Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්

June 27, 2025
357 Views

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. එසේම, සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවත් හිටපු ජනපති ම්බෙකි මහතා ප්‍රකාශ කළේය.

විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවට ම්බෙකි මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් ෂාල්ක් ( Sandile Schalk), තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස්වෙල් බොක්වානා (Maxwell Boqwana) , තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලුක්හන්යෝ නීර් (Lukhanyo Neer) යන මහත්වරුද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ කළමනාකරු අනුෂ්කා ලෙව්කේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විගස පුවත්

මදුරාවල ප්‍රා.සභාපති එජාපයෙන්

විගස පුවත්

උපාලි ලියනගේ අල්ලස් දැලේ

විගස පුවත්

ශ්‍රී ලංකන් හිටපු සභාපති අත්අඩංගුවට

විගස පුවත්

ශ්‍රී ලංකා පිළ 458යි-ලකුණු 211ක් ඉදිරියෙන්

විගස පුවත්

නාමල්ගේ නඩුවක් කල් යයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok