අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂ SSP නීතිඥ මොහාන්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ (විමර්ශන) ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 05 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ මොහාන් සිරිවර්ධන මහතා පත්කර තිබේ. නීතිඥවරයකු ලෙස වසර 20කට අධික කාලයක් කටයුතු කර ඇති සිරිවර්ධන මහතා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ඊට අමතරව පොලිස් අධිකාරි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඩබ්ලිව්.ටී. අනුරංග මහතා ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, බී.එල්.ඒ. ප්‍රසන්න මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසයටත් එම්.ඩී.ජී. දීප්ති කුමාර මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසයටත් මාරු කර යවා ඇත.
මේ අතර මාරුකර යැවූ පොලිස් ස්ථානාධිපතිවරුන් දස දෙනා මෙසේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී. ජයකොඩි- බළංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී. නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බළංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ. රාජපක්ෂ – මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල්. ප්‍රනාන්දු – ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී. කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන්. අබේනාරායන – අන්කුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ. රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අන්කුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්. විජේසිංහ – නව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත, පොලිස් පරීක්ෂක එම්.එච්.එන්. තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා, පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන්. සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා.
හේමන්ත රන්දුණු