සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ .
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
ඉරිදා ( 22 ) පස්වරුවේ දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුර , කිසියම් පුද්ගලයෙකු මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන් බව එම වාර්තා සඳහන් කරයි .
ප්‍රහාරකයා අයි .එස් . අයි .එස් ( ISIS ) සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට මේ වන විට හෙළි වී තිබේ .
