Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාසයකින් පත්තරයක් ලැබුණේ නැහැ – හරක්කටා උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාසයකින් පත්තරයක් ලැබුණේ නැහැ – හරක්කටා උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මාසයකින් පත්තරයක් ලැබුණේ නැහැ – හරක්කටා උසාවියට කියයි

May 29, 2025
122 Views

දිනපතා පත්තර දුන්නොත් ඒ හරහා පණිවිඩ ලැබෙනවා

පරණ පත්තර පොත් දෙනවා – රජයේ අධිනීතිඥ

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (28දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට ඉදිරිපත් කළේය.

පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව එකී වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි.

එකී විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ කැඳවිණි. විත්තිය ඉල්ලා ඇති සියලු ලේඛන මේ වනවිට පැමිණිල්ල විසින් ලබාදී ඇති බැවින් නඩු විභාගය ආරම්භ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා, සිය සේවාදායකයාට කියවීමට අවශ්‍ය පුවත්පත් හා පොත්පත් ලබාදීමට පියවර ගන්නා ලෙසට අධිකරණය විසින් මින් පෙර ද නියෝග කොට ඇතත් එකී නියෝගය ප්‍රකාරව ඔහු භාරව සිටින නිලධාරීන් කටයුතු නොකරන බව අධිකරණයට පැවසීය. එම කරුණු සත්‍යයක් දැයි අධිකරණය විසින් විත්තියේ නීතිඥවරයා මාර්ගයෙන්ම විත්ති කූඩුවේ සිටි විත්තිකරුගෙන් විමසා සිටි අතර තමන්ට මාසයකින් පුවත්පත් කිසිවක් නොලැබුණ බව විත්තිකරු අධිකරණයට පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ අධිනීතිඥවරයා දිනපතා පුවත්පත් ලබාදුනහොත් ඒ හරහා ඔහුට යම් යම් පණිවිඩ හා තොරතුරු ලැබීමේ හැකියාව පවතින බවත් එය ගැටලු සහගත තත්ත්වයක් ඇතිකරන්නක් බවත් අධිකරණයට පැවසීය. කෙසේ වෙතත් පැරණි පුවත්පත් හා නවකතා පොත් ආදිය විත්තිකරුට ලබාදීමට පියවර ගෙන ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පැවසීය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසිවලට අනුකූව විත්තිකරුට ලබාදිය හැකි දේවල් ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග කළේය.

මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් තමාට ද කටයුතු කළ හැක්කේ පවතින නීතිමය සීමාවන්ට යටත්ව බවත් ඉන් ඔබ්බට යම් ඉල්ලීමක් කරන්නේ නම් ඒවා ඉහළ අධිකරණය වෙත යොමු කළ යුතු බවත් විනිසුරුවරයා පැවසීය.

හරක්කටා නමැත්තා අපරාධ පරීක්‍ක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023.09.10 වැනිදා ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරිවරයකුට පහරදී පලායෑමට තැත්කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න, දිනේෂ් තරංග හා හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප යන තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා

ප්‍රධාන පුවත්

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගවල යන වාහනවල මගීන්ටත් ආසන පටි පැලඳීම අනිවාර්ය වෙයි

ප්‍රධාන පුවත්

92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok