Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ පහසුකම් සපයන අයට මහ බැංකුවෙන් නීතිය තදින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ පහසුකම් සපයන අයට මහ බැංකුවෙන් නීතිය තදින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ පහසුකම් සපයන අයට මහ බැංකුවෙන් නීතිය තදින්

June 24, 2025
703 Views

අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විදේශයන්හි දේපළ මිලදී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළ කරන වෙළෙඳ දැන්වීම් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව කියයි. මේ ගැන තවදුරටත් කරුණු දක්වන මහ බැංකුව මෙසේ ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර විදේශයන්හි නිශ්චල දේපළ මිලදී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළෙඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරීක්ෂණය කර තිබේ. මෙම වෙළෙඳ දැන්වීම් මගින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ද මග පෙන්වීම් ලබාදෙන බව නිරීක්ෂණය කර තිබේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම්ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරනු ලැබේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත්ව සිදු කරන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත. ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතනවලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.

තවද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිදු අරමුණක් සඳහා විදේශ ණය ලබාගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන්හට අවසරයක් නොමැත.

ඉහත සඳහන් තත්ත්වයන් යටතේ, විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීම පිළිබඳව මග පෙන්වීම් සිදු කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළෙඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙයි. එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

කහවත්තේ ඝාතනය: හෝමාගම හඳයාගේ ඕඩරයක්

ප්‍රධාන පුවත්

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රීට මරණ දඬුවම

ප්‍රධාන පුවත්

අවශ්‍යතාව සලකා හෙද හෙදියන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරනවා – ඇමැති නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සෞඛ්‍ය ආයතන නිරීක්ෂණයට ලක් කරමින් කියයි

ප්‍රධාන පුවත්

ඊ හැඳුනුම්පත් ව්‍යාපෘතියට විදුලි ඒකක 700ක් සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කරයි

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok