මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්, අනුරාධපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවීමත් යනාදී සිදුවීම් සමග නාඳුනන තුවක්කුකරුවන් සමාජය දැවැන්ත භීෂණයකට ලක්කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ තිබිය යුතු ශක්තිමත් මහජන ආරක්ෂාවක්, නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් මේ ආකාරයෙන් රටේ තරුණ පරපුර අපට අහිමි වන විට ම්ලේච්ඡ ඝාතකයන් හා නාඳුනන තුවක්කුකරුවන් හරහා මිනිස් ජීවිත අහිමි වනවිට ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
දිනෙන් දින මේ ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් රජය විවිධ සංඛ්‍යාලේඛන පෙන්නුවත් මේ මිනිස් ජිවිත සංඛ්‍යාලේඛනවලට සීමා කළ නොහැකි බවත් මේ මිනිස් ජීවිතවල වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැකි බවත් මිනීමරු කල්ලි රජවීම සමාජය සමස්ත කොල්ලකරුවන්ගේ මිනීමරුවන්ගේ භීෂණයට යටපත් කිරීම යන තත්ත්වය තුළ රජයෙන් විසඳුම් සහ උත්තර අවශ්‍ය බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අද වනවිට අයිස් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, තරුණයන් පමණක් නොවන පාසල් පද්ධතිය ද මේ මත්ද්‍රව්‍යයේ ග්‍රහනයට ලක්ව ඇති බවත් මේ නිසා රටේ තරුණ පරපුර අහිමි වන බවත්, එම නිසා රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේවාට රජයට උත්තර නොමැති වීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බඩු මිල වැඩිවීම අත්‍යාවශ්‍ය ආහාර පාන හිඟය මෙන්ම ජනතාවගේ ජන ජිවිතවල සුබසාධන පැත්ත කප්පාදු කරන විට තවත් පැත්තකින් ඝාතන සංස්කෘතිය නිසා ජීවිත අහිමි වන බවත්, රජයේ වගකීම මේවාට උත්තරදීම බවත් පාර්ලිමේන්තුවේ මේවා ප්‍රශ්න කරන විට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සාමාන්‍ය මිනීමැරීම් බවට පැවසුවත් මොවුන් බලයට පැමිණියේ පෙර පැවැති ක්‍රමය වෙනස් කරනවා යැයි කියා වුවත් ඔවුන්ට ක්‍රමයේ වෙනසක් කළ නොහැකි වී ඇති බවත්, ජාතික ආරක්ෂාව පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.