ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ හා හමාස් සංවිධානය පරාජය කිරීමේ කාර්යයන් දෙකම ඉටුකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. ඊශ්‍රායල අගමැතිවරයා මාස ගණනකට පසු හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සිය ප්‍රමුඛ කාර්යයක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඊශ්‍රායල අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකට මැදි වූ විiාවන් පිළිබඳ වයිස්මන් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේදීය. හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඊශ්‍රායලයේ පසුගිය දිනවල උද්ඝෝෂණ පැවති බව වාර්තා විය.