අයුතු ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 8 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (26දා) පස්වරුවේ නියෝග කළාය.
සැකකරු සතු වත්කම් පිළිබඳව සැබෑ තොරතුරු අනාවරණය කර නොමැති බවත් ඔහු සම්බන්ධයෙන් අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සමග කියවිය යුතු දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය ප්‍රකාරව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවත් පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක