Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගම්සභා ක්‍රමයෙන් පාඩමක් ගනිමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගම්සභා ක්‍රමයෙන් පාඩමක් ගනිමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

ගම්සභා ක්‍රමයෙන් පාඩමක් ගනිමු

June 30, 2025
356 Views

වර්ග සැතපුම් 25,332ක් විශාල වූ ද ලෝකයේ ලොකුම දූපත්වලින් එකක් වූ ද ශ්‍රී ලංකාව පළාත් 9කට බෙදා තිබේ. මේ පළාත් නවය තුළ දිස්ත්‍රික්ක 25ක් ඇත. එකී දිස්ත්‍රික්ක 25 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බෙදා තිබේ. ඒ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළම ග්‍රාම නිලධාරි වසම් ඇත. රටක් මේ ආකාරයට කුඩා කොටස්වලට බෙදාගත් කල පාලනය කිරීම පහසුය. පරිපාලන පහසුව තකා රට කුඩා කොටස්වලට වෙන් කිරීමත් රට කඩා වෙනම රාජ්‍ය පිහිටුවීමත් යනු කාරණා 2කි. අපේ කතුවැකිය අද වෙන් වන්නේ පරිපාලන පහසුව තකා දැනට මේ රටේ පිහිටුවා තිබෙන පළාත් පාලන ආයතන, මේ රටේ දේශපාලන සංස්කෘතියට මොනතරම් අවමානයක් ගෙනදෙන්නේ ද යන්න පැහැදිලි කිරීමටය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන මැතිවරණ 3ක් ද ජනාධිපතිවරණ 1ක් ද තිබේ. ප්‍රධාන මැතිවරණ 3 වන්නේ මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයයි. මේ 3න් පළාත් සභා මැතිවරණය සහ පළාත් සභා පිහිටුවීම ප්‍රයෝජනයක් නැති කාරණාවක් ලෙස දැනට සලකනු ලැබේ. පළාත් සභාව යනු ප්‍රභාකරන් සතුටු කිරීම සඳහා ඉන්දියාව විසින් අපේ රට තුළ පිහිටුවන ලද පරිපාලන ඒකකයකි. එහෙත් පළාත් සභා ක්‍රමයෙන් ප්‍රභාකරන් සතුටු කිරීමට බැරි විය. ප්‍රභාකරන් භාගෙට රජ කරවීම සඳහා ඉන්දියාවේ ඉල්ලීම මත මේ රටේ පැවැති පළමු වන පළාත් සභා ඡන්දය ප්‍රභාකරන් විසින් ම වර්ජනය කරන ලදී. ඒ අනුව පළාත් සභාවේ මහ ඇමැතිකම හිමිවන්නේ ප්‍රභාකරන්ගේ පරම සතුරකු වූ වර්ධරාජා පෙරුමාල්ට ය. මේ පළාත් සභාවට කැබිනට් මණ්ඩලයක් ද තිබිණ. දෙමළ ඇමැතිවරුන්ට අමතරව සිංහල ඇමැතිවරු එක් අයකු හෝ වැඩි ගණනක් එම පළාත් සභාව තුළ වූහ. එහෙත් එම පළාත් සභාව මුළු ජීවිත කාලයම ගත කළේ සැඟවිලාය. මන්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් පළාත් සභා ඇමැතිවරුන්ටත් පළාත් සභාවේ මහ ඇමැතිටත් වෙඩි තබන ලෙස ප්‍රභාකරන් ඕඩරයක් නිකුත් කර තිබිණ. මේ දිනවල පළාත් සභා නැත. කාලය නිමවීම නිසා ඒවා අහෝසි වී ගොසිනි. අලුත් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු නමුදු එය ද දැන්ම කෙරෙන හැඩක් නොපෙනේ. අපේ රටේ තුන්වන වැදගත්ම මැතිවරණය වූ පළාත් පාලන ඡන්දය පසුගියදා පවත්වන ලදී. එම ඡන්ද රේස් එකේ මුලට පැමිණීමට එන්පීපී – ජේවීපී ආණ්ඩුව කල්පනා කර තිබුණු නමුදු එම උත්සාහය ද සාර්ථක වුණේ නැත. ලංකා ඉතිහාසයේ නරකම පළාත් පාලන ඡන්දය පසුගියදා පවත්වන ලද ඡන්දය බවට විශ්වාසයක් තිබේ. දැනට තිබෙන ආරංචියේ හැටියට එම ඡන්දය ගේම් විමානයකි. මේ ඡන්දය කෙතරම් නරක් වී ද යත් මීට දින කිහිපයකට පෙර එක්තරා පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරුන් දෙදෙනකු කිසියම් පිරිසක් විසින් උස්සන ලදී. මෙසේ ඉස්සූ දෙදෙනා තෙදිනක් පමණ අතුරුදන්ව සිට පසුව වෙරළකින් මතු වූහ. සාමාන්‍යයෙන් වෙරළ තීරවලින් මතු වන්නේ පණ ඇති මිනිසුන් නොවේ. රිචඩ් සොයිසාගේ සිරුර වෙරළකින් මතු වූ නමුදු මළමිනියක් විය. එසේම වෙරළකින් මතු වූ සාගරිකා ගෝමස්ගේ දේහය ද මළසිරුරකි. 88-89 භීෂණයේදී තරුණ තරුණියන්ගේ මළසිරුරු විශාල ප්‍රමාණයක් වෙරළවලින් මතු විය. එහෙත් අපේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු හිංසාවකට ලක් නොවී වෙරළින් මතුවීම වාසනාවකි.

ඡන්දයෙන් පසු පළාත් පාලන ආයතන පිහිටුවීමේ වැඩපිළිවෙළ මිනී මරාගන්නා තැනකට පත්වූ බව පෙනෙයි. පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා ඒ ඒ පළාත් පාලන ආයතන වෙත ගිය පළාත් පාලන කොමසාරිස්වරු මහත් දුකට පත් වූහ. ඔවුන්ට කතා කිරීමට සභිකයන් ඉඩ දුන්නේ නැත. ඒ අනුව පළාත් පාලන ආයතන පිහිටුවීම විශාල අලගොඩක් බවට පත්විය. එහෙත් අපගේ පළාත් පාලන ඉතිහාසයේ මුලහරිය දෙස බලනවිට මෙවැනි ආරවුල් හටගැනීමක් සිදුවූ බව වාර්තා වී නැත. පාලනය කිරීම පහසුව තකා ශ්‍රී ලංකාව මුල්වරට කොටස් කරන ලද්දේ ක්‍රි.පූ. 437දී පණ්ඩුකාභය රජතුමා විසිනි. එකල රජරට, රුහුණ සහ මලය රට යනුවෙන් කොටස් 3ක් විය. මේ ප්‍රධාන ප්‍රදේශ 3 තුළ රටවල් වශයෙන් ම නම්කරන ලද කුඩා රටවල් ද විය. ඒ කුඩා රටවල් රටේරාලලා හෝ රටේ මහත්වරුන් විසින් බලාගන්නා ලදී. රජරටටත් රුහුණු රටටත් මලය රටටත් වෙන වෙනම පාලකයෝ සිටියහ. දැනට කරන ලද සොයාගැනීම්වලට අනුව මෙකල ලංකාවේ ජනගහනය ලක්ෂ 3ට අඩුය. එය ලක්ෂ 5ක් යැයි තවත් මතයක් තිබෙයි. මේ පිළිබඳ අදහසක් ලබාගැනීම සඳහා ඔබට කුඩා නියැදියක් කියමු. ක්‍රි.පූ. 500දී පමණ තිස්සමහාරාමයේ සිටි මුළු ජනගහනය 3600කි. මේ අනුව ලංකාවේ ආදි ජනගහනය සහ එය පාලනය කිරීමේදී කෙබඳු තත්ත්වයක් ඇතිවී දැයි සිතා ගැනීමට පුළුවන. බි්‍රතාන්‍යය විසින් ලංකාව අත්පත් කරගැනීමෙන් පසුව පැරණි රාජ්‍ය පාලන ක්‍රමයට අනුරූප වූ පරිපාලන රටාව ඉවත් කරන ලදී. ඉන්පසු ගම්සභා ක්‍රමය තහවුරු විය. එකල ගමේ සිටි ගම් සභාපති ඉතා බලසම්පන්න මිනිහෙක් විය. ඔහු ගමේ සිටි වැදගත් ම මිනිහා විය. ඔහුට ඉඩකඩම් හා මුදල් ද තිබිණ. ඒ නිසා ඔහු අනුන්ගේ මුදල් සුද්ද කිරීමටත් ඉඩකඩම් කඩාවඩා ගැනීමටත් ගියේ නැත. ගමේ ගම්මුලාදෑනියෙක් සිටියේය. මේ ගම්මුලාදෑනියා විසින් මේ රටේ ජනතාවගේ සංස්කෘතික ස්වභාවයට පර්යාය වන පරිදි ගම පාලනය කරන ලදී. එකල රටේ ප්‍රධානතම ආගමික ආයතනය වූ පන්සල සමග ජනතාවට සම්බන්ධකම් තිබිණ. උසාවි, පොලිසි නොගොස් ආරවුල් විසඳීමේ බලය ගම්මුලාදෑනියාට තිබිණ. සමාජ අර්බුද විසඳන ලද්දේ පන්සලෙනි. භික්ෂුන් වහන්සේලාට කොතරම් තැනක් තිබී ද යත් පන්සලේ නායක භික්ෂුව පළාතේ යුව රජකු හා සමාන විය. ඉංග්‍රීසි පාලකයන් පවා ගමේ පන්සලත් සමග කතා කර ගමේ අර්බුද විසඳූ බවට දැන ගන්නට තිබේ. එකල අද මෙන් සල්ලිවලට මන්ත්‍රීවරුන් මිලට ගැනීමක් නොවීය. කවුරුවත් මුදලට විකුණුනේ ද නැත. දැනට තිබෙන පළාත් පාලන ක්‍රමය අහෝසි කිරීමට නොහැකි බව අපි පිළිගනිමු. එහෙත් මේ ක්‍රමයට පැරණි ගම්සභා ක්‍රමයේ වැදගත් ගති ලක්ෂණ ආරෝපණය කළ හැකි නම් අපේ රට මීට වඩා සංයමයක් ඇති රටක් බවට පත්වනවා ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
කතුවැකි

බොකාසා මොඩලය සහ රඹුක්වැල්ල මොඩලය

කතුවැකි

දිව්‍ය ලෝක සැප සහ මීළඟ යුද්ධය

කතුවැකි

හිඟාකෑම නමැති රමණීය වෘත්තිය…

කතුවැකි

සෞඛ්‍ය ඇමැතිගේ අවධානය පිණිසයි

කතුවැකි

ඩොනල්ඩ්ගේ අලුත් ට්‍රම්පට් එක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok