අද (09දා) උදෑසන 6:00 සිට රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පැය 24ක සංකේත වැඩ වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ .
එම සංගමය පෙන්වා දෙන පරිදි , රජයේ පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙකු දිගින් දිගටම කටයුතු කිරීම මෙකී වර්ජනයට හේතුවේ .
මේ නිසා අද දවසේ රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරාය සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යවරුන්ගේ සේවා අඩාළ වීමට නියමිත බවත් එම සංගමය සඳහන් කරයි.
එම ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණ හොත් ඉදිරියේදීද වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවද සඳහන් කරයි.
