට බෙදී කණ්ඩායම් දෙකක් පමණක් ඉතිරිවන තැනට කටයුතු යෙදේ. බොහෝ විට අප බලාපොරොත්තු වන්නේ තුන්වන ලෝක යුද්ධය ඇමරිකාව සහ රුසියාව අතර පටන්ගන්නා සටනකින් ඇති වන බවය. එහෙත් මේ වනවිට ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැඩිමීර් පුටින් මිත්‍ර සන්ථවයකට අවතීර්ණ වී ඇති බව පෙනේ. මේ නිසා තුන්වන ලෝක යුද්ධය පටන්ගැනීමට සිදුව ඇත්තේ දෙවන පෙළ රාජ්‍ය දෙකකට ය. මේ රාජ්‍ය දෙක කවරේදැයි තවමත් හඳුනාගනු ලැබ නැත. එහෙත් දැනට තිබෙන ඇතැම් රාජ්‍ය එකී දෙවන පෙළ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටී. ඉරානය සහ ඊශ්‍රායලය එවැනි රාජ්‍ය දෙකකි. මේ වෙලාවේ දී මේ රටවල් දෙක එකිනෙකා අතර යුද්ධයක් ආරම්භ කර තිබේ. ඊශ්‍රායලය යනු විශාල වශයෙන් යුද අවි දරන ලොකු රටකි. ඉරානය යනු කවර යුද ශක්තියක් ඇති රටක් දැයි තක්සේරු කළ නොහැකි අතිවිශාල රටකි. මෙයට අවුරුදු පනහකට පමණ පෙර ඉරානය සහ ඉරාකය අතර යුද්ධයක් ඇවිළී තිබිණ. ඒ යුද්ධය කෙළින්ම විසිඅවුරුද්දක් එක දිගට පැවැතිණ. කිසිදු රටක් අනෙක් රටට යටත් වූයේ නැත. අන්තිමේ දී වෙනත් රටවල මැදිහත්වීමෙන් ජයපරාජයකින් තොරව යුද්ධය නිම කරන්නට රටවල් දෙක එකඟ විය. ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබේ. ඉරාකය සතුව ද න්‍යෂ්ටික අවි තිබේ. හැබැයි මේ රටවල් දෙකම ඒ වෙලාවේ දී න්‍යෂ්ටික අවි පාවිච්චි කළේ නැත. එයට හේතුව ඔවුන් න්‍යෂ්ටික අවිවල මූලික අවස්ථාවේ සිටීම ය. එහෙත් අද වනවිට ඒ තත්ත්වය ඉඳුරාම වෙනස් වී තිබේ. ඉරානය යනු ඉතා රහසින් න්‍යෂ්ටික බලවතකු බවට පත්වී තිබෙන රටකි. සදාම් හුසේන්ගේ ඇදවැටීමත් සමග ඉරාකය කුඩා කැබලිවලට කැඩී ගොස් ගෝත්‍රිකයන් විසින් පාලනය කරන පෞර රාජ්‍යයක් බවට පත් වූ අතර දරුණු සිවිල් යුද්ධයක් බවට පත් විය. මේ නිසා ඉරාකය තවදුරටත් මැදපෙරදිග බලවතෙක් නොවේ. මේ අනුව ඉරාකය සතු යුද ආධිපත්‍යය ද ඉරානයට හිමිව තිබේ. මේ මොහොතේ දී ඉරානය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් පවතී. ඊශ්‍රායලය සතුව තිබෙන ආයුධ ගැන කිසියම් ආකාරයක තක්සේරුවක් බාහිර ලෝකයට ඇතත් ඉරානය සතු යුද බලය සහ එහි න්‍යෂ්ටික යුද ආයුධ පිළිබඳ හැඟීමක් ලෝකයට නැත. මේ නිසා ඉරානයට කෙසේ මුහුණ දිය හැකිදැයි කවුරුත් නොදනිති.

ඉරානය සහ ඊශ්‍රායලය අතර තිබෙන යුද්ධය පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිබෙන යුද්ධයට වඩා වෙනස් ය. පලස්තීනයට ප්‍රාථමික ආයුධ මිස න්‍යෂ්ටික ආයුධ කිසිවක් නැත. එබැවින් ගාසා තීරයේ සහ ලෙබනනයේ සිටින හමාස් ගරිල්ලන් ඉතා පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ඊශ්‍රායලයට තිබේ. ඉරානය යනු ඇමරිකාව ගැහුවත් පෙරළා පහර දෙන රටකි. ඒ රටේ යුද්ධය සහ සාමය තීරණය කරනු ලබන්නේ දෙවියන් වහන්සේ විසිනි. අන්තවාදී ඉස්ලාම් කල්ලි ඉරානයේ පාලනයට දැඩි ලෙස සම්බන්ධ වී සිටිති. පාකිස්තානයේ පවතින්නේ ද මෙබඳු තත්ත්වයකි. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධය නිමාවට පත්වී ඇතැයි අප කල්පනා කළ ද ඒ දෙපාර්ශ්වයම සිටින්නේ කිසියම් හෝ තැනකින් ගිනි දැල්ලක් මතුවන තුරුය. ඒ ගිනි දැල්ල මතුවූ සැණින් ඔවුන් සටන් පටන්ගන්නවා ඇත. මේ වෙලාවේ දී ලෝකයේ තැන් දෙදහස් ගණනක යුද ගැටුම් පවතී. රුසියාව සහ යුක්රේනය ඉතා තදින් යුද කර ගනිති. පසුගිය දිනවල එම යුද්ධයේ දී අප හිතනවාට වඩා ඉදිරි පෙළ යුක්රේන යුද සෙබළු සිටියහ. මේ අනුව අපගේ අදහස වන්නේ තුන්වන ලෝක යුද්ධය යම් ප්‍රමාණයකින් දැනටමත් ආරම්භ වී ඇති බවය. මේ යුද තත්ත්වයන් දුරදිග ගියොත් ලංකාව වැනි රටවලට හිඟා කෑමට සිදුවේ. අප තණකොළවලින් හැර අන් කිසිම දෙයකින් ස්වයංපෝෂිත වී නැත. තුන්වන ලෝක යුද්ධය යනු තවමත් හරියට ආරම්භ වී නැති දුම් ස්වල්පයක් පමණක් බව අපගේ මතය වේ. මේ දුමට යටින් ගින්නක් ද ඇති බව සියලුදෙනා මතක තබාගත යුතුය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
කතුවැකි

පරාටා තරම් රසවත් නැති පරාටේ

කතුවැකි

ගම්සභා ක්‍රමයෙන් පාඩමක් ගනිමු

කතුවැකි

බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය

කතුවැකි

දිව්‍ය ලෝක සැප සහ මීළඟ යුද්ධය

කතුවැකි

හිඟාකෑම නමැති රමණීය වෘත්තිය…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok