Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 14ක් වැය කර බාල බෙහෙත් ගෙන්වූවාටත් කෙහෙළිය ඇතුළු 12කට නීතිපති නඩු පවරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 14ක් වැය කර බාල බෙහෙත් ගෙන්වූවාටත් කෙහෙළිය ඇතුළු 12කට නීතිපති නඩු පවරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කෝටි 14ක් වැය කර බාල බෙහෙත් ගෙන්වූවාටත් කෙහෙළිය ඇතුළු 12කට නීතිපති නඩු පවරයි

June 27, 2025
516 Views

අධිචෝදනා 13ක්, සාක්ෂිකරුවන් 350ක්, නඩු භාණ්ඩ 300ක්

හිටපු ජනපති රනිල් හා හිටපු ඇමැති 4කුත් සාක්‍ෂිකරුවන්ගේ ලැයිස්තුවට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැය කර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලෝබියුලින් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්, ව්‍යාජ ලේඛන උපයෝගි කරගනිමින් ආනයනය කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (26දා) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු පැවරීය.

අධිචෝදනා 13කින් යුත් එකී අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අසේල විජේසිංහ මහතාගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

2022 වසරේදී රට තුළ පැවැති ආර්ථික අර්බුදයට මුවාවී ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය බැහැරව අයිසොලෙස් බයෝටෙක් ෆාමා පුද්ගලික සමාගම හරහා ආනයනය කර රට පුරා පිහිටි රජයේ රෝහල්වලට එකී එන්නත් බෙදාහැර තිබුණි. එම එන්නත් භාවිත කළ රෝගීන් විශාල පිරිසක් දැඩි ලෙස රෝගී වී තිබිණි. ඒ සම්බන්ධයෙන් 2023 වසරේදී ලැබුණ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශන වසර දෙකකට ආසන්න කලකදී අවසන් කර ඇති අතර ඉදිරිපත් වූ සාක්ෂි, ලේඛන ඇතුළු විද්‍යාත්මක වාර්තා ඇතුළු විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව එම නඩුව පැවරීය. එම නඩුව හදිසි හා සුවිශේෂි නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විභාගය සඳහා පත්කරන්නැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මහේන් වීරමන්, අමාලි රණවීර හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඬුල්ල පත්කර ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් ලක්ෂ 1444ක මුදලක් ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධි සාවi පරිහරණය ඇතුළු චෝදනා යටතේ පවරා ඇති එම නඩුවේ විත්තිකරුවන් ලෙස පහත සඳහන් 12 දෙනා නම් කර තිබිණි.

අයිසොලීස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, හිටපු ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ධර්මසිරි රත්නකුමාර හේරත්, කෙහෙළිය රඹුක්වැල්ල.

ඔවුන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය තුසිත සුදර්ශන අරඹේගෙදර, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර ද එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි. විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය විමර්ශන ආරම්භ කිරීමට පෙරම විදේශගත වී තිබූ අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත මුදාහැර ඇතත් පළමු විත්තිකාර එන්නත් සැපයූ සමාගම් හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු ලේඛන හා භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා විසින් සාක්ෂි හා නඩු භාණ්ඩ ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් හා උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් ද නම් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඩොක්ටර් මහේෂි මෙච්චරකල් හිටියේ කොහොමද ?

June 22, 2025
Related News
ප්‍රධාන පුවත්

චෝදනා 43ක් යටතේ කෙහෙළියගේ මුළු පවුලටම අල්ලස් කොමිසමෙන් නඩු

ප්‍රධාන පුවත්

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

ප්‍රධාන පුවත්

අයුතු ලෙස වත්කම් රැස් කළැයි හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

දරුවනේ ප්‍රවේශම් වෙන්න

ප්‍රධාන පුවත්

අපේ සිංහල වචන රැසක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok