Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුන්දර කළුකන්දාවේ කළුම කළු කතාව්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුන්දර කළුකන්දාවේ කළුම කළු කතාව්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

සුන්දර කළුකන්දාවේ කළුම කළු කතාව්

June 22, 2025
364 Views

මහ රෑට පොලිසියේ අය ඇවිත් ගෝන්නුන්ට වෙඩි තියනවා…

අපේ ගමට තියෙන ප්‍රධාන ගැටලුව සිග්නල් නැතිකම…

කිතුල් කර්මාන්තයටත් රිළවා ප්‍රශ්නයක්…

කළුකන්දාව සංචාරක කලාපයක් කරන්න යන කතාවක් තියෙනවා…

කළුතර දිස්ත්‍රික්කයේ කුඩාම ඡන්ද මධ්‍යස්ථානය කළුකන්දාව…

පාසලට යන්න ළමයි පිටත් වෙන්නෙ පාන්දර 5ට…

සීත සළු ඉරී මීදුම බේරෙමින් තිබේ. කඳු මුදුන්වලින් දිය ඇළි කඩා හැළෙන ශබ්දය අවට දෝංකාර දෙයි. තුරු පත්, වන වදුළු පමණක් නොව මහ පොළොව ද තෙත බරිත ය. රූණකන්ද වන පෙත දෙසින් හමා එන සීතල දැඩිව අපව වැළඳගෙන ය. ඉඳිකටුවලින් අනිනවා සේ සීතල ගතට දැනේ. එහෙත් කලිසම් කොටයකින් නිරුවත වසාගත් වියපත් මිනිසෙක් කිතුලක මුදුනේ සිටිනවා දැකීමෙන් මම
තිගැස්සිණි. කිතුල කපන වියපත් මිනිසා දෙස වික්‍ෂිප්තව බලා සිටින අප දෙසට හැරුණු ගමන් සගයා සිනාසීය.

“වැස්ස දවස්වලට සීතල වැඩියි. දැන් ඒක අපිට හුරුයි. ඒත් වැස්ස කියල බෑ, මල මදින්න ඕන. ඔය කිතුලෙ ඉන්න මාමා ගමේ හොඳ මදින්නෙක්. දැන් නම් වයසයි. ඒත් අපිට වඩා හොඳට ගස් බඩගානවා. අපේ අත්ත, මුත්තගේ කාලේ ඉඳලා මේ කැලේ කිතුල් මදිනවා. අපිත් දැන් ඒ රස්සාවම කරනවා. කාටත් ණයත් නෑ. බයත් නෑ. තෙලිජ්ජ බේරෙන තරමට අපේ ජීවිත සරුයි. ඒත් වැස්ස කාලෙට හකුරු නිෂ්පාදනය කරන්න අමාරුයි. පැණි මිදෙනව හොරයි. මේ කාලෙට ගමේ හැම කෙනෙක්ටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. තේ දලු කැඩෙනවත් හොරයි…” ඒ හඬ මංජුලගේ ය. වයස අවුරුදු 41 කි. දෙදෙරු පියෙකි. වෘත්තියෙන් කිතුල් මදින්නෙකි. ව්‍යාපාරය කිතුල් පැණි හකුරු නිෂ්පාදනය කිරීම ය. මහන්සියේ තරමට සැලකිය යුතු ආදායමක් ලැබෙන බවත්, හකුරු නිෂ්පාදනයෙන් ලොකු ආදායමක් ලබාගැනීමට හැකි බවත් හේ පැවසීය. ග්‍රෑම් 300 ක හකුරු මුලක මිල රුපියල් 450 කි. සීනි ඇබිත්තක් හෝ නොදා නිෂ්පාදනය කරන ග්‍රෑම් 300 ක හකුරු මුලක මිල රුපියල් 850 කි. පසුගිය කාලයේ කොළඹ මහ රෝහලට සීනි රහිත හකුරු ලබා දී ඇත්තේ මංජුල ය. එහෙත් මේ වන විට කොළඹ මහ රෝහල හකුරු මිලදී ගැනීම නතර කර තිබේ.

මංජුලගේ උපන් ගම හරඹකන්ද ය. දැන් අප සිටිනුයේ ඔහුගේ නිවස අසළ ය. කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුකන්දාව ගම්මානයට පහළ ගමේ ය. කළුතර දිස්ත්‍රික්කයේ කුඩාම ඡන්ද මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ කළුකන්දාවේ ය. හරඹකන්ද, කළුකන්දාව සහ මන්නවත්ත ගම්මාන ත්‍රිත්වයේ ඡන්ද දායකයන් 200 ක් ඡන්දය ප්‍රකාශ කරනුයේ එම මධ්‍යස්ථානයේ ය. පොදු ගොඩනැඟිල්ලක් නොමැති කළුකන්දාවේ ඡන්ද මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ තාවකාලික මඩුවකය. එහෙත් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි කළුකන්දාව ඡන්ද මධ්‍යස්ථානයට නිලධාරීන් පැමිණෙනුයේ හරිම කැමැත්තෙන් බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ. ඒ පිරිසිදු වතුර නාලා, කිතුල් රා කට්ටක් බීලා, ගමේ රසට ආහාර වේලක් බුක්ති විඳ දින දෙකක් ජංගම දුරකථන භාවිතයෙන් මිදී සිටීමට අවස්ථාව ලැබෙන නිසා ය. පල්ලම් බහිනවිට පැණි, හකුරු මුලකුත් තෑගි වශයෙන් ලැබෙන නිසා ය.

කලවාන . මතුගම මාර්ගයේ අත්වැල්තොට හන්දියේ සිට කිලෝ මීටර් 18 ක දුරක් කළුකන්දාවට ඇත. එම ගමේ හෝ දෙපස ගම්මාන දෙකේ මේ වන විට කිසිදු පොදු ගොඩනැඟිල්ලක් නැත. තිබුණු එකම පොදු ගොඩනැඟිල්ල කළුකන්දාව පාසල ද පසුගිය කාලයේ අභාවයට ගොස් ඇත. මේ වන විට එම ප්‍රදේශයේ පොදු පහසුකම් නොමැති තරම් ය. දිගන්න පාරට හැරුණු තැන සිට ‘සිග්නල්’ ද අඩු ය. එම මාර්ගයේ මද දුරක සිට ‘සිග්නල්’ ඇත්තේම නැත. දුරකථන පහසුකම් නොමැති නිසා ඉහත සඳහන් ගම්මාන ත්‍රිත්වයේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ගම්මුන්ගේ පොදු මතය විය. පොදු හඬ අතරින් ශ්‍රියාණිගේ හඬ ඉස්මතු විය. ඇය හරඹකන්ද පෙර පාසලේ ගුරුතුමියයි. වයස අවුරුදු 60 කි. හැඩිගල්ල ප්‍රදේශයෙන් හරඹකන්දට දීග පැමිණි දා සිට ඇය ජීවත්වනුයේ එම ගමේ ය. දැන් ඇය ගමේ වැඩිහිටි කාන්තාවකි. මේ ඇයගේ හඬ ය.

“පහුගිය කාලේ කළුකන්දාව සංචාරක කලාපයක් කරන්න යන කතාවක් තිබුණා. සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කිහිප විටක් ඇවිත් පාර හදන්න මැනගෙනත් ගියා. නිලධාරීන්ගේ වාහන නතර කරන්න තැනකුත් හදල තියෙනවා. සංචාරකයන්ට කෑම පිළිගන්වන ආකාරය ගැන දෙණිහේනෙ (කළුකන්දාව) කිහිප දෙනෙක්ට පුහුණුවකුත් දීලා තිබුණා. ඒත් තාම එහෙම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණේ නෑ. තැන, තැන පාර නම් කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඒත් පාර දිගටම හදලා නෑ. ත්‍රීවිල් යන්නෙත් බොහොම අමාරුවෙන්. පාර ගොඩක්ම අබලන්. අපේ ගමට උඩින් දෙණිහේනෙ පාර හදන්න සල්ලි පාස් වෙලා තියෙන කතාවකුත් තියෙනවා. දෙණිහේනට යන්නෙත් මේ පාර දිගේ. මේ ටික හදන්නෙ නැතිව දෙණිහේනෙ පාර හදනවා කියන්නෙ විහිළුවක්…” ශ්‍රියාණිගේ කතාවට ඇයගේ ලොකු ලේලිය ද සම්බන්ධ විය. ඇය ගීතානි ය. වයස අවුරුදු 36 කි. දෙදෙරු මවකි. තේ දලු එකතු කරන ව්‍යාපාරයක් කරගෙන යන චතුරංග ද කතාවට සම්බන්ධ විය. ගම්වාසීන් තවත් කිහිප දෙනෙක්ම අදහස් ඉදිරිපත් කළහ. මේ වන විට මෙරට දැවෙන ගැටලුවක් මෙන්ම කොමඩියක් බවට පත් වී තිබෙන ‘රීළා ප්‍රශ්නය’ හරඹකන්ද, කළුකන්දාවට ද තිබෙන බව ඔවුහු පැවසූහ. එහෙත් එම ගැටලුව එගම්වාසීන්ට බලපානුයේ වෙනස් ආකාරයට ය. ඒ ගැන ගම්වාසීන් කියන විට රසවත් ය.

‘රිළා හැත්ත ඇවිත් රා මුට්ටිවල බැහැගෙන තෙල් දිය බොනවා. ඒ මදිවට තෙල් දිය නානවා. එකිනෙකාට තෙල් දිය ගහගෙන සෙල්ලම් කරනවා. අන්තිමේ මුට්ටියත් බිම දාලා මලත් කඩනවා. රිළවුන්ගෙන් මල බේරගන්න මුට්ටිය බඳිනකොට යකඩ දැලකින් ආවරණය කරලා ඊට උඩින් ශක්තිමත් ටකරන් කොළයකින් ආවරණය කරන්න වෙලා. ඒකත් ගලවගෙන මුට්ටි බිඳින රිළව් ඉන්නවා. වෛරක්කාරම සත්තු ජාතියක්. ඒ වගේම කුරුඳු ගහක් හිටවන්න බෑ ගෝන්නු කනවා. ඒ හැර වන සතුන්ගෙන් ලොකු හානියක් නෑ. දිවියගේ ඉඳලා ගොඩක් වන සතුන් මේ කැලෑවේ ඉන්නවා. කිසිම දවසක මේ ගම්වල මිනිස්සුන්ට වන සතුන්ගෙන් කරදරයක් වෙලා නෑ. අපේ මිනිස්සු උන්ට හානි කරන්නෙත් නෑ. රෑට, රෑට පොලිසියේ මහත්වරු ඇවිත් වෙඩි තියලා ගෝන්නු මරාගෙන යනවා. දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා. මේ මෑතකත් දිගන්නෙ නාය ගිය කන්ද පහළ ඉඳලා තඩි ගෝනෙක් මරාගෙන ගිහින් තියෙනවා…”

පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර අතරින් සිංහරාජය හැරුණු කොට විශාලතම වැසි වනාන්තරය මොරපිටිය රූණකන්ද යෝජිත රක්‍ෂිත වනාන්තරයයි. සිංහරාජය තරමට ම ඉහළ ජෛව විවිධත්වයක් මෙම වනාන්තරය ද සතු ය. මෙරට වැඩිම මිරිදිය මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක් ද, ආවේණික පක්‍ෂි විශේෂ 33 න් 29 ක් රූණකන්ද යෝජිත රක්‍ෂිත වනාන්තරයේ ජීවත් වෙති. එමෙන්ම ක්‍ෂීරපායින්, උරගයන් හා සමනලුන්ගේ විවිධත්වය ද ප්‍රමාණාත්මකව ඉතා ඉහළ අගයක් ගන්නා බව සැබෑය. ඌරෝ, ඉත්තෑවා සහ ගෝන්නු බහුලව ජීවත් වන මෙම රක්‍ෂිතය තුළ ගෝන දඩයම දැඩිව කෙරෙන බව ද වාර්තා වේ. මොහොතකට නිහඬ කළ ප්‍රදේශවාසී හඬ නැවත අවදි කිරීමට අපි පැනයක් යොමු කළෙමු.

නාය ගිය කතාව මොකක්ද?

2017 අවුරුද්දෙ මහ වැස්සට දිගන්නෙ කන්දක් නාය ගියා. ගෙවල් අටක් යට වුණා. අටදෙනෙක් නැති වුණා. මිනීවත් හොයාගන්න බැරි වුණා. මහ පස් කන්දට යට වෙච්ච පාර හදන්නම මාසයක් විතර ගියා. සුජිත් මහත්තය කැප වෙලා පාර නොහදන්න මාස හයක් විතර අපිට කඳු බඩගාන්න වෙනවා. පාර හදන තෙක් අත්වැල්තොට, බදුරලියට අපි ගියේ කැලෑව පීරගෙන…”

නාය යෑමේ අවදානමත් තියෙනවා. මාර්ග දුෂ්කරතාව දැඩිව තියෙනවා. දුරකථන සන්නිවේදන පහසුකම් ඇත්තෙම නෑ. ගැටලු කන්දක් මැද මේ කැලෑ ගමේ ජීවත් වෙන්නෙ ඇයි…? නැවත අපි පැනයක් යොමු කළෙමු.

“වෙන කොහේ යන්නද? වෙන ගමක පදිංචියට ගිහින් මල් කපන්න කිතුල් ගස් තියෙනවද? මෙච්චර සුවදායක පරිසරයක් දාලා යන්න නම් හිතන්නෙවත් නෑ. උපරිම නිදහස. කනට ඇහැන්නෙ වන සතුන්ගෙ සුමිහිරි නාදය. ගලා බහින ජලය දෝතට අරගෙන බොන්න පුළුවන්. විදුලිය තියෙනවා. අඩුවකට තියෙන්නෙ පාරයි, සිග්නල් නැතිකමයි. ඒක නම් ලොකු අඩුවක්. ගමේ කෙනෙක්ට අසනීපයක් හැදිච්ච වෙලාවට, කිතුලකින් වැටිලා අනතුරක් වෙච්ච වෙලාවට ඉස්පිරිතාලයට ගෙනියන්න වාහනයක් ගෙන්න ගන්න ගම පුරා දුවන්න ඕනෑ. පැය භාගයකින් රෝහලකට ගෙනියන්න පුළුවන් ලෙඩාව සන්නිවේදන පහසුකම් නැති නිසා පැය තුන, හතර පරක්කු වෙනවා. ඉස්පිරිතාලයට යනකොට ලෙඩාට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මේ මෑතකත් කිතුලකින් වැටිලා ගෙනියන්න පරක්කු වෙච්ච නිසා ඒ මනුස්සයා මැරුණා…”

“කොරෝනාවලින් පස්සෙ පාසල් ගුරුවරුත් ගෙදර වැඩ දාන්නෙ වට්ස්ඇප් එකට. උදේට පාසලට ගේන්න ඕන දේවල් වට්ස්ඇප් එකට දාන්නෙ රෑට. අපේ ගම්වලට සිග්නල් නෑ කිව්වට ගුරුවරු තේරුම් ගන්නෙ නෑ. ‘ගෙදර වැඩ කරගෙන එන්නෙ නෑ. කියන වැඩේ හරියට කරන්නෙ නෑ’ කියලා ගුරුවරු ළමයින්ට බනිනවා. පන්ති කාමරයේදී අපේ ළමයි නොසෑහෙන්න අසරණ වෙනවා. ගුරුවරුන්ගෙන් බැනුම් අහගෙන හරි අපේ ළමයි ඉගෙනත් ගන්නවා. මෙවර උසස් පෙළ විභාගයෙන් ගමේ ගෑනු ළමයෙක් කොමස්වලින් ඒ2, බී1 අරගෙන කැම්පස් යන්න පාස් වුණා. ගමේ දුප්පත්ම පවුලක දරුවෙක්. හොඳට ඉගෙන ගත්තා…” වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍යාවක් හරඹකන්දෙ සිටින බව කනවැකුණු මොහොතේ සිට ඇය සොයා යෑමට මගේ සිත නොවිසිමත් ය. එහෙත් වට කරගෙන සිටින
ප්‍රදේශවාසීන්ගෙන් අපට ගැළවීමක් නැත. ගමේ ගැටලුවලට විසඳුම් නොමැතිව කාලයක් හදවත්වල කැකෑරෙමින් තිබුණු දුක වචන කරන මිනිසුන් මඟහැර යෑමට විටෙක මගේ සිත ද ඉඩ නොදෙන තරම් ය. එහෙත් ප්‍රදේශවාසීන්ගෙන් සමුගෙන උසස් පෙළ සමත් තරුණිය සොයා යෑමට අපි තීරණය කළෙමු.

ගුරු පාර දිගේ කිලෝ මීටර් භාගයක් පමණ යන විට කඳු පාමුල පුංචි නිවසක් අසළ මාර්ටින් මාමා නතර විය.

‘මේ තියෙන්නෙ ඒ ළමයගෙ ගෙදර…’

කතා කරන හඬ ඇසී කුඩා නිවස තුළින් තලස්තෑනී කාන්තාවක් එළියට ආවාය.

දිගන්න නාය ගිය කන්ද

‘ලොකු දුව කෝ… මේ මහත්තෙලාට දුවත් එක්ක කතා කරන්න ඕනලු…’ මාර්ටින් මාමා ඇයට පැවසීය.

‘පුතේ අක්කට එන්න කියන්න…’ ගවුමේ එල්ලී සිටි පුංචි දැරිවියට අණ කළා ය.

දැරිවිය අසළ නිවසට දිව ගියා ය.

ක්‍ෂණයෙන් එම නිවසෙ එළිපත්තෙන් තරුණියක් පැමිණියා ය. ලැජ්ජාවෙන් මිරිකෙමින් අප අසළට පැමිණි ඇය සිහින් සිනහවකින් අපව පිළිගත්තා ය.

ඇය ‘සදිනි’ ය. වයස අවුරුදු 21 කි. මොරපිටිය ජාතික පාසලේ වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ඇය මේ වන විට ඇඟලුම් කම්හලක සේවය කරන්නීය. නැඟණියන් දෙදෙනාට ද හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඇවැසි බැවින් විශ්වවිද්‍යාලයට යන තෙක් රැකියාවක් කිරීමට අදහස් කළ බව ඇය අප සමග පැවසුවාය. දිගන්න විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී මොරපිටිය ජාතික පාසලේ වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ඇය ද පැවසුවේ උපන් ගම අතහැර නොයන බව ය. කොතරම් දුෂ්කර වුවද නිදහසේ ජීවත්වීමට ලැබීම සැපතක් බව ද ඇය පැවසුවා ය. ඇයට තිබෙන ගැටලු සිග්නල් නොමැතිවීම නිසා ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට යොමුවීමට තිබෙන බාධාව සහ ගමට හරි හැටි මාර්ග පහසුකම් නොමැතිවීම ය. සදිනිට පමණක් නොව හරඹකන්ද, කළුකන්දාව, මන්නවත්ත සියලු ගම්වාසීන්ට පොදු වූ ගැටලු වන්නේද එයම ය.

දේශීය කර්මාන්ත නැංවීමට උපරිම සහන ලබාදීම මාලිමා රජයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවකි. එහෙත් කළුකන්දාව අති දුෂ්කර ගම්මාන ත්‍රිත්වයේ කිතුල් කර්මාන්තය නැංවීමට පැණි උණු කිරීමට හැළි වළඳක් හෝ තවම ලබා දී නැත. එහෙත් එගම්වාසීහු රජයෙන් ආධාර නොඉල්ලති. සහන ණය නොඉල්ලති. රැකියා නොඉල්ලති. ඔවුන්ගේ ඒකායන ඉල්ලීම ගමට දුරකථන සන්නිවේදන පහසුකම් ලබාගැනීම ය. වාහනයක් ගමන් කළ හැකි ආකාරයට මාර්ගය පිළිසකර කරගැනීම ය.

‘ගමට සන්නිවේදන ව්‍යාපෘතිය’ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම, මදුරාවල, මිල්ලනිය, පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල තෝරාගත් ග්‍රාම නිලධාරි වසම්වල දුරකථන කුලුනු තිස්හතරක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ වන විට සම්පේක්‍ෂණ කුලුනු 10 ක් සඳහා අදාළ ආයතනවල අනුමැතිය ද ලබාදී ඇති බව වාර්තා වේ. එම කුලුනු දහයෙන් 1 ක හෝ ආවරණය හරඹකන්ද, කළුකන්දාවට ලැබුණොත් වාසනාවකි. එමෙන්ම මාලිමා ආණ්ඩුව යටතේ එම ගැටලුව විසඳාගැනීම එම ප්‍රදේශවාසීන්ගේ සිහිනයකි.

තරංග රත්නවීර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අයිස් ගහන්න කෝටි 2ක් හොයන්න ගිහින් මුරකාරයෙක් මරපු අයියා මලෝ

ප්‍රාදේශීය පුවත්

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

ප්‍රාදේශීය පුවත්

පරණ යකඩවලට පණ දෙන කැලේ වැද්දා

ප්‍රාදේශීය පුවත්

ඩොක්ටර් මහේෂි මෙච්චරකල් හිටියේ කොහොමද ?

ප්‍රාදේශීය පුවත්

ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැරට අවුරුදු 100යි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok