ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.ඒ ජූලි මාසයට අදාලව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුවයි.රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305කි.රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289කි.රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289කි.රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නොමැත.රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද වෙනස් නොවේ.
Reading: තෙල් මිල ඉහල ට