වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27දා) සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ හේතුවෙන් වැලිගම ප්‍රදේශීය සභාව තුළ මේ වන විට ඉතා උණුසුම් තත්ත්වයක් දැකගත හැකි බව වාර්තා වෙයි.
මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර ඇත.