Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයිස් ගහන්න කෝටි 2ක් හොයන්න ගිහින් මුරකාරයෙක් මරපු අයියා මලෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයිස් ගහන්න කෝටි 2ක් හොයන්න ගිහින් මුරකාරයෙක් මරපු අයියා මලෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අයිස් ගහන්න කෝටි 2ක් හොයන්න ගිහින් මුරකාරයෙක් මරපු අයියා මලෝ

June 22, 2025
491 Views

මීට කලින් අඹ ලොරියකුත් හොරකම් කරලා

මුරකරු ඝාතනය වසන් කරන්න කැමරා පද්ධතියත් අක්‍රීය කරලා

දෙකෝටියේ බිස්නස් එක වැරදී කෝච්චියේ හොරෙන්ම ගෙදර ඇවිත්

වෙන්නප්පුව පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි නිවසක සිටි මුරකරුවකු අභිරහස් අන්දමින් ඝාතනය කර නිවසේ තිබූ රුපියල් කෝටි 2ක් වටිනා වෑන් රථය පසුගිය 13 වැනිදා පැහැරගෙන ගොස් තිබිණි.

මෙම ඝාතනය සිදුවී පැය 48ක් ගත වන්නටත් මත්තෙන් වෑන් රථය සොයාගෙන ඝාතකයන් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ. සැබැවින්ම එය පොලිසියේ නිලධාරීන්ගේ දක්‍ෂතාව සහ කැපවීම මත සිදුවිය. මේ ඝාතනයේ සුලමුල හෙළි කරගත් අයුරු ලිපියෙන් දිග හැරෙයි.

“උඹලට ඔහොම හැමදාම නිකං සල්ලි දෙන්න මං ගස්වලින් කඩනවා කියලා හිතුවද, මමත් දුක් මහන්සිවෙලා සල්ලි හොයන්නෙ මට කරදර කරන්න එපා. උඹලට දෙන්න සල්ලි නැහැ මගේ ළඟ. දැඩි ලෙස කෝපයට පත්ව සිටි දේවින්ද මුදල් ඉල්ලා කරදර කරන සුනිල් සහ පියල් දෙසොහොයුරන්ට බැන වැදුණේය.

ඉතාලියේ රැකියාව කරන දේවින්ද සිය පවුලේ සාමාජිකයන් සමග එහි පදිංචිව සිටින්නේ වසර පහක පමණ කාලයක සිටය. සුනිල් පියල් දෙසොහොයුරන් දේවින්දගේ ළඟ ඥාතීන් නිසා ඔවුන් දෙදෙනා නිතර නිතර ඉතාලියට දුරකථනයෙන් කතා කළෝය. ඒ දේවින්දගෙන් මුදල් ඉල්ලා ගැනීමටය. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මේ සොහොයුරන් දෙදෙනා සිය අවශ්‍යතාවය සපුරා ගැනීමට නොකළ දෙයක් නැත.

මත්ද්‍රව්‍ය භාවිතයට දේවින්දගෙන් නිතර නිතර මුදල් ඉල්ලා ගත් සුනිල් සහ පියල් එය පුරුද්දක් කරගෙන සිටියේය. අවසානයේ දේවින්ද මොවුන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

දේවින්ද වසරකට දෙතුන් වතාවක් ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පුරුදුව සිටියේය. එසේ එන බොහෝ අවස්ථාවල සුනිල් පියල් දේවින්ද මුණගැසී ඔහුගෙන් කෙසේ හෝ මුදල් ලබා ගත්තේය. මේ ඥාති සොහොයුරන් දෙදෙනාගේ ක්‍රියාකලාපය දේවින්දට මහා හිසරදයක් වී තිබුණේය.

දේවින්දට අයත් ලුණුවිල ප්‍රදේශයේ සරුසාර පොල් ඉඩමක් විය. දේවින්ද මුදල් ලබා නොදෙන අවස්ථාවල මේ පොල් ඉඩමට පැන බලහත්කාරයෙන් පොල් කඩාගෙන ගොස් ඒවා විකුණා ඒ මුදලින් මත්ද්‍රව්‍ය පානය කිරීමට සුනිල් පියල් කටයුතු කර තිබුණේය.

උඹලා ඔය කරන වැඩේ නතර නොකළොත් මං පොලිසි යනවා. එහෙම වුණොත් දන්නවනෙ උඹලට වෙන්නේ හිරේ යන්න. ඒ නිසා මගේ වතුවලට පැනලා හොරකම් කරන එක නතර කරපල්ලා. දේවින්ද සිය ඥාති සොහොයුරන්ට බැන වැදුණේය.

සුනිල් සහ පියල් දෙසොහොයුරන් කුඩා කල සිට අන්ත දුක් ගැහැට විදිමින් ජීවත් වූ පුද්ගලයන් වූහ. මව සහ පියාගේ උණුසුම රැකවරණය කුඩා කාලයේදීම මොවුන් දෙදෙනාට අහිමි විය. ඔවුන් හැදී වැඩුනේ සොහොයුරියකගේ සෙවණේය. හරියට කන්න බොන්නටවත් වත්කමක් නොතිබූ නිසාම මේ සොහොයුරන් දෙදෙනාගේ පාසල් අධ්‍යාපනය කුඩා කාලයේදීම නතර විය.

හරි හමන් අධ්‍යාපනයක් නොලැබුණු නිසා රැකියාවක් කිරීමට හැකියාවක් නොවීය. ඒ අතරම මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ද පුරුදු වුණේය. කුලී රැකියාවක් කර හෝ දන්නා කියන අයකුගෙන් සුළු මුදලක් ඉල්ලාගෙන ඒ මුදල් අවසන්වන තුරු මත්ද්‍රව්‍ය පානය කිරීම සුනිල් පියල්ගේ පුරුද්දක් විය.

මීට ටික කලකට උඩදී මේ දෙදෙනා අඹවත්තක සේවය කළෝය. රැකියාවට ගියදා පටන්ම අඹවත්තෙන් යමක් හොරකම් කර එය විකුණා මත්ද්‍රව්‍ය පානය කිරීම පුරුද්දක් කරගත්තෝය. අනාගතයේ අඹවත්තේ අඹ ලොරියක් පැහැරගෙන ගොස් එය විකිණීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේය. එතැනින් අඹවත්තේ රැකියාව ඔවුන්ට අහිමි විය.

ඝාතනයට ලක් වූ මුරකරු

මේ විදිහට එක එකාගෙන් පොඩි පොඩි ගණන් ඉල්ලගෙන ජීවත් වෙන්න බැහැ. එක පාර ලොකු වැඩක් දීලා අතට වැඩිපුර සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. එහෙම සල්ලි ටිකක් හොයා ගන්න ක්‍රමයක් ගැන හිතපන්. පියල් සිය සොහොයුරා වූ සුනිල්ට කීවේය. එකවර ලොකු මුදලක් උපයා ගන්නා ආකාරයක් ගැන දෙදෙනාම දස අතේ කල්පනා කරන්න වුණේය.

දේවින්දය ළඟ ඕනෙ තරම් සල්ලි තියනවා. ඌ ඉතාලියට වෙලා හොඳට හම්බ කරනවා. උගේ ගෙදරට පැන්නොත් වටිනා දෙයක් ගන්න පුළුවන් වෙයි. සුනිල් යෝජනා කළේය. ඒ යෝජනාවට පියල්ද එක පයින්ම කැමති වුණේය. දේවින්දයගේ කේ.ඩී.එච්. වෑන් එක තියනවා. ඒක කොටි දෙකක් විතර වටිනවා අපි ඒක උස්සමු. හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. පියල් සිය සොහොයුරා වූ සුනිල්ට කීවේය. කෝකටත් අපි මේ වැඩේ කරන්න ඉස්සර දේවින්දයට කතා කරලා සල්ලි ටිකක් ඉල්ලමු. දෙන්න බැහැ කිව්වොත් අපි වැඩේට බහිමු. පියල්ගේ යෝජනාවට සුනිල්ගේ ද එකඟතාවය ලැබිණි. සොහොයුරන් දෙදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක් වෙත ආහ. ඒ නිවස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තිත්පළක් විය. එහි සිට සුනිල් සහ පියල් ඉතාලියේ සිටිනා දේවින්දට දුරකථනයෙන් කතා කළෝය.

අපි පොඩි කාලෙ ඉඳලා දුක් වින්දා. තාමත් අපි සැපක් විඳින්නේ නැහැ. උඹලා ඉතාලියට වෙලා රජසැප විඳිනවා. අපිට සලකන්නේ නැහැ. ඒ නිසා අපට ජීවත් වෙන්න සල්ලි ටිකක් දීපං. සොහොයුරන් දෙදෙනා දේවින්දට කතා කළේ තර්ජනාත්මක ස්වරූපයෙන්ය. මේ කරදරකාරයන් දෙදෙනාගේ තර්ජනය නිසා දේවින්ද දැඩි ලෙස කෝපයට පත් වුණේය.

එක සත පහක් දෙන්නෙ නැහැ. උඹලටත් අතපය හතර තියනවනෙ. හම්බකරගෙන කන්න පුරුදු වෙයල්ලා. මට ආයෙ කෝල් කරන්නත් එපා කරදර කරන්නත් එපා. එසේ කියූ දේවින්ද සිය ජංගම දුරකථනය විසන්ධි කළෝය.

දේවින්දයට පාඩමක් උගන්වන්නත් එක්ක අපි අර වැඩේ කරමු. එසේ කථිකා කරගත් සුනිල් පියල් සොහොයුරන් දෙදෙනා දේවින්දට අයත් වෙන්නපුව නගරයේ පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි නිවස වෙත යන්නට පිටත් වුණේය.

වෙන්නප්පුව පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි සුවිසල් නිවස දේවින්ද කුලී පදනම මත ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී එහි නවාතැන් ගැනීම සඳහාය. දේවින්ද අලුතින් මිලදී ගත් කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයද මේ නිවසේම නතර කර තිබුණේය.

නිවසේ කිසිවකුත් නොසිටි නිසා එය බලා කියා ගැනීමට දේවින්ද තමන් සමග වසර ගණනක් රියැදුරු වෘත්තියේ යෙදුණු සුසිල් ක්‍රිශාන්ත නතර කර තැබුවේය. හැට හතර වැනි වියේ පසු වූ සුසිල් ක්‍රිශාන්ත බොහොම විශ්වාසවන්ත පුද්ගලයකු විය. නිවසේ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා පද්ධතියක්ද සවිකළ දේවින්ද දිනපතාම සුසිල්ට දුරකථනයෙන් කතා කර නිවසේ කටයුතු ගැන සොයා බැලුවේය.

ජුනි 13 වැනිදා උදෑසන සුනිල් පියල් සොහොයුරන් දෙදෙනා වෙන්නප්පුව පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි දේවින්දට අයත් නිවස වෙත ආහ. ඒ වනවිට සුසිල් සිය උදෑසන ආහාරය ගනිමින් සිටියේය.

“අපි ආවෙ දේවින්දගේ වෑන් එක ඉල්ලගෙන යන්න. ඒකෙ යතුර දෙන්න.”

සුනිල් වෑන් රථයේ යතුර සුසිල්ගෙන් ඉල්ලා සිටියේය. මේ දෙසොහොයුරන්ගේ කෙරුවාව හොඳින් දන්නා සුසිල් එකවරම එය ප්‍රතික්ෂේප කළෝය. දේවින්ද මහත්තයගේ වෑන් එක කාටවත් දෙන්න බැහැ. කරුණාකරලා මෙතනින් යන්න. නොගියොත් මම දේවින්ද මහත්තයට කෝල් කරලා කියනවා.

සුසිල් ක්‍රිශාන්ත කෝපයෙන් කෑගැසුවේය. හොඳින් හෝ නරකින් වෑන් රථය රැගෙන යෑමට පැමිණ සිටි සුනිල් පියල් සොහොයුරන් දෙදෙනා වහා ක්‍රියාත්මක වුණේය. සුනිල්, පියල් කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි කතුරක් ගෙන එකවරම සුසිල් ක්‍රිශාන්තගේ ගෙල ප්‍රදේශයට කිහිපවරක් ඇනගෙන ඇනගෙන ගියේය.

නොසිතූ අවස්ථාවක එල්ල වූ ප්‍රහාරයත් සමග සුසිල් ගෙල බදාගෙන බිම ඇද වැටුණේය. වහා ක්‍රියාත්මක වූ සුනිල් සහ පියල් සුසිල් ඇඳ සිටි සරම ගලවා ඔහුගේ දෑත් දෙපා බැඳ දැමුවේය. වැලේ වනා තිබූ තුවායක් ගෙන සුසිල්ගේ ගෙල වටා ඔතා එය තදින් සිර කළේ ඔහුගේ අවසන් හුස්ම පොඳ වාතලයට මුදා හැරිමින්ය.

“මේකව කාමරේකට දාල වහමු. නැත්නම් අහල පහල වුන් දකියි. සොහොයුරන් දෙදෙනා ඒ අහිංසකයාගේ නිසල සිරුර නිවසේ කාමරයක ඇඳක් යට දමා නිවස පරීක්ෂා කළෝය.

ගන්න පුළුවන් වටිනා කියන දේවල් සේරම අරගනින්. මේවගේ චාන්ස් එකක් ආයේ එන්නේ නෑනේ.

සුනිල් සිය සොහොයුරාට කීවේය. එහෙත් නිවසේ වටිනා කියන දේවල් කිසිවක් තිබුණේ නැත. නිවසේ තිබූ කුඩා පාපැදියක් සොරාගත් මොවුන් එය රැගෙන යෑමට සූදානම් කරගත්හ.

වෑන් එකේ යතුරයි පොතයි අනෙක් ලිපි ලේඛන ටිකයි මතක් කරලා ගනින්. නැත්නම් අපට මේක විකුණගන්න වෙන්නේ නෑහැ. නිවස පීරමින් වෑන් රථයේ පොත ඇතුළු අනෙකුත් ලිපි ලේඛන සියල්ල සොයාගත් සුනිල් පියල් දෙපළ හොරාගත් පාපැදියද එහි දමාගෙන නිවසින් පිටව යන්නේ මේ අපරාධය කිසි දිනක හෙළි නොවනු ඇතැයි කියා සිතාගෙනය.

එසේ යන්නට පෙර නිවසේ සීසීටීවී කැමරා සියල්ල අක්‍රීය කර යෑමටද ඔවුන් කටයුතු කර තිබුණේය.

ඉතාලියේ සිටින දේවින්ද සෑම දිනකම උදැසන 10.00ට පමණ වෙන්නප්පුවේ පිහිටි සිය නිවසේ මුරකරු වූ සුසිල්ට දුරකථන ඇමතුමක් දෙන්නට පුරුදුව සිටියේය.

එදින උදෑසනද සුපුරුදු ලෙස ඒ දුරකථන ඇමතුම සුසිල්ගේ ජංගම දුරකථනය වෙත ලැබුණේය. දුරකථනය නාද වුවද සුසිල් එම ඇමතුම ලබා ගන්නේ නැත. හත් අට වතාවක්ම ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

සිය නිවසේ සිදුවී ඇති මහා අපරාධය ගැන කිසිවක් නොදැන සිටි දේවින්දට සුසිල්ගේ නිහඬතාව ගැන මතුවුණේ ප්‍රහේලිකාවකි. නිවසේ සීසීටීවී කැමරාද ඒ වනවිට ක්‍රියාත්මක වී තිබුණේ නැත.

මේ මනුස්සයා කවදාවත් ටෙලිෆෝන් එක ගන්නේ නැතිව ඉන්නේ නැහැ. මොකක් හරි කරදරයක් වෙලාද. තනිවම කල්පනා කළ දේවින්ද වෙන්නප්පුවේ පදිංචි සිය ඥාතියකුට දුරකථනයෙන් කතා කළේය.

අපේ ගේ බලාගන්න සුසිල් ටෙලිෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒ පැත්තට මිනිහට මොකද වෙලා තියෙන්නේ කියලා. දේවින්ද සිය ඥාතියාට කීවේය. ජුනි 13 වැනිදා රාත්‍රි 7.00ට පමණ දේවින්දගේ ඥාතියා ඔහුගේ නිවසට ආවේය. නිවසේ ගේට්ටුව ඒ වනවිට විවෘත කර තිබුණේය. විදුලි පහන් කිසිවක් දමා නොතිබුණු නිවසේ වෑන් රථය තිබුණේද නැත. ඥාතියා දේවින්දට ඇමතුමක් ලබාගත්තේය.

“දේවින්ද අයියේ ගෙදර ගේට්ටුව ඇරලා දාලා. වෑන් එකත් නැහැ. සුසිල් පෙන්න නෑනේ කොහෙවත් නැහැ ඥාතියා කීවේය.

මල්ලි බලන්න සුසිල්ගේ බයිසිකලේ තියනවද කියලා මිනිහා එළියට ගියොත් යන්නෙ ඒකේ තමයි.

දේවින්ද ලබාදුන් උපදෙස් මත ඥාතියා සුසිල්ගේ පාපැදිය ඇද්දැයි සොයා බැලුවේය. එය නිවස පිටුපස ඒ අයුරින්ම තිබුණේය.

අයියේ සුසිල්ගේ බයිසිකලේ තියෙනවා. කුස්සිය පැත්තේ දොරත් ඇරලා දාලා ඥාතියා කීවේය. මල්ලි එහෙනම් සුසිල් ගෙයි කොහේ හරි ඇති ඇතුළට ගිහින් බලන්න.

දේවින්ද කියූ පරිදි ඥාතියා නිවසට ඇතුළු වී කාමරාවලට එබී බැලුවේය. නිවසේ එක් කාමරයක ඇඳක් යට සුසිල්ගේ නිරුවත් නිසල දේහය තිබෙනු දුටු ඥාතියා දැඩි ලෙස කලබලයට පත් වුණේය.

අයියේ කවුරු හරි සුසිල්ව මරලා දාලා මිනිය ඇඳයට තියනවා.

ඥාතියා කියූ දෙයින් දේවින්ද දැඩි ලෙස කලබලයට පත්වුණේය. “දෙයියනේ මේ මොන අපරාධයක්ද, මල්ලි දැන්ම මේ ගැන වෙන්නප්පුව පොලිසියට දැනුම් දෙන්න. දේවින්දගේ උපදෙස් මත ඥාතියා ඒ මොහොතේම වෙන්නප්පුව පොලිසියට මේ ගැන දැනුම් දුන්නේය.

සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි නිවස වෙත ආවෝය. සුසිල් ක්‍රිශාන්ත අභිරහස් ඝාතනයේ විමර්ශන ඇරඹෙන්නේ එතැන් සිටය.

මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් කෝටි 2ක් වටිනා වෑන් රථය පැහැරගෙන යෑම ඉතාම බරපතළ ගණයේ අපරාධයක් විය. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතා වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සිරිවර්ධන කැඳවා ඝාතකයන් සෙවීමේ විමර්ශන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදුන්නේය.

වටේම තියෙන සීසීටීවී ටික චෙක් කරන්න. ඒ වගේම ටෙලිෆෝන් ඩීටේල්ස් ටික ගන්න. මේ ගෙදරට ආව ගිය අය ගැන හොඳට හොයාලා බලන්න. පැහැරගෙන ගිය වෑන් එක ගැන වටේම පොලිසිවලට මෙසේජ් දෙන්න.

රොහාන් පෙරේරා මහතා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාද මේ අභිරහස් ඝාතනය ගැන දැඩි අවධානය යොමුකර සිටියේය. ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම පහසුකම් නොවඩුව ලබාදේනනට නාලක ද සිල්වා මහතා කටයුතු කළේය.

හලාවත ඒරියා එකේ ඉන්න කුඩුකාරයෝ මිනීමැරුම් චෝදනා තියන මිනිස්සු ගැන එහෙම ගෙවල් බිඳුම්වලට සම්බන්ධ සැකකාරයෝ ගැන හොයලා බලන්න. බොහෝ වෙලාවට මේ මිනිස්සුම තමයි ඔය වගේ දෙයක් කරන්න ඕනේ. ඒ වගේම පැහැරගෙන ගිය වෑන් එක අරගෙන ගිය ඒරියා එක හොයන්න සීසීටීවී චෙක් කරන්න.

නාලක ද සිල්වා මහතා සිය විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නොවඩුව ලබාදුන්නේය.

සුසිල් ඝාතනය කර තිබූ නිවසේ සීසීටීවී කැමරා පද්ධතිය ඒ වනවිට අක්‍රීයව පැවතුණේය. කැමරා අක්‍රීය වුවද එහි තිබූ ‘චීප්’ එකේ ඝාතකයන්ගේ රුව සටහන්ව තිබුණේය. මේ සැකකරුවන් දෙදෙනා කවුදැයි හඳුනාගන්නට පොලිසියට ඒ තරම් අපහසු වුණේ නැත. මොවුන් දෙදෙනා මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින පිරිගම්පොල පදිංචි සොහොයුරන් දෙදෙනකු බව හඳුනාගන්නට පොලිසියට හැකිවිය.

නිවසින් පැහැරගෙන ගිය වෑන් රථය රැගෙන ගිය දිශාව සෙවීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතා පියවර ගත්තේය.

සීසීටීවී ඔස්සේ කළ විමර්ශනවලින් හෙළි වුණේ වෑන් රථය හලාවත නගරය හරහා පුත්තලම දෙසට රැගෙන ගොස් ඇති බවයි. මේ අතර සැකකරුවන් දෙදෙනා දන්නා හඳුනන පුද්ගලයන්ගේ නිවාස පරීක්ෂා කිරීම මෙන්ම ඔවුන් දෙදෙනා කලින් රැකියාව කළ “අඹ රුවන්ගේ” අඹවත්තට ගොස් පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගත්හ.

“මේ මිනිස්සු දෙන්නා මහ එපා කරපු උන් දෙන්නෙක්. මෙහෙ ටික කාලයක් වැඩ කළා. මගේ අඹ ලොරියක් පැහැරගෙන ගිහින් අහුවෙලා මම පන්නලා දැම්මා. අඹ රුවන් මේ අපරාධකාරයන් ගැන කීවේ එවැනි කතාවකි. මේ අතර සැකකරුවන්ගේ මව සීදූවේ සිටින බව සොයාගත් පොලිස් නිලධාරීන් එහි ගොස් නිවස පරීක්ෂා කළේය.

“අනේ සර් කොල්ලෝ දෙන්නා කාලෙකින් මෙහෙ ආවේ නෑනේ. උන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ. සුනිල්ගේ සහ පියල්ගේ මව පොලිසියට කීවාය.”

“හරි හරි. උන් දෙන්නා ගෙදර ආවොත් අපට කෝල් කරලා කියන්න ඕනෙ. එසේ කියූ පොලිස් නිලධාරීන් හිස් අතින්ම නිවසින් පිටව

ගියහ. ඒ වනවිට මෙම සිද්ධිය පිළිබඳ පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබුණේය. පැහැරගෙන ගිය වෑන් රථය මෙන්ම ඝාතනයට ලක් වූ පුද්ගලයා පිළිබඳව ඒ වනවිට රටම දැන සිටියේය.

මේ අතර මහනුවර නගරයේ බාලිකා පාසලක් ඉදිරිපිට අතහැර දමා ගොස් තිබූ කේඩීඑච් වෑන් රථයක් තිබී පොලිසිය සොයා ගත්තේය. වෑන් රථය වෙන්නප්පුවෙන් පැහැරගෙන ආ එක බව හඳුනාගන්නට මහනුවර පොලිසියට හැකි විය. ඒ අනුව වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් පැමිණ වෑන් රථය රැගෙන ගියහ.

ඒ වනවිට දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසියට ලැබී තිබුණේය. සැකකරුවන් පරිහරණය කරන ජංගම දුරකථන සීදූව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට පොලිසිය සොයා ගත්තේය.

එකත් එකටම මුන් දෙන්නා සීදුවේ අම්මගේ ගෙදරට ඇවිත් ඇති. පරක්කු නොකර දැන්ම ගියොත් කොටු කරගන්න පුළුවන්.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සුනිල්ගේ සහ පියල්ගේ මව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඒ හරහා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් කටයුතු කළහ.

සැකකාර සොහොයුරන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹුණේ ඉන් පසුවය.

‘සර් අයිස් ගහන්න සල්ලි නැති නිසයි අපි දෙන්නා මේ වැඩේ කළේ. දේවින්දගෙන් සල්ලි ඉල්ලුවා මිනිහ දුන්නේ නෑනේ. ඒ නිසා මිනිහගේ ගෙට පැනලා වෑන් එක අරගෙන යමු කියලා අපි කතා වුණා.

මුරකාරයා යතුර දුන්නෙ නැති නිසා අපි එයාට ගැහුවා. මිනිහා අපිව හඳුනන නිසා තමයි මරලා දැම්මේ. මුළු ගේම අවුස්සලා සල්ලි, රත්තරන් බඩු හෙව්වා, මොකුත් තිබුණේ නැහැ. ගෙදර තිබුණු පොඩි බයිසිකලෙත් අරන් වෑන් එකට පටවගෙන අපි බියගම නවාතැන්පළකට ගියා. එහිදී පොඩි බයිසිකලේ 7500කට වික්කා. ඒ සල්ලිවලින් අයිස් ගැහුවා. ඊට පස්සේ අපි මහනුවරට ගියා.

සැකකරවන් දෙදෙනා තමන් සිදුකළ අපරාධයේ සුලමුල හෙළි කරන්නට වුණේය.

බියගමින් පිටත් වී වෑන්රථය මහනුවර දක්වා රැගෙන ගිය සුනිල් පියල් දෙසොහොයුරන් එය රුපියල් කෝටි 2කට විකුණා දැමීමට උත්සාහ කළහ.

වෑන් රථය මිලදී ගැනීමට ගැනුම්කරුවකු ද පැමිණ සිටි අතර ඔහු එය පරීක්ෂා කර මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළේය. වෙන්නප්පුවෙන් පැහැරගෙන ආ වෑන් එක ඒ මනුස්සය ටීවී එකේ නිවුස්වලින් දැකලා. මිනිහා කිව්වා මේක අර පැහැරගත්ත වෑන් එකනේ. මට මේක ගන්න බැහැ කියලා. එතකොට තමයි අපි දැනගත්තේ වෑන් එක හැම තැනම ප්‍රසිද්ධ වෙලා කියලා. අපිට බය හිතුණා පොලිසිය අල්ල ගනියි කියලා. ඒ නිසා තමයි වෑන් එක නුවර ටවුන් එකෙන් දාලා අපි එහෙන් පැන ගත්තේ.

කොළඹ එන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. කෝච්චියේ අපි දෙන්නා හොරෙන් ආවේ. කොළඹින් බැහැලා, පර්ස් එක නැති වුණා කියලා මනුස්සයකුගෙන් රුපියල් 200ක් ඉල්ලගෙන සීදුවේ අම්මලගේ ගෙදර ගියා. අපි හිතුවේ නැහැ පොලිසිය අම්මලගේ ගෙවල් චෙක් කරලා කියලා. අම්මගෙන් සල්ලි කීයක් හරි ඉල්ලගෙන මෙහෙන් මාරු වෙන්න හැදුවේ. ඒත් පොලිසිය ඉස්සර වුණා. සුනිල් පියල් තමන් සිදුකළ මහා අපරාධයේ සියලු තොරතුරු ඒ ආකාරයෙන් අනාවරණය කළේය. අවසානයේ සිදුවුණේ අහිංසකයකුට සිය ජීවිතය අහිමිවීම පමණි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි රොහාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි අසේල උපුල්වංශ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් දැඩි වෙහෙසක් දරා කැපවීමෙන් සිදුකළ රාජකාරි නිසා අපරාධය සිදුවී පැය 48ක් ගතවන්නට පෙර එහි සුලමුල පාපෝච්චාරණය කරගෙන අපරාධකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවීම සැබවින්ම ප්‍රශංසනීය කටයුත්තකි. (මෙහි එන නම් මනඃකල්පිතයි. පොලිස් වාර්තා ඇසුරෙන් සකස් කරන ලදී.)

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

ප්‍රාදේශීය පුවත්

සුන්දර කළුකන්දාවේ කළුම කළු කතාව්

ප්‍රාදේශීය පුවත්

පරණ යකඩවලට පණ දෙන කැලේ වැද්දා

ප්‍රාදේශීය පුවත්

ඩොක්ටර් මහේෂි මෙච්චරකල් හිටියේ කොහොමද ?

ප්‍රාදේශීය පුවත්

ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැරට අවුරුදු 100යි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok