Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂ නායකටත් කථානායක මඟහැරිලා!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂ නායකටත් කථානායක මඟහැරිලා!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

විපක්ෂ නායකටත් කථානායක මඟහැරිලා!

3 weeks ago
55 Views

පසුගිය සතිය දේශපාලන කරළියේ කොයි කාටත් අතිශයින් කාර්යබහුල සතියක් විය. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඉහළ දේශපාලනඥයන්ට පසුගිය දින කීපය විවේකයක් තිබුණේම නැතැයි කීවාට වරදක් නැත. එක් පැත්තකින් පසුගිය සතිය පාර්ලිමේන්තු සතියකි. අනිත් පැත්තෙන් විජයග්‍රහණයේ සමරුව පැවැති සතියයි. තවත් පැත්තකින් ජයග්‍රහණය කරන ලද්දා වූ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් තේරීමේ භාරධුර කාර්ය ඒ සියලුම කටයුතුවලටත් වඩා බැරෑරුම්ය. මේ නිසා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ දේශපාලනඥයෝ බොහෝ ලෙස කාර්යබහුලව ගෙවා දැමූ සතියක් ලෙස පසුගිය සතිය වාර්තා විය.

විජයග්‍රහණයේ සමරුව මීට පෙර පැවති සෑම රජයක්ම පසුගිය අවුරුදු 16 තිස්සේ ඉතා ඉහළින් සමරන්නට යෙදුණු විශේෂ රාජ්‍ය උත්සවයක් බව නොකිවමනාය. මැයි 19 වෙනිදාට යෙදෙන විජයග්‍රහණයේ සමරුව ඒ තරමටම මේ රටේ පොදු ජනතාවගේ ජන විඥානය වෙත කර ඇති බලපෑම සුළු පටු නැත. බොහෝ විට මෙම උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් කරනු ලැබූයේ යුද්ධයට සහභාගි වූ රණවිරුවන් සිහිපත් කිරීමේ සැමරුම් උළෙලක් හැටියටය. යම් යම් අවස්ථාවල ඇතැම් රජයන් මේ සම්බන්ධයෙන් වෙනත් වටිනාකමක් දෙන්නට උත්සාහ කළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මුළුමහත් ශ්‍රී ලාංකික ජාතියම යුද බියෙන් නිදහස් වූ දවස ලෙස හුවා දක්වමිනි. කෙසේ වෙතත් මේ උත්සවය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවාසී බහුතර දෙමළ ජනතාව නම් එතරම් ප්‍රසාදයක පසුවූවා යැයි කීම උගහටය. ඒ නිසා ඇතැම් කොටස් උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ සටන්කරුවන් හා සාමාන්‍ය ජනතාව සමරන දිනයක් ලෙස මේ දිනය යොදාගත් බවද රහසක් නොවීය. තවත් තැන්වල මේ දිනය ශ්‍රී ලංකාවේ හමුදාවන්ට විරෝධය පළ කරන දිනයක් ලෙස ඉතිහාසයේ පාවිච්චි කළ අයුරුද අපට මතකය.

බහුතරයක් දෙමළ ජනතාවගේ මෙම මානසිකත්වය හොඳින් ග්‍රහණය කරගෙන සිටි ජාතික ජනබලවේගය පසුගිය 19 වෙනිදා තිබූ “විජයග්‍රහණයේ සමරුව” කළමනාකරණය කළේ වඩාත් පරිස්සමින්ය.

අභ්‍යන්තර සාකච්ඡාවන්ට අනුකූලව ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගි නොවීමට තීන්දුවක් ගෙන තිබිණි. ඒ පිළිබඳ රජය නිල නිවේදනයක් ද නිකුත් කළේ ජනාධිපතිවරයා වෙනුවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමලත් මේජර් ජනරාල් අරුණ ජයසේකර ඊට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන බවය.

පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් රටේ ලොකු කථිකාවක් ඇති විය. ඇතැම් සමාජ මාධ්‍ය මේ කථිකාවේ පෙරමුණ ගෙන සිටියහ. උගතුන් බුද්ධිමතුන් ලෙස සමාජයේ කැපී පෙණෙන සමහරුන් ජනාධිපතිවරයා මෙම රණවිරු උත්සවයට සහභාගි නොවීමට ගත් තීන්දුව අගය කරමින් කතා කළහ. ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නොව මුළු මහත් රටේම වෙසෙන සියලු ජනතාවගේ ජනාධිපති බව හුවා දක්වන්නට ඔවුන් උත්සාහ කළහ.

රණවිරුවා යෙදුමට
අලුත් අර්ථකථනයක්….

ඒ අතර “රණවිරුවා” යන වචනය පසුගිය සතියේ වඩාත්ම සාකච්ඡාවට හා විවේචනයට බඳුන් වූ වචනය බවට පත් විය. ඇතැම් අය රණවිරුවා යන වචනය පවා ඉතා අයෝග්‍ය නුසුදුසු වචනයක් ලෙස හුවා දක්වන්නට උත්සාහ කළහ. සමහර මහාචාර්යවරු පෙන්වා දුන්නේ “විරුවා” යන යෙදුම අපේ සමාජයෙන්ම ඉවත් කළ යුතු වචනයක් බවය. යුද්ධයට ගිය එක්කෙනා රණවිරුවා, රට ගිය කෙනා රටවිරුවා, වෛද්‍යවරු සුවවිරුවා යන ආකාරයේ වීරත්වයට නැඟීමට වටිනාකම් එකතු කිරීම් ඒ මහාචාර්යවරයාගේ උග්‍ර විවේචනයට ලක්විය. තමන්ගේ රාජකාරියට අදාළ සේවය කරන රටේ අනෙකුත් බුද්ධිය හා ශ්‍රමය කරන්නන් විරුවන් නොවේදැයි ඔහු තර්ක කරන්නට පටන් ගත්තේය.

එහෙත් ජනාධිපති විජයග්‍රහණයේ සමරුවට සහභාගි නොවීමට ගත් තීන්දුව විපක්ෂයේත් යම් යම් සමාජ බලවේගවලත් දැඩි විවේචනයට ලක්විය. ජාතික බලවේග ඒ පිළිබඳ විවිධ මත පළ කරන්නට වූහ. දෙමළ ජනතාව ඉදිරියේ පහුගිය කාලේ උතුරට ගිය ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු නිසා රණවිරුවා නොසලකා හැරතියි ඔවුන් චෝදනා නඟන්නට වූහ.

කෙසේ වෙතත් අවසාන වශයෙන් තීන්දුවක් ගන්නට ආණ්ඩුවට සිදුවිය. මුලින් රණවිරු උත්සවයට සහභාගි නොවී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති පමණක් යවන්නට තීන්දු කළේ රජය ඒ සියලු යෝජනා හකුලා ගත්තේය. ජනාධිපති මෙවර රණවිරු උත්සවයට සහභාගි නොවිය යුත්තේ මන්දැයි න්‍යාය සපයමින් සමාජ මාධ්‍යවල කවි ගී සින්දු ලියූ සියල්ලන්ගේම උත්සාහයන් හා ව්‍යායාමයන් පල රහිත කරමින් 19 වැනිදා පැවැති විජයග්‍රහණයේ සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.

එහෙත් ඔහු එහිදී කළ කතාවේදී රණවිරුවා යන වචනය භාවිතයට නොගන්නට පරිස්සම් විය. රණවිරුවා යන වචනය පාවිච්චි කළ යුතු සෑම තැනකම ඔහු “සොල්දාදුවා” යන වචනය පාවිච්චි කිරීම කැපී පෙනෙන විශේෂත්වයක් විය. ඒත් සමගම ඊළඟට රට පුරා සමාජ මාධ්‍යවල හා දේශපාලන කථිකාවේ විවේචනය වන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයාගේ වචන මාරුවයි. රණවිරුවා සොල්දාදුවා කිරීමයි.

මෙවර විජයග්‍රහණයේ ජාතික සැමරුවට රාජ්‍ය නායකයා හැටියට අනුර කුමාර දිසානායක සහභාගි වන්නේ නැතැයි කියන ආරංචිය මුලින්ම මහින්ද රාජපක්ෂ වෙත ගෙනාවේ නාමල්ය… නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍ය උත්සවයක් ලෙස එය පවත්වා ලිස්සා යෑමට මේ රජය උත්සාහ කරතියි ඔහු මහින්දට කීවේය…

“ඔව් ඉතින්… පහුගිය දවස්වල උතුරට ගිහිල්ල උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද ගන්න කරපු කියපු දේවල් හින්දා එයාට කොහොමටවත් රණවිරු උත්සවයට සහභාගි වෙන්න බැරුව ඇති…” මහින්ද කීවේය.

ඊළඟට ප්‍රශ්නය ඇතිවුණේ විජයග්‍රහණයේ සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමක්ද කරන්නේ කියාය… ඒ ගැන සාකච්ඡා කරන්නට පසුගිය දිනක මහින්ද ගේ ප්‍රධානත්වයෙන් විජයරාම නිවසේ සාකච්ඡාවක් ඇති විය.

“කවුරු ආවත් නැතත් කවුරු මේ උත්සවය සැමරුවත් නැතත් අපි මේක සමරන්න ඕන…” නාමල් කීවේය.

“19 වෙනිදා ආණ්ඩුවේ උත්සවය නිසා අපට බැරිද 18 වෙනිදා වෙනම රණවිරු උත්සවයක් පවත්වන්න. ඇත්තටම එදානේ ප්‍රභාව අල්ලගත්ත දවස. එවකට හිටපු ජනාධිපති හැටියටත් යුද්ධය දිනපු ජනාධිපති හැටියටත් ඔබතුමා ඒකට සහභාගි වෙන්න…” සාගර යෝජනා කළේය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් අනුව නාමල් හා සාගර කාරියවසම් උත්සවය සංවිධානය කරන්නට භාරගත්තේය. ඒ අනුව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් 18 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිට ඇති රණවිරු ස්මාරකය ඉදිරිපිට අදාළ උත්සවය පවත්වන්නට අවසර ඉල්ලා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා වෙත ලියුමක් යවනු ලැබුවේ ඉකුත් 16 වැනිදාය.

18 වැනිදා පෙරහුරු පවතින නිසා ලබාදීමට අසීරු බව ආරක්ෂක අමාත්‍යාංශය හැරෙන තැපෑලෙන් දැනුම් දී තිබිණ. එහෙත් 20 වැනිදා හෝ ඊට පසු කළ හැකි බව දැනුම් දුන්නේය…

එහෙත් ඊටත් පසුව දුරකථනයෙන් කතා කළ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් කියා තිබුණේ දේශපාලන පක්ෂවල වැඩවලට රණවිරු ස්මාරක භූමි පරිශ්‍රය ලබාදීමට නොහැකි බවයි.

උදා වී ඇති මෙම තත්ත්වය සාකච්ඡා කිරීමට යළිත් නෙළුම් මාවතේ නායකයෝ මහින්ද මහත්තයා හමුවන්නට ගියෝය.

විජයග්‍රහණය වෙනුවෙන්
වෙන වෙනම සැමරුම්…

“ආරක්ෂක ලේකම් කියන්නේ හොඳ මනුස්සයෙක්. යුද්ධයේ අධීන සෙන්පතියෙක්. එයා තමයි යුද්ධයේ හිටපු හොඳම චොපර් පයිලට්. හැබැයි ඉතින් එයාට උඩින් තව අය ඉන්නවනේ…” මහින්ද විස්තර කළේ අතීත යුද තොරතුරු ද මතක් කරමිනි.

“ඕක දන්න නිසා මම එයාට යවපු ලිපියේත් ගෞරවයෙන් යුතුව එතුමන්ගේ සේවය සඳහන් කළා. එතුමන්ට නිසි ගෞරවය දීලයි ලියුමත් ලිව්වේ”

තවත් අයෙක් පෙන්වා දුන්නේ ගෝඨාභය ආණ්ඩුව කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි ඉහළම නිලධාරියකුගේ බලපෑම් නිසා සම්පත්ලාට නිසි ගෞරවයක් නොලැබුණු බවයි. ඒ නිසා ඔවුන් කීපදෙනෙක් රාජපක්ෂලා සමග යම් විරසකයක පසුවන බවද කතාබස් වූහ.

“අවසර ඉල්ල ඉල්ලා ඉඳලා හරියන්නෙ නෑ. යුද්ධයට නායකත්වය දුන් බලවේගය හැටියට අපට අයිතියක් තියෙනවා ඔතන ගිහිල්ලා රණවිරුවන්ට ගෞරවය පුදන්න. අපි 20 වෙනිදා එතනට යමු. අපේ හැටියට අපි රණවිරු සැමරුම් උත්සවය පවත්වමු.” නාමල් කියද්දී හිටපු ජනාධිපති මහින්ද ද එය අනුමත කළේය.

ඒ අනුව පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ පොහොට්ටුවේ මහලේකම්වරයා ඒ බැව් මාධ්‍ය දැනුවත් කළේය. පොහොට්ටුවේ පක්ෂ නායකයන්ටත් ඒ සඳහා ආරාධනා පත්‍ර යවනු ලැබීය. පසුගිය 20 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ගොස් රණවිරු ස්මාරකය අභියස මල් කලඹවල් තබා උපහාර දක්වනු ලබන්නේ ඒ අනුවය.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිසි නීතිමය අවසරය ඊට නොලැබුණත් රණවිරුවන්ට උපහාර පිණිස පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට හා පිරිසට ආරක්ෂක අංශවලින් කිසිදු බාධාවක් සිදු නොවීමද විශේෂත්වයකි.

මැයි 19 වැනිදාට සමගාමීව රට පුරා තැන් තැන්වල ද විවිධ අන්දමේ රණවිරු උත්සව ගණනාවක් පැවැත්විණි.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, චින්තන පර්ෂදය ඇතුළු ජාතික සංවිධාන රැසක් 18 දින උදෑසන තිස්සමහාරාමයේ දී මේ විජයග්‍රහණය සැමරීමට උත්සවයක් සංවිධානය කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඊට සහභාගී වී ආපසු ඉක්මනින් පැමිණියේ එදින හවස තවත් ජාතික බලවේග කීපයක් විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණ සමග ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ රණවිරු අනුස්මරණ උත්සවයට සහභාගි වීම සඳහාය.

පදනම් ආයතනයට එදා සැලකිය යුතු දේශප්‍රේමීන් පිරිසක් මේ උත්සවය සඳහා පැමිණ සිටියහ. ඒ අතර සිටි මාධ්‍යවේදීන් හා තරුණ දේශපාලනඥයන් කිහිප දෙනකු සමග ගෙවිඳු කතාබස් කරමින් සිටියේ රණවිරු සමරුවේ අර්ථය විය යුත්තේ කුමක්ද කියාය…

“රණවිරුවෝ කියන්නේ ඔය කවුදෝ කියනවා වගේ නිදහසේ රස්සාවක් කරන්න ගිය පිරිසක් නෙවෙයි. අනිත් හැම රජයේ සේවකයෙක්ම රස්සාවට ගියේ හවස ගෙදර එන්න බලාගෙන. හැබැයි රණවිරුවා ගියේ හවස ආපහු ගෙදර එන්න බලාගෙන නෙමෙයි. යුද බිමේ මරණය පෙනී පෙනී සටන් කරලා බැරිම වුණොත් ජීවිතය වුණත් පුදන්න බලාගෙන. අන්න ඒකයි වෙනස. ඒකයි ඒ ගොල්ලන්ට විරුවෝ කිව්වෙ. මරණය තමන්ගේ ඉස්සරහට එන බව දැන දැන රැකියාව කරපු පිරිසක්.

රණවිරුවන්ට රණවිරු දිනයට ඇවිල්ලා මල් කලඹත් තියලා දණගහලා, කතාවක් පවත්වලා අගය කරලා විතරක් මදි. අපි බලන්න ඕන ඒගොල්ලො ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරපු අරමුණ මොකක්ද කියලා. ඔවුන්ට රට වෙනුවෙන් සටන් කරන්න අරමුණක් තිබුණා. දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම. ඒ වෙනුවෙන් තමයි ඔවුන් යුද්ධ කළේ ජීවිත පූජා කළේ. ඔවුන්ට හැබෑ ලෙස උපහාර කරනවනම් අපි කළ යුතු වැදගත්ම මෙහෙවර තමයි ඔවුන්ගේ අරමුණ විජයග්‍රහණය කරා ගෙනියන එක. රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය ආරක්ෂා කරන එක. පළාත් සභා නිසාවත් ඉසරහට එන ව්‍යවස්ථා වෙනසක් නිසාවත් ඒක බිඳවැටෙන්න බෑ…

“ඉස්සරහට පළාත් සභා එයි නේද හිටපු මන්ත්‍රීතුමා..?“

“පළාත් සභා ගේනවා කියලා කියන්නේ එදා පළාත් සභා එපාය කියලා එකට එකතුවෙලා සටන් වැදිච්ච පිරිසක්නේ. මතකනේ 2017 පළාත් පාලන මැතිවරණයකින් හොඳටම දින්නා. ඊළඟට ආවෙ පළාත් සභාව. ඒකත් අනිවාර්යයෙන් පොහොට්ටුව දිනනවා කියල දැනිච්ච නිසා තමයි එදා පොහොට්ටුවේ අය ඇරෙන්න අනිත් හැමෝම එකතුවෙලා පළාත් සභා නොතියන්න වැඩ සිද්ධ කළේ. ඔය සුමන්තිරන්ලා සම්බන්ධන්ලා, අනුරලා, විජිතලා, චම්පිකලා, මෛත්‍රීපාල ලා, රනිල්ලා, නිමල් සිරිපාල ලා, හකීම්ල ඔක්කොම එකතු වෙලා තමයි අර මුස්තාපාව දම්මලා ව්‍යවස්ථා ගැටයක් ගහලා එදා පළාත් සභා නැති කළේ. රණවිරු වචනය පවා ඇලජික් වෙච්ච නායකයෝ දැන් පළාත් සභා තියන්න හදන්නේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවට දුන්නු මොන පොරොන්දු ඉටුකරන්න ද දන්නෑ…

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව
නිසා දයාසිරිට ප්‍රශ්නයක්….

අඟහරුවාදා යළි පාර්ලිමේන්තුව පටන් ගත්තේ වාද විවාදවලට තුඩු දුන් කරුණු කාරණා රාශියක් මැදයි. පාර්ලිමේන්තුව පටන් ගන්නට පෙර විපක්ෂ නායක සජිත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවීය. එහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් බරපතළ ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවයි. පාතාල ලෝකයෙන් තර්ජනය කරන මට්ටමට අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පත්ව ඇතැයි ඇතැම් මන්ත්‍රීවරු මැසිවිලි නඟන්නට වූහ.

“අද අපට ආණ්ඩුවේ වැඩ විවේචනය කරන්න බෑ. එක් පැත්තකින් අනුර කුමාරට මේක කරගෙන යන්න දෙන් නෑ.. විපක්ෂය කකුලෙන් අදිනවා. මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලත් කංජිපානි ඉම්රාන් වගේම මැරයො තර්ජනය කරනවා. අනිත් පැත්තෙන් අපිට කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉඩක් දෙන්නේ නෑ, සභානායක මැරයා වගේ පනිනවා. සභා නායක බිරිඳ බලපෑම් කරනවා. භයානකම දේ තමයි ජනාධිපති පවා ඕනවට වඩා කතා කරන උන්ව ඇතුළට දානවා කියලා බලපෑම් තර්ජනය කරනවා. නිසි වෙලාවට හරි පිළිවළට එක එක්කෙනා ඇතුළට දානවා කියලයි කියන්නේ. විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම හිරගෙදර කරන්න ලෑස්ති වෙන්න කියලත් තර්ජනය කළා. මෙහෙම ගියොත් විපක්ෂයේ අපිට පාර්ලිමේන්තුවේ කටක් අරින්න බැරිවෙනවා වගේම, පාරේ බැහැලා යන්නත් බැරි වෙන පරිසරයක් උදා වෙනවා…” මන්ත්‍රීවරු එක එක්කෙනා මේ පිළිබඳ මැතිවිලි නඟන්නට වූහ.

“අපි ඔක්කොටම කලින් කථානායක සමග සාකච්ඡා කර බලමු… එන්න එන්නම තත්ත්වය නරක් වෙනව නම් අපිට බලාගෙන ඉන්න බෑ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කථානායකතුමාගෙන් අපිට එතුමා හම්බවෙලා මේ ගැන කතා කරන්න වෙලාවක් ඉල්ල ගන්න…

එදින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කරන්නට විය. ඔහු කීවේ පාතාල ලෝකයේ තර්ජන මන්ත්‍රීවරුන්ට එරෙහිව තිබෙන බවකි. මන්ත්‍රීවරයාට නිසි ආරක්ෂාවක් නැති තැන අද පාතාල ලෝකයට හෝ නහඳුනන තුවක්කුකරුවන්ට මුහුණ දීම භයානක අභියෝගයක් වී ඇති අන්දම දයාසිරි පහදා දෙද්දී, බිමල් රත්නායකගෙන් ඊට බාධා ඇති විය..

“ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පාරෙ බැහැල ගියාට කවුරුවත් දන්නෙ නෑ.. අපිව දැක්ක තැන දන්නවා. අපිට අවදානම වැඩියි…”

“රජයේ මුදල් අවභාවිත කරපු මිනිස්සුනේ මේ… කවුරුත් මේගොල්ලන්ව දන්නව තමයි…”

“කොහෙද මුදල් අව භාවිතා කරලා තියෙන්නේ… පුළුවන් නම් ඔප්පු කරන්න…”

“මේ වෙලාවේ වසන්ත සමරසිංහ ද නැගිට දයාසිරිට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තත් ඔහුට ප්‍රශ්නයක් වූයේ ස්ථාවර නියෝගය කුමක්දැයි අසමින් කථානායකවරයා නිහඬ වන්නට කීමයි. දයාසිරිගේ මයික්‍රෆෝනය නිහඬ කරමින් වසන්ත සමරසිංහට මයික්‍රෆෝනය දීම ගැන දයාසිරි ඒ මොහොතේ බැන වැදුණේ මයික්‍රෆෝන මෙහෙයවන පාර්ලිමේන්තුවේ නිලධාරියාටයි. ඒ අතරතුර බිමල් රත්නායක ද දයාසිරිට බනින්නට පටන් ගත්තේ තමුන් ලොක්කෙක් දැයි ප්‍රශ්න කරමිනි.

“තමුසේ ලොක්කෙක්ද…?..”

“ඔව්.. මම ලොක්කෙක් තමයි…”

“අනේ යනෝ හලෝ යන්න…. තමුසෙගේ ලොකුකම මගෙන් අහගන්න එපා. මාබිම පන්සලේ සිවුරක් අස්සෙ හැංගිලා හිටියේ. මගෙන් අහගන්න එපා…. මිනීමරුවො…”

“කාටද මිනීමරුවා කිව්වේ… අපේ බිමල් රත්නායක සභානායකතුමාටද… මන්ත්‍රීතුමා පුළුවන් නම් ඔප්පු කරන්න. කොහෙද මිනී මරලා තියෙන්නේ කියලා… නිකං බොරු චෝදනා නඟන්න එපා….” ටී බී සරත් නියෝජ්‍ය ඇමැතිවරයා ඒ ප්‍රශ්නය ඇහුවේ මයික්‍රෆෝනය තමන් වෙත ඔන් කරගෙනය. ඊට පෙර දයාසිරි අර කතාව කියන විට මයික්‍රෆෝනය ඔන් වී තිබුණේ නැත. ටී බී ගේ නැවත ප්‍රශ්න කිරීම නිසා බිමල් වෙත නැඟූ චෝදනාව හැමෝටම අහගන්නට පුළුවන් විය. මේ වෙලාවේ බිමල් රත්නායක තරමක් නොසන්සුන් වී සිටියේය. පොත්පත් ටික අකුළා ගත් ඔහු කලබලයෙන් සභාවෙන් යන්නට ගියේය. දුවන්නම දුන්නා නේදැයි කියමින් චාමර සම්පත්ලා දයාසිරිට විහිළු කරන්නට ගත්තේ ඉන් පසුවයි….

කථානායක හමුවන්නට
විපක්ෂයටම බැරිවෙලා …

එදා දවල් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකුත් පක්ෂ නායකයන් කීප දෙනෙකුත් කථානායක දොස්තර ජගත් වික්‍රමරත්න හමුවන්නට ගොස් සිටියහ. එහෙත් කථානායකවරයා පැමිණ වටපිට බලා මේ මොකදැයි ප්‍රශ්න කළේය…

“මගෙන් ඉල්ලීමක් කළේ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ හමුවකට. දැන් මේ මොකද විපක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ඇවිත්..”

“අපි කතා කරන්නේ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට පොදුවේ බලපාන ප්‍රශ්නයක් ගැන. ඉතින් ඒකට මන්ත්‍රීවරු ඉන්න ඕන…”

“පක්ෂ නායකයන්ට විතරයි අවස්ථාව තියෙන්නේ කතා කරන්න. මන්ත්‍රීවරු ඉන්නවා නම් මං මේකට එන්නේ නෑ” … කියමින් ජගත් කාර්යාලයට ගියේය… ඉන් පසුව සජිත් මන්ත්‍රීවරුන් සියල්ලෝම පිටත් කර හැරියහ. සජිත් සමග ගයන්ත, දයාසිරි, අර්චුනා ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ කීප දෙනෙක්ම සිටියහ…

“මෙයා මොකද මෙතන…. මෙයා පක්ෂ නායකයෙක් නෙවෙයිනේ…”

“දයාසිරි මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අපේ කණ්ඩායමත් එක්ක විපක්ෂයේ වැඩ කරනවා…” සජිත් කීවේය. එහෙත් කථානායකවරයා දයාසිරි පිළිගත්තේ නැත. පක්ෂ නායකයෙක් නොවන බව කියමින් දයාසිරි තවදුරටත් සිටින්නේ නම් මේ වැඩේ කෙරෙන්නේ නැතැයි බල කළේය. අවසානයේ කථානායක හා දයාසිරි අතර වචන හුවමාරුවක් ඇති විය. අවසානයේ දයා පිටව ගියේ කථානායක ලේකම්ටත් ලොකු දේශනයක් ලබා දෙමිනි…

“පුදුම උද්දච්ඡ කමක්නෙ මේ මිනිසුන්ගෙ තියෙන්නෙ. ඉස්සර කථානායකවරුන්ගෙන් මෙයාලා ඉගෙන ගන්න ඕන. මහින්ද යාපා, කරු ජයසූරිය, චමල්, ජෝෂප් මයිකල්, විජෙමු, අනුර බණ්ඩාරනායක වගේ දැවැන්ත දේශපාලන චරිත ඔය පුටුවෙ වාඩිවෙලා තියෙනවා. හැබැයි ඒ කාගෙවත් ළඟ මේ වගේ රස්නයක් තිබිලා නෑ. ඕනෙම මන්ත්‍රීවරයකුට ඕනම වෙලාවක ඇවිත් ඕනම ප්‍රශ්නයක් කථානායක එක්ක කතා කරන්න පුළුවන්කම තිබුණා. ඔයාගේ ලොක්කට කියන්න කතා කරන්න ඉගෙන ගන්න කියලා…” එසේ කියමින් දයාසිරි යන්නට ගියේය.

එදින දහවල් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එකට එකතු වී සාකච්ඡා කරමින් සිටියේ ආණ්ඩුවේ ලොක්කන්ගේ හා පොඩි පොඩි මන්ත්‍රීවරුන්ගේ උද්දච්චකම් ගැනයි. චාමර සම්පත් ද පැමිණ සිටීම නිසා කතාබස් බොහෝ සේ රසවත් විය.

උණුසුම් වාද විවාද කොපමණ තිබුණත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු නිසි පරිදිම කෙරෙමින් තිබිණි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එකට එකතු වී හැකි හැම අවස්ථාවකම සාකච්ඡා කරමින් කතාබහ කරමින් හිනාවෙමින් විනෝද වෙමින් සිටිනු දැකගත හැකි විය. එහෙත් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක්වත් ඒ කිසිදු කතා බහකට සම්බන්ධ වී කටයුතු කරනු දැකීම උගහට කරුණක් විය.

ගෘහකාරක සභාවේ
සැප ගැන ප්‍රශ්න…

ඒ අතර අඟහරුවාදා හවස පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට ලක් වූයේ එදින පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ඉදිරිපත් කර තිබූ යෝජනා කීපයක් සම්බන්ධවයි.

“මේගොල්ලෝ එකසිය පනස් නම දෙනා ගෙවල්වල මාර විදියට සැප විඳලා ආපු කට්ටිය. පාර්ලිමේන්තුවේ අවුරුදු තිස් ගාණක් තිබුණු හොඳ තත්ත්වයේ පුටු මේස දැන් මෙයාලට සැප මදි කියලා කියනවා…” මන්ත්‍රීවරයෙක් මතු කළ කාරණාව කෙරෙහි කවුරුත් අවධානය යොමු කළේ සැප ඉල්ලන්නේ කවුදැයි” ප්‍රශ්න කරමිනි.

“පාර්ලිමේන්තුවේ පුස්තකාලෙ තියෙන පුටු ටික සැප මදි ද…..”

“අනේ අපිට නම් වැඩිත් එක්ක…”

“ඒ වුණාට ඒගොල්ලන්ට මදිලුනේ…. පුස්තකාලෙ පුටුවල වාඩිවෙලා ඉන්න අපහසුයි සැප නෑ කියලා ඔන්න අලුත් පුටු මාරු කරන්න යෝජනාවක් ගෙනාවා ගෘහ කාරක සභාවට…”

“ඔය යෝජනාව අපේ ආණ්ඩුවකින් ගෙනල්ල ඒගොල්ලන්ගෙ ලොක්කා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටියනම් අහන කතාව මොකක්ද දන්නවද…”

“ඔහු ඉතින් එහෙම හිටියනං නිසැකවම අහයි පස්ස පැත්ත තියන්න ඔය තරම් සැප පුටු ඕනද කියල. තියෙන පුටුවේ සැප මදිද කියල අහයි.. මතකනේ අර එකපාරක් සැප වාහන ගැන ඔය ප්‍රශ්නෙම ඇහුවා.. කෝටි ගණනින් වටිනාකමක් කිව්වේ…”

“වෙන මොනාද වෙනස් කරන්න යන්නේ……”

“මාදිවෙල නිවාසවලට ජනෙල් තිර දාන්නත් පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාවට යෝජනා ගෙනාවා…”

“ඉස්සර නම් අපි ඉන්න ගෙවල්වලට ජනෙල් තිර දොර රෙදි දාගත්තේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා නෙවෙයි…”

“ඒ ඔයගොල්ලනේ. මේ ගොල්ලෝ මේ ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන්න අප කැප වෙලා ආපු කට්ටිය. රාජ්‍ය වියදම් අධික වීමට විරුද්ධව වැඩ කරපු කට්ටිය. රජයේ වියදම අඩු කරන්න යෝජනා ගෙන ආපු කට්ටිය…”

“දන්නවද තව වැඩක්… පාර්ලිමේන්තුවේ සහන මිලට ලබාදෙන සේවක සේවිකාවන්ගේ කෑම වේලක මිල වැඩි කරන්නත් යෝජනාවක් ආවා…”

“ඔව් ඉතින් කිසිම දෙයක් අඩුවෙන් කරගන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ මේක. ඉස්සරහට අපිට තව තව හොඳ දේවල් බලාගන්න හැකි වේවි… කියමින් පොදුවේ සාකච්ඡා කළ විපක්ෂයේ මන්ත්‍රීවරු තව තවත් බොහෝ දේ කතා බහ කරමින් සිටියහ..

බුලිත ප්‍රදීප් කුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
විශේෂාංග

පළාත් පාලනයේ දී රටවැසි සහභාගිත්වය සවිබල ගැන්වීම

විශේෂාංග

ඊශ්‍රායල් – ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද

විශේෂාංග

දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු

විශේෂාංග

වාර්තා චිත්‍රපටයෙන් හෙළිකළ ඇත්ත – එයාර් ඉන්දියා ඛේදය

විශේෂාංග

සිත තේරුම් ගැනීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok