Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කන්ද උඩරට අත්කම් පිටරටට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කන්ද උඩරට අත්කම් පිටරටට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කන්ද උඩරට අත්කම් පිටරටට

June 29, 2025
159 Views

අපේ නිර්මාණ ලෝකය පුරා ප්‍රචලිත වෙනවා කියලා දැනුනහම හිතට නැගෙන්නේ ආඩම්බරයක්

ආරති වැනි නිර්මාණ වෙළෙඳපොළක් බිහිවෙනවා නම් දේශීය කර්මාන්ත ඉදිරියටත් ආරක්ෂා වේවි

මේ තියෙන්නේ ලෝකයට විවර වෙන තැනක්… ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කවුරුත් උනන්දු වෙන්න ඕන

අරති කියන්නේ ශ්‍රී ලාංකීය දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යන පාලමක් වැනි තැනක්. හරියටම කිව්වොත් ඒක දේදුනු පාලමක් වගේ. මොකද එතන ඒ තරම්ම සුන්දරයි. ඒත් මේක දේශීය නිෂ්පාදන තියෙන, දේශීය නිෂ්පාදනවලට වෙළෙඳපොළක් හදන තැනක් නෙවෙයි. ලෝක බෞද්ධ අබෞද්ධ ඕනෑම පුද්ගලයෙක් ශ්‍රී ලංකාව සිහිපත් කරන හැම විටකම සිහියට නැඟෙන සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිඳින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් තැනක්.

“..අරති….” නමින් මේ තැන නම් වෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ. ඊට පෙර මෙය පැවතුණේ සමරුහල නමින්.

සමරුහලක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට අවශ්‍ය වූයේ දෙස් විදෙස් සංචාරකයන් මාලිගාවට පැමිණ ඒ ගාම්භීර අත්දැකීම අත්විඳ යළි මතකය සිහිවටනයක් සේ රැගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කර තිබීම සඳහායි. සුන්දර මතකයක් එක් කරන්න නම් එය ශ්‍රී ලාංකේය අභිමානය එක්කොට ඊට දළදා සමිඳුන්ගේ පහස එක්කර තැබීමට දළදා මාලිගාවේ පරිපාලන කටයුතු යොදා තිබුණි. ඒ අනුව අත්කම් හස්ත කර්මාන්ත ලාක්ෂා ලී වැඩ කැටයම් පිත්තල ආදියෙන් නිමැවුණු නිර්මාණය සහිත කුඩා අලෙවිසලක් සමරුහල නමින් විවෘත කරන්නට ඔවුහු කටයුතු කර තිබිණි. සමරුහල තවදුරටත් දෙස් විදෙස් බැතිමතුන්ගේත් දෙස් විදෙස් සංචාරකයන්ගේත් නෙත් සිත් ඇඳ බැඳ තබා ගැනීමට උචිත අන්දමේ වැඩිදියුණු කිරීමට දියවඩන නිලමේ නිලංග දෑල මහතා අදහස් කර තිබුණා. ඒ අදහස මත අරති නම් දේශීය නිමැවුම්හල විවෘත විණි. දළදා මාලිග පරිශ්‍රයේ මඟුල් මඩුව ආසන්නයේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය අසල අරති වැජඹෙමින් සිටී.

අරති වැජඹීම මුසාවක් නොවේ. මන්ද එය ශ්‍රී ලංකාවාසී දේශීය නිමැවුම්කරුවන්ට තෝතැන්නක් වීමයි. මේ වනවිට දළදා මාලිගා කාර්ය මණ්ඩලයේ සුපුන් මහතා විසින් අධීක්ෂණය කරමින් පවත්වාගෙන යනු ලබන ආරති ය සඳහා සැපයුම්කරුවන් සියයකට අධික සංඛ්‍යාවක් සිය අත්කම් භාර දෙති.

“දේශීය නිෂ්පාදකයෝ කියන්නේ ඇත්තටම එයාලා ස්වයං නිෂ්පාදනය කරන අය. බහුතරයක් මහනුවර අවට ප්‍රදේශවල ජීවත්වන අය. මේ හැම දෙනාටම තමන්ගේ නිෂ්පාදනය භාර දෙන්න පුළුවන්කමක් අපි උදාකරලා දී තිබෙනවා. සම්භාණ්ඩ පිත්තල, රිදී, ලී, අමු රෙදි ඇතුළු වෙනත් රෙදි වර්ගවලින් නිමැවෙන අත්කම් භාණ්ඩ නිපැයුම්කරුවන්ගෙන් මිලදී ගන්නට අප කටයුතු කරනවා. මෙතැනදී අපි වඩාත් සැලකිලිමත් වුණේ ශ්‍රී දළදා මාලිගාවට උචිත භාණ්ඩයක් නිර්මාණය කරගන්නයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකෙට ගෙනියන්න පුළුවන් කාලයේ තාලයට උචිත වන නිමැයුම් භාරගන්නයි. අප සමග අත්වැල් බැඳගෙන සිටින සෑම දේශීය නිෂ්පාදනකරුවෙක්ම ඒ තත්ත්වය හොඳින් අවබෝධ කරගනිමින් ඔවුන්ගේ උපරිම දක්ෂතා පෙන්වමින් අපට එම නිර්මාණ භාරදී තිබෙනවා සහ ඉදිරියටත් භාර දෙනවා. ඒ අයගේ නිර්මාණ කුසලතා වර්ධනය කර ගැනීමට අපි උපරිම නිදහස ඔවුන්ට ලබා දී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ අගයමින් ඊට හොඳ වටිනාකමක් ලබා දෙන්නට ද අප කටයුතු කරනවා…. සුපුන් මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

අරති දෙස් විදෙස් සෑම සංචාරකයකුටම විවෘතය. අලුයම 6.30 සිට පස්වරු 7.00 දක්වා විවෘතව ඇති බැවින් ඕනෑම අයකුට එහි ගොස් දේශීය නිපැයුම් සාධාරණ අවම මිල ගණන් යටතේ ලබාගත හැකිය. ඉතා උසස් මට්ටමෙන් නිමවා ඇති මෙම නිමැවුම් හුරුබුහුටි බවින් සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දක්වන අන්දමින් උසස් ප්‍රමිතියකට අනුව නිර්මාණය වී තිබේ.

එය සාක්ෂි සහිතව සනාථ කරන්නට දේශීය නිර්මාණ බිහි කරන ඉරේෂ් නවරත්න මහතා ගේ අදහස් මෙලෙස දැක්විය හැකිය.

“මම දැන් වසර දහයක් එකොළහක් තිස්සේ සම් හෙවත් ලෙදර්වලින් පුංචි නිර්මාණ නිෂ්පාදනය කරනවා. ඇත්තටම මම ඒවා කරන්නේ පුදුම ආශාවකින්. මොකද මේවා මගේ ස්ව ශක්තියෙන් කරන දේවල්. මේ කර්මාන්තය මුලින් කළේ මගේ තාත්තා. ඔහු එස්. ඩබ්ලිව්. දයානන්ද ස්වයං රැකියාවක් විදිහට තමයි මුදල් පසුම්බි නිර්මාණය කළේ. පුංචි කාලේ ඉඳන්ම මම හැදුනේ වැඩුනේ එවන් පරිසරයක් තුළින්. ඒ නිසාම මමත් හුරු වුණා තාත්තගේ නිර්මාණ දැකලා ඒවා කරන්න. ඉස්කෝලේ ගියේ පිළිමතලාවේ ශ්‍රී ධීරානන්ද විද්‍යාලයට.

පාසල් ගොස් ගෙදර ආව වෙලේ ඉඳන් මමත් තාත්තාගේ වැඩවලට උදව් වුණා. පුංචි පුංචි නිර්මාණ කළා, කීටැක් හැදුවා. බොත්තම් ආදිය නිර්මාණ කළා. දැන් මම වෙනම තියාගෙන දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙනියන්න පුළුවන් විදියට නිර්මාණ බිහිකරනවා.

මේ වන විට ශ්‍රී දළදා මාලිගාවේ අරති වෙත මගේ නිර්මාණ ලබා දෙනවා. දේශීය විදේශීය විශාල පිරිසක් මේ භාණ්ඩ මිලදී ගන්නවා. දැක්කහම මට වෙලාවකට පුදුමත් හිතෙනවා. මොකද දළදා මාලිගාවෙන් අපි බඩු අරගෙන එතනින් අපේ සම්බන්ධය අවසන් කරන්නේ නැහැ. ඒ අය හැම අවස්ථාවකදීම වගේ අපිට අලුත් අදහස් දෙනවා අලුත් මාර්ග හොයලා දෙනවා. අපේ නිමැවුම් අගය කරනවා. ඒ මත තවත් අලුත් අදහස් ඇති කරගන්නට වගේම අලුත් දැනුමක් එක්කර ගන්නට ඉබේම හිත පහළ වෙනවා. මම දවසින් දවස මොනවාද අලුතින් එකතු කරගන්නේ කියන කල්පනාව මත තමයි වැඩකරන්නේ. මම ජීවත් වෙන්නේ පිළිමතලාවේ පරකටවැල්ලේ.

මගේ නිවසේ ඉඳලා තමයි මම මේ නිර්මාණ කරන්නේ. මට ජීවත්වෙන්න හොඳ ආදායමක් ලබන්නත්, නිදහසේ ජීවත් වෙන්නත් මට මේක අවස්ථාවක්. ඒ අවස්ථාව උදාවුණේ සහ වැඩිදියුණු වුණේ අරති හරහා. ඒ ගැන මම ආඩම්බරෙන් කියන්න කැමතියි. ඒ වගේම තමයි අපි වගේ නිමැවුම්කරුවන්ට මේ වගේ ස්ථාන ලංකාවේ බොහෝ තැන්වල ඇති වෙනවා නම් ඒක ලොකු පිටුවහලක්. ඒ විතරක් නෙවෙයි දේශය නිෂ්පාදනකරුවන් ආරක්ෂා කරගන්නට හොඳ අවස්ථාවක්.

මහනුවර වැඩ සිටින ශ්‍රී දළදා සමිඳුන්ගේ සෙවණ යට මගේම නිර්මාණයක් තියෙනවා දැක්කහම මට ලොකු හැඟීමක් ඇතිවෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, උන්වහන්සේ තමයි අපි ආරක්ෂා කරගන්නේ. මට ඒක විශ්වාසයි……

දේශීය නිමැවුම්කරුවන්ට වෙළෙඳපොළක් නැති වගටත් ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීමට මාර්ගයක් නොමැති බවටත් ඉකුත් කාලයේ ඇතිවූ චෝදනාවන්වලට නවරත්නගේ අදහස් ඉතා කදිම පිළිතුරක්. එපමණක් ද නොව දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීමට මෙවැනි ස්ථාන ඇතිකිරීමටත්, ඒවා නඟාසිටුවීමටත් ලංකාවේ කොතැනක හෝ හැකියාවක් ඇති පිරිස් කටයුතු කරන්නේ නම් මෙයද ඊට හොඳම රුකුලක්.

මහනුවර හිරැස්සගල පදිංචි උදේනි පුෂ්පකාන්ති මහත්මියද අරති සමග අත්වැල් බැඳගෙන තිබුණේ වසර 15කට පෙර සිටයි. ඇයගේ නිර්මාණ බිහිවී තිබුණේ අමු රෙදි ආශ්‍රිතවයි.

“දළදා මාලිගාවේ සමරුහල තිබෙන කාලයේ ඉඳන්ම මම මාලිගාව සමග සම්බන්ධතා තියාගෙන තිබුණා. මගේ නිර්මාණ විශාල ප්‍රමාණයක් මේ වන විට ලෝකය පුරාම අලෙවි වෙලා ඇති දේශීය රෙදිවලින් අත්කම් නිර්මාණ, බෑග් හදන්න තමයි මම පුරුදු වෙලා හිටියේ. පුංචි කාලෙ ඉඳලම මම පුංචි නිර්මාණ කරන්න හරිම කැමැත්තක් දැක්වූවා. ඒක ආදායම් මාර්ගයක් වෙයි කියලා ඇත්තටම හිතුවෙත් නැති තරම්. පැච්වර්ක් කළා මම දන්න දේ අහගන්න හුඟක් දෙනෙක් ආවා. බොහොම කැමැත්තෙන් ඒ අයට ඒවා කියලා දුන්නා. එතකොට මට හිතුනා මට ලොකු හැකියාවක් තියෙනවා කියලා. මම ඒ හැකියාවෙන් වැඩක් ගන්න ඕනි කියන අදහස මත තමයි අත්කම් නිර්මාණ වෙළෙඳපොළට හඳුන්වා දෙන්න කටයුතු කළේ. ඒ අතරම මම කරන නිර්මාණ බොහෝ දෙනා කරන්න ගත්ත බවක් මට දැණුනා. විදේශිකයන්ට මගේ නිර්මාණ අලෙවිවන බව සමරුහල හරහා දකින්න ලැබෙන කොටම මම අලුත් නිර්මාණ එකතු කරන්න උනන්දු වුණා. ඇත්තෙන්ම කියනවා නම් බෑග් එක මැෂින් එකෙන් මහලා ඒකෙ නිර්මාණ සියල්ලම මගේ අතින්ම මහන්න මම කටයුතු කළා. නිර්මාණවලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඇත්තටම ඒ හැඟීමත් එක්ක මට ලොකු ආඩම්බරකමක් හිතට නැඟෙනවා. ඒ හැඟීම තවත් වැඩිදියුණු වන්නේ මගේ භාණ්ඩ වැඩි වශයෙන් ඉල්ලුම් කරද්දී ඒකට එකම හේතුව තමයි අරති ලොකු ලාභ තියාගෙන වෙළෙඳපොළ මට්ටමෙන් පවත්වාගෙන නොයෑම දේශීය නිෂ්පාදකයාගේ නිර්මාණය දෙස් විදෙස් සංචාරකයන්ට දරන්න පුළුවන් මිලකට මිලදී ගන්න අවස්ථාව සලසා දීම හරහා අපේ භාණ්ඩ ඉක්මනින්ම විකුණ ගන්න පුළුවන් වෙනවා විශේෂත්වය ඒකයි. මම දැන් මගේ නිර්මාණය සඳහා තියෙන ඉල්ලුම පිළිබඳව තෘප්තිමත්. මේ නිර්මාණය බිහිකරන්න කැමැත්තෙන් ඉන්න ඕනෑම කෙනකුට මම ඒවා කියලා දෙන්නත් දැන් ලෑස්තියි. ඕනෑම කෙනකුට මං ගාවට ආවොත් මම හරිම ආසාවෙන් ඒවා කියලා දෙනවා. මට අලුත් කරලා දුන්නේ අරති කියන එක මං බොහොම අගේ කරමින් කියනවා…” උදේනි මහත්මිය කියා සිටියාය.

හිත ඇත්නම් පත කුඩාද… අරති අපට කියාදෙයි. හොඳ දේ කවදත් වර්ණනා කළ යුතුය. අගය කළ යුතුය. එය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන ගියහොත් ශ්‍රී ලංකාවාසී දේශීය නිමැවුම්කරුවන්ගේ නිර්මාණ වළපල්ලට නොයනු ඇත. දේශීය නිෂ්පාදකයා රැක ගැනීමට සිදුකළ යුත්තේ ද එයය.

සමන්ති වීරසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

ප්‍රාදේශීය පුවත්

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok