දිවුලපිටිය, උල්වලපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන චානක නුවන් සංජීව හෙවත් කුඩු චානක මල්ලි (අවුරුදු 25) නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දිවුලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ජයටම කළ ගිය අතර ඔහු විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැරී ඇති බව පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
සැකකරු ළඟ තිබී මත්කුඩු ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 400 ක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
මොහු ඩුබයි රටේ රැඳී සිටින පුද්ගලයෙක් සමග කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කර ගෙන ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.