ආයතන 216ක බලය පිහිටුවයි
සමස්ත විපක්‍ෂයටම 80යි
මෙවර පළාත් පාලන මැතිවරණයට අනුව එම ආයතනයන්හි බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය හෙවත් ආණ්ඩු පක්‍ෂය මේ වනවිට පළාත් පාලන ආයතන 216ක බලය පිහිටුවා ඇත. එහිදී සමස්ත විපක්‍ෂය විසින් පිහිටුවා ඇති පළාත් පාලන ආයතන ගණන 80කි.
ඒ අනුව මේ වනවිට විපක්‍ෂයෙන් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් පිහිටුවා ඇත්තේ සමගි ජන බලවේගයයි. එම ප්‍රමාණය 30කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 04ක ද, එක්සත් ජාතික පක්‍ෂය ආයතන 01ක ද, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය ආයතන 19ක ද බලය පිහිටුවා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 04ක්, ලංකා කම්කරු කොංග්‍රසය 03ක්, පොදුජන එක්සත් පෙරමුණ 02ක් සහ වෙනත් කණ්ඩායම් විසින් ආයතන 17ක බලය පිහිටුවා ඇත.
පළාත් පාලන ආයතන 9ක ඡන්ද විමසීම කල් ගිය අතර සමස්ථ එකතුව 305කි. පසුගිය සිකුරාදා සවස 3.30 වන විට මෙම තත්ත්වය වාර්තා විය.
අකිත පෙරේරා