ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 269 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
අනතුරින් එක් ගුවන් මගියෙකු දිවි ගලවා ගෙන ඇති අතර එම පුද්ගලයා මේ වන විට අහ්බදාබාද් රෝහලේ ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යානයේ ඉන්දීය ජාතිකයින් 169 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 දෙනෙකු සිට තිබුණි.
ුමළ සිරුරු හඳුනා ගැනීම සඳහා ඩීඑන්ඒ සාම්පල ඉදිරිපත් කරන්නැයි ඉන්දීය බලධාරීන්ල යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ පවුල්වලට දැනුම්දී තිබේ.
බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු විශේෂඥයින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
අනතුර විමර්ශනයට විශේෂ කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්කර යවන බව අමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ද නිවේදනය කළේ ය.