දෛනිකව මෙරට තුළ ලක්‍ෂයකට වැඩි පිරිසක් මත්කුඩු භාවිත කරන බවත් ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් ගංජා පාවිච්චි කරන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ මහත්මිය පැවසුවාය.
මෙම මතට ඇබ්බැහි වූවන්ගෙන් බොහෝ දෙනකු එක් වර්ගයක් නොව කිහිප වර්ගයකම මත්ද්‍රව්‍ය භාවිත කරන බවද පවසන අලුත්ගේ මහත්මිය මෙම පිරිස අතරින් බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ඔවුන්ගේ සමිපතමයන්වත් නොදන්නා බවද කීවාය.
ඇතැම් විට මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වූ අවස්ථාවල වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ මෙම මත්ද්‍රව්‍යවලට විකල්පයක් ලෙස අවභාවිත කරන බවද ඇය පැවසුවාය.
කමල් බෝගොඩ