ඉරානය එකට එක කිරීම පටන්ගනියි
ඇමෙරිකාව අද ( 22 ) ඉරානයට එල්ල කළ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය හොමූස් සමුද්‍ර සන්ධි කොරිඩෝව ( Oil Corridor Strait Of Hormuz )වසා දැමීමට සැරසේ .
මේ තීරණයට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ලොව තෙල් ප්‍රවාහන කටයුතු වැඩි ප්‍රමාණයක් සිදු කරන මාර්ගය වන්නේ හොමූස් සමුද්‍ර සන්ධිය යි .ඉරානය ඇතුළු බොහෝ මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය.
ඉරාන පාර්ලිමේන්තුවේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ අවසාන තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය මගින් ගැනීමට නියමිත බවද
එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ . එම තීරණය ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය අද රාත්‍රිය වනවිට ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත බව එහි සඳහන්ය.

