දකුණු පළාතේ කාන්තා සභාපතිවරිය වන ලලනි ජයමිණී මහත්මිය (ජාතික ජන බලවේගය) බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ප්‍රාදේශීය සභා කාර්යාලයේදී අද (02) පෙරවරුවේ සුභ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ අක්මීමණ ආසන සංවිධායක කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අක්මීමණ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නව උප සභාපති වීරසිංහ පතිරණගේ ඉදුනිල් තරංග වීරසිංහ යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වරියන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.