Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු

July 7, 2025
817 Views

මුදල් භාරකරු සහ සගයෝ අත්අඩංගුවට

ව්‍යාපාරික ආයතනවල දෛනිකව එකතු වන මුදල් ගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවකු සිය සගයින් දෙදෙනකු සමග එක්ව පැහැර ගත් රුපියල් හාරකෝටි හැටනව ලක්ෂ නවසිය හතළිහක මුදලක් පැය 24 ක් ගත වීමට මත්තෙන් පෙරේදා (05 දා) කටාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් භාරකරු සිය රියැදුරු සමග මෝටර් රථයකින් කිඹුලාපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාර ගැනීම සඳහා 03 වැනිදා රාත්‍රී 06.30 ට පැමිණ තිබේ. එහිදී කටියල පලතුරු කම්හලට හැරෙන හංදියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු තම මුදල් රැගත් මෝටර් රථය හරස් කර මුදල් රැගෙන පලා ගිය බව මුදල් භාරකරු පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය මුදල් භාරකරු පැමිණෙන අතරතුර අතරමගදී තවත් මෝටර් රථයක රියැදුරකු සමග කිසියම් කතාබහක නිරත වන ආකාරය ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවූ කටාන පොලිසිය මුදල් භාරකරු අතරමගදී කතා කළ මෝටර් රථයේ සිට ඇත්තේ මුදල් භාරකරු ගමන් ගත් මෝටර් රථයේ රියැදුරුගේ ඥාතී සොහොයුරකු බවත් ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය කර ගෙන තිබේ.

ඉකුත් 05 වැනිදා දහවල් වනවිට මුදල් භාරකරු, ඔහුගේ රියැදුරු ඥාතී සොහොයුරා වන රියැදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබිණි. කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොහොයුරාගේ නිවසේ පැහැර ගත් බවට සඳහන් කළ මුදල සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයේෂ් පෙරේරා, උප පොලිස් පරීක්ෂකවරුන් වන සේනාරත්න, ඩයස්, පොලිස් සැරයන් (38852) දුලිප්, පොලිස් කොස්තාපල්වරුන් වන (82758) කුලතුංග, (97902) ධනංජය සහ (102353) අකලංක යන නිලධාරීහු සිදු කරති.

කටුනායක – ටී. කේ. ජී. කපිල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කොස්ගම වෙඩි මන්නා රමේෂ්ගේ ඕඩරයට

ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට වැසුණු KDU වෛද්‍ය පීඨයේ දොර යළි ඇරේ

ප්‍රධාන පුවත්

භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න

ප්‍රධාන පුවත්

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

ප්‍රධාන පුවත්

පොලිස් කොට්ඨාස 7ක දෙදින මෙහෙයුමෙන් සැකපිට 750ක් දැලේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok