රුපියල් හතලිස් එක් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ල නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපොළකිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති , හරිත මාවත , ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (02) දින අලුයම රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන ඇය ඩුබායි සිට ල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 137 ක් සගවා ගෙන සිටියදී, රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.