වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද (04දා) සිට ක්‍රියාත්මක වේ.
නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැත.
නව ගාස්තු සංශෝධනයට අනුවල රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකිනි.
ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 02, 03 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩුවනු ඇත.
එසේමල මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේය.