මාලිමාවට සජබට තවත් ප්‍රා. සභා 3 බැගින් බලය
කළුතර, ගොඩකවෙල, සේරුවිල මාලිමාවට
ස්වාධීන කණ්ඩායමකටත් එක් ආයතනයක්
ආරච්චිකට්ටුව දින නියමයක් නැතිව කල් යයි
කිසිදු පක්‍ෂයකට බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතන කිහිපයක සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීමේ මංගල රැස්වීම් ඊයේ (20දා) පැවැත්විණි.
ඒ අනුව ජාතික ජන බලවේගයට ආයතන 3ක් ද, සමගි ජන බලවේගයට ආයතන 3ක් ද, ස්වාධීන කණ්ඩායමකට එක් ආයතනයක ද බලය හිමි විය.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තේය.
කළුතර ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ලබා ගත්තේය. එහි සභාපති අරුණ ශාන්ත මහතා ඡන්ද 17ක් ලබා ගත්තේය. විපක්‍ෂයේ අපේක්‍ෂකයාට ඡන්ද 15ක් ලැබුණි. ඔහු පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය හිමිකර ගත් අතර එහි සභාපති ලෙස කුලරත්න දන්දෙනිය මහතා ජය ගත්තේය.
රහස් ඡන්දයකින් ඡන්ද විමසීම සිදුවූ අතර ඉන් ඡන්ද 16ක් කුලරත්න මහතාට හිමි වූ අතර, විපක්‍ෂයේ අපේක්‍ෂකයාට ඡන්ද 14ක් හිමි විය. ඡන්ද දෙකක් ප්‍රතික්‍ෂේප විය.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුර සඳහා ජා.ජ.බ.යෙන් එස්. ජේ. එම්. ජයරත්න මහතාත්, සමගි ජන බලවේගයෙන් මරියන් ප්‍රභාකරන් මහතාත් ඉදිරිපත් වූහ. ඡන්ද විමසීම රහස් ඡන්දයෙන් සිදු කරන ලෙස ජා.ජ.බ.ය ඉල්ලා සිටීම නිසා විපක්‍ෂ කණ්ඩායම් ඊට විරෝධය පළ කළහ. මේ නිසා සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තේය.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගයේ එම්. ජී. ජානක කුමාර සම්පත් මහතා තේරී පත් විය. ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව කළ ඡන්ද විමසීම සඳහා රහස් ඡන්දයට ඡන්ද 9 ක් ද, විවෘත ඡන්දයකට 07 ක් ්ද ප්‍රකාශ විය.
විපක්‍ෂය සභාවෙන් පිටව ගිය ද ඝනපූර්ණය තිබූ බැවින් සිදු කළ ඡන්ද විමසීමේදී ජානක තුෂාර සම්පත් මහතා ඡන්ද 9ක් ලබා ගත්තේය. එක් ඡන්දයක් ප්‍රතික්‍ෂේප විය. උප සභාපති ලෙස සර්වජන බලය පක්‍ෂයෙන් ඉදිරිපත් වූ දිමුතු ප්‍රියංකර මහතා ඒකමතිකව තේරී පත් විය.
ගාල්ල රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට හිමි විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස දුලාජ් තරංග මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමි විය. එහි සිදුවූ ඡන්ද විමසීමේ දී ස.ජ.බ. අපේක්‍ෂක බන්දුල පද්මසිරි මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය ද සමගි ජන බලවේගයට ඊයේ හිමි විය.
එහිදී සිදු කළ ඡන්ද විමසීමේ දී ස.ජ.බ. අපේක්‍ෂක ෆයිසර් නසීර් මහතා බහුතර ඡන්ද ප්‍රමාණය ලබා ජය ගත්තේය.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමේ සභාව ඊයේ වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනී හේරත් මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා තිදෙනකු ඉදිරිපත් වූ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අකිල සම්පත්, සමගි ජන බලවේගයේ අපේක්ෂක තුෂාර පතිරගේ, බැට් එක ලකුණෙන් තරග කළ ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නායක රජික සංජීව මහතා ද තරගය සඳහා ඉදිරිපත් වූහ.
එහිදී විශේෂත්වය වන්නේ රදික සංජීව මහතා යෝජනා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ පොදු ජන එක්සත් පෙරමුණ යන පක්ෂ දෙකේ සාමාජිකයන් විසිනි.
රහසිගත ඡන්දයක් පැවැති අතර රදික සංජීව මහතා ඡන්ද දොළහක්, අකිල සම්පත් ඡන්ද නවයක්, සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉනොක් තුෂාර ඡන්ද හතරක් ද ලබා ගත්හ.
එහිදී කිසිවකු සියයට පනහ නොගැනීම නිසා සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ඉවත් කරමින් වැඩියෙන් ලබාගත් අනෙක් දෙදෙනා නැවතත් රහසිගත ඡන්දයකට යොමු කළ අතර එහිදී රදික සංජීව ඡන්ද දහතුනක් ද, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද දහයක් ද ලබාගත් අතර ඡන්ද දෙකක් ප්‍රතික්‍ෂේප විය.
එහිදී වැඩි ඡන්දයෙන් රදික සංජීව සභාපති ලෙස පත්විය.
පසුව උප සභාපතිවරයා සඳහා ඡන්දයක් යෝජනා කළ අතර එය විවෘතව පැවැත්වීමට වැඩි මනාපයක් හිමිවුණි. ඒ අනුව පුටුව ලාංඡනයෙන් තරග වැදුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ වසර පහකට පෙර හිටපු සභාපති නිමල් බමුණුආරච්චි මහතා ඡන්ද දහතුනක් ලබාගෙන උප සභාපතිවරයා ලෙස පත්විය.
මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයා ඡන්ද එකොළහක් ලබාගත් අතර එක් ඡන්දයක් ප්‍රතික්‍ෂේප විය.
අරුණ බෝගහවත්ත, සේරුවිල – සුගත් බද්දෙගෙදර, කළුතර – එස්. කත්‍රිආරච්චි, මහවැව – අමරානන්ද, පුත්තලම – නලින් හෙන්දුරුගොඩ ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි – ගාල්ල