හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 82 වියේ පසු විය.
1960 දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1983 දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයේ , සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යාංශයට පත් කෙරිණි.2019 වසරේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය.