Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න

July 7, 2025
413 Views

යුද හමුදාව හා ප්‍රදේශවාසීන් සමග ගොඩගන්න පශු වෛද්‍යවරු ලොකු සටනක

වෙඩි වැදීමෙන් තුවාල ලබා පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළකට වැටී ජීවිතයත්, මරණයත් අතර වේදනාබර සටනක යෙදී සිටින භාතිය නම් දළ ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පශු වෛද්‍යවරු විශාල පරිශ්‍රමයක නිරතව සිටිති. යුද හමුදා නිලධාරීන්ගේ ද සහායෙන් වතුර වළේ ජලය ඉවත් කරමින් ඇතාට ප්‍රතිකාර කිරීම ඊයේ (06දා) වනවිට කඩිනම් කරමින් තිබුණි.

මහාචාර්ය දංගොල්ල මහතා ඇතා පරීක්‍ෂා කර වළේ ජලය අඩුකර ප්‍රතිකාර (සේලයින්) ලබාදීම ආරම්භ කර තිබිණි. ඇතාගේ මාංසපේශි දුර්වල මට්ටමක පැවැතීම නිසා ඇතා කෙළින් නොකර වළේ කොනකට ගෙන ප්‍රතිකාර කළ යුතු බවත් වතුර වළේ රැඳීසිටීම නිසා ඇතාගේ ජීවිතය මේ වනතෙක් රැඳී ඇති බවත් දංගොල්ල මහතා පවසයි.

රුධිර සාම්පල් පරීක්‍ෂාවෙන් ඇතාගේ පෝෂණ මට්ටම පහත යමින් පවතින බව නිරීක්‍ෂණය වී තිබේ. එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා පෝෂණ මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය දෑ සිදුකරමින් සිටින බවත් ඒ මහතා කීය.

දැනට සිදුකරන ප්‍රතිකාර කඩිනමින් කිරීමට ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දෙන ලෙසට පසුගිය සිකුරාදා (04දා) ඇතාට ප්‍රතිකාර කරන ස්ථානයට පැමිණි පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මහාචාර්ය දංගොල්ල මහතා සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායම්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය අධ්‍යක්‍ෂ තාරක ප්‍රසාද්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහව පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් එක්ව ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ප්‍රදේශවාසීන් ඇතාට අවශ්‍ය ආහාර රැගෙනවිත් දීම ද ආරම්භ කර තිබුණි.

යුද හමුදාව විසින් ඇතා අව් රශ්මියෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා අව් ආවරණයක් ඉදිකිරීමටත් වැලි කොට්ට යොදා ඇතාගේ හිස ජලයට වැටීම වළක්වා ගැනීමටත් කටයුතු කර තිබුණි.

ජගත් කනහැර, චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කොස්ගම වෙඩි මන්නා රමේෂ්ගේ ඕඩරයට

ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට වැසුණු KDU වෛද්‍ය පීඨයේ දොර යළි ඇරේ

ප්‍රධාන පුවත්

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

ප්‍රධාන පුවත්

හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු

ප්‍රධාන පුවත්

පොලිස් කොට්ඨාස 7ක දෙදින මෙහෙයුමෙන් සැකපිට 750ක් දැලේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok