Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උතුරේ සහ දකුණේ දුප්පත්කමේ වෙනසක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උතුරේ සහ දකුණේ දුප්පත්කමේ වෙනසක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

උතුරේ සහ දකුණේ දුප්පත්කමේ වෙනසක් නෑ

June 26, 2025
460 Views

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ හත්වන කණ්ඩායමේ විද්‍යාර්ථීන් විසින් යාපනය ප්‍රදේශයේ සමාජ පර්යේෂණයක් සිදුකර ඇත. 2025 මැයි මස 23, 24 සහ 25 යන තෙදින තුළ ‘යාපනය ජනයාගේ කුල ක්‍රමය සමාජ සංවර්ධනයට සිදුකර ඇති බලපෑම’ මැයෙන් සමාජවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර ඇති අතර එමගින් හෙළිව ඇති පර්යේෂණ තොරතුරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා අපට හෙළි කළේය. මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ හත්වන කණ්ඩායමේ විද්‍යාර්තීන් 52 ක් පමණ සහභාගි වී ඇත. මේ දත්ත ලබා ගැනීමේ ක්ෂේත්‍ර පර්යේෂණය පරිවර්තකයන්ගේ ද සහාය ඇතිව ඉතාමත් සාර්ථකව සිදු කිරීමට හැකිව ඇත. මේ ගැන වැඩිදුර තොරතුරු මහාචාර්ය මයුර සමරකෝන්ගෙන් අපි විමසුවෙමු. ඒ අනුව පහතින් සටහන් වන්නේ මේ ගැන ‘දිවයින’ කළ විමසුමට මහාචාර්යවරයා ලබා දුන් පිළිතුරුයි.

ප්‍රශ්නය —- යාපනය ප්‍රදේශයේ ඔබතුමන්ලා පසුගියදා අලුත්ම පර්යේෂණයක් සිදු කරලා තිබුණා. මේ පර්යේෂණයේ තේමාව සහ මෙවැනි පර්යේෂණයක් යාපනය ප්‍රදේශයේ සිදුකිරීමට මූලික වූ හේතුව කුමක්ද?

පිළිතුර — ශ්‍රී ලංකාවේ ජන සමාජයේ අතීතයේ සිටම යම් කුල ක්‍රමයක් තිබිලා තියෙනවා. අතීතයේ ගත්තහම කුල වැඩවසම් ක්‍රමයක් තිබුණ. පසුව එය බිඳ වැටිලා ඒකෙ නෂ්ටාවශේෂ වූ කුල ක්‍රමයක් තවමත් තියෙනවා. උතුරේත්, දකුණේත් මේ කුල ක්‍රමය ක්‍රියාත්මක වුණා. නමුත් දකුණ වේගයෙන් නවීකරණය වීම නිසා මේ කුල ක්‍රමය ටික ටික යටපත් වුණා. එහෙත් විශේෂ අවස්ථාවලදී, විවාහයක් වැනි අවස්ථාවල දී, කෙනෙකුට පරිභව කරන අවස්ථාවක දී වගේ එය ක්‍රියාත්මක වුණා. එසේ වුවත් දකුණේ දී යම් කිසි කෙනකුට ඉහළට පැමිණීමට ඇති අවස්ථාව ඒ නිසා අඩු වෙන්නේ නෑ. මේ නිසා යම් ආකාරයට ඒ තුළ යම්කිසි ප්‍රගතිශීලී බවක් තියෙනවා. නමුත් උතුරේ කුල ක්‍රමය ගත්තම තවමත් සමාජීය වශයෙන් බාධක එල්ල කරනවා. විශේෂයෙන්ම යම් යම් ප්‍රදේශවල තවමත් විවිධ කුලවලට, කවර කුලවල අය ද ඉන්නේ කියන එක පිළිබඳව අවධානයක් තියෙනවා. සමහර අවස්ථාවල දී අපි මේ පර්යේෂණවලින් දැකපු දෙයක් තමයි ඒක පීඩනයක් වෙලා තියෙනවා. සමහර විට රජයේ ඉහළ රැකියාවකට කෙනෙක් ගියොත් ඉහළ නිලවල ඉන්න අය විමසනවා කොහේ ද, කවු ද?, මොන ගමෙන් ද ආවේ? එම ගමේ කුමන කොටසෙන් ද ආවේ කියල විමසනවා. එසේ කරන්නේ ඒ කුලය ගැන අදහසක් ගන්න. ඒක ගත්තොත් රජයේ ආයතනවල පමණක් නොවෙයි යාපනය විශ්වවිද්‍යාලය තුළත්, ද්‍රවිඩ ජාතික ළමයින් අතරෙත් එවැනි තත්ත්වයක් දර්ශනය වෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ වගේ ප්‍රබල තත්ත්වයක් නෑනේ. සමහර වෙලාවල ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමේ දී පවා ඒ ගැන විමසිලිමත් වන ආකාරයක් තමයි දක්නට ලැබුණේ. මේකට ප්‍රධාන හේතුව මම හිතන්නේ යාපනය දීර්ඝ කාලයක් නවීන නොවීම නිසයි. ඒ ප්‍රදේශය යුද්ධයක් එක්ක වසර 30 කට අධික කාලයක් තිබුණ. ඒකෙන් යුද්ධය ඉතාම දරුණුවට තිබුණ වසර 25 ක පමණ කාලයේ දී ඔවුන් තනිකර යාපනයටම කොටුවී සිටීම නිසා ඔවුන් ලෝකය සමග සම්බන්ධ වීමට අවස්ථාව නොවුණු නිසා ඒකෙ නෂ්ටාවශේෂ විදියට තමයි ඒ සංස්කෘතිකාංග දක්නට ලැබෙන්නේ. කුලය කියන්නේ සංස්කෘතියේම කොටසක්නේ. එය තවමත් යම් යම් සංස්කෘතිකමය බාධාවන් කරමින් දක්නට ලැබෙනවා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්
සමාජවිද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ප්‍රශ්නය — මේ පර්යේෂණය සඳහා සහභාගි වූ පිරිස කවුද?

පිළිතුර — අපි ඇත්තටම යාපනය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ගේ සහයෝගයත් ලබාගත්තා. එහි ආචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.ජීවසුදන් මහත්මා ලොකු කැපකිරීමකින් මේ කටයුත්තට දායක වුණා. ඔහු අපට ඒ අය සම්බන්ධ කරලා දීල සමාජ විද්‍යාඥයෙක් ලෙස ඔහුට යම් ආකාරයට තිබෙන අත්දැකීම් සමග ලබාදුන් දායකත්වය මීට ලොකු ශක්තියක් වුණා. හේතුව මේ කුලය කියන එක සමාජයේ නිලීන තත්ත්වයක්නේ. ඒ ගැන කව්රුත් විවෘතව කතා කරන්න කැමති නෑ. ඒත් මේක යටින් ක්‍රියාත්මකයි. විශේෂයෙන් එතන වැඩිහිටි ශිෂ්‍යයෝ හිටියේ. ඒකයි මේ වගේ සමාජයේ තිබෙන සියුම් කරුණක් ගැන වන පර්යේෂණයකට මම පශ්චාද් උපාධි ශිෂ්‍යයෝ යොදා ගත්තේ. අපට සහාය දුන් එස්.ජීවසුදන් මහත්මාගේ මේ ගැන යම් කිසි මතයක් තිබුණ. එසේම මේ ගැන ඔහුගේ කතාවක් තිබුණ. අපේ කතාවක් තිබුණ. මේ ඔක්කොම එකතුවෙනකොට අපට යම් කිසි චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වුණා, මේ ප්‍රදේශයේ තියෙන මේ කුලය කියන සාධකය මොන ආකාරයට ද සමාජයේ සංවර්ධනයට තවමත් බාධාවක් වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව.

ප්‍රශ්නය — සමාජවිද්‍යා ශාස්ත්‍රපති විiාර්ථීන් කොපමණ මේ සඳහා සහභාගි වුණා ද?

පිළිතුර — – විද්‍යාර්ථීන් 52 ක පමණ ප්‍රමාණයක්. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස මම සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු තව කීප දෙනෙක් සම්බන්ධ වුණා, මේ පර්යේෂණයේ මග පෙන්වීම සඳහා. එසේම යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කීප දෙනෙක් සම්බන්ධ වුණා. ඒ නිසා යාපනය විශ්වවිද්‍යාලයටත් ගිහින් ඒ සිසුන් සමග කතා කරන්න අපට පහසුකම් සලසල තිබුණ.

ප්‍රශ්නය — – යාපනයේ කොයි ප්‍රදේශයේ ද මෙය සිදු කළේ සහ කොපමණ පිරිසකගෙන් මේ සඳහා දත්ත ලබාගත්තා ද?

පිළිතුර — අපි ඇත්තටම මේක කළේ යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ. පර්යේෂණ ක්‍රමවල තියෙනවා කණ්ඩායම් සාකච්ඡා විදියට දත්ත ලබා ගැනීම. ඒ අනුව අපි ගම්වලට ගිහින් කණ්ඩායම් සාකච්ඡා මගින් තමයි තොරතුරු ලබා ගත්තේ. අපට මෙහිදී හිටපු ලේකම්වරයෙක් වන ආචාර්ය සිදම්බරන් මොහාන් මහතා හමු වුණා. ඔහු 2015 දී පමණ ජනවාර්ගික ලේකම් ලෙස කටයුතු කර තිබුණා. ඔහු පොතක් ලියල තිබුණ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථය සහ සත්‍යය කියල. ඔහුගේ තිබුණු අත්දැකීම් අපට යාපනය ජන සමාජය ගැන ලොකු දැනුමක් අරගෙන ආව.

ප්‍රශ්නය — මේ පර්යේෂණයේ දත්ත ගැන ඔබට පොදුවේ කියන්න පුළුවන් අදහස කුමක් ද?

පිළිතුර – යාපනය ජනතාවගේ දරිද්‍රතාව සහ යම් යම් පීඩනයන් ගැන අපට ලොකු දැනුමක් ආවා. එකක් මේ කොඩිකාමම් ප්‍රදේශයේ තියෙනවා පානීය ජල ප්‍රශ්නයක්. මේ සඳහා විසඳුමක් ලෙස ඉරණමඩු ජලාශයේ වැඩිපුර ජලය එහෙට අරගෙන යන්න සැලසුමක් තිබිල තියෙනවා. මෙය අනුමත වෙලා තිබුණු ව්‍යාපෘතියක්. එහෙත් ඒ ප්‍රදේශයේ සිට යාපනයට ජලය ගෙන යෑමට, ඒ ප්‍රදේශයේම සිටි ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙලා තියෙනවා. තවමත් ඒ ව්‍යාපෘතිය කෙරුණෙත් නෑ. තවමත් ඒ ජනයා එම ජල ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. මේක ප්‍රධානම කාරණයක්. ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මේ ආණ්ඩුවට හෝ මැදිහත් වෙන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ අපේ මේ පර්යේෂණ මේ වගේ මාධ්‍ය හරහා සමාජගත කිරීමේ දී මේක තමයි අපට තියෙන ලොකුම වාසිය. ඒ සඳහා යම්කිසි විසඳුමක් ලබාදෙන්න පුළුවන්කම ලැබෙනවා.

අනිත් එක සමාජ ප්‍රාග්ධනය කියන එක ඔවුන් කුල ක්‍රමය හරහා ගොඩ නඟාගෙන තිබුණ. ඒ කුල අතර එකමුතුකමක් තිබුණ. මේ තිබෙන එකමුතුකම තමයි අපට සමාජ ප්‍රාග්ධනය ලෙස යොදාගන්න පුළුවන් වෙලා තිබුණේ. නමුත් අද වෙලා තියෙන්නේ ඒ කුල වෙන වෙනම සිටීම නිසා අසංවර්ධිතභාවයක් තිබෙනවා. මේක අපට සමාජ ප්‍රාග්ධනය ලෙස යොදා ගත්තොත් අපට ඒ ප්‍රදේශ තුළම සංවර්ධනයට එය යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේ සංකල්ප අපි අරගෙන යන්න ඕන. රජය වියදම් කරලා යම් කිසි දෙයක් කරනවත් එක්කම ඒ සඳහා ප්‍රජා සහභාගිත්වය ගන්න ක්‍රමවේදයන් සකස් වෙන්න ඕන. සංවර්ධන ක්‍රියාදාමයන්වල එවැනි නවීන ක්‍රමවේද දකින්නට ලැබුණේ නෑ.

එසේම උතුරේ සහ දකුණේ සහජීවනය බිඳ වැටීම ගැන කතාවක් තියෙනවානේ. බොහෝ දෙනෙක් යාපනයට ගියාම යාපනය සමාජය මතුපිටින් දකිනවා මිසක් අභ්‍යන්තරයට යන්නේ නෑනේ. ඒත් සමාජවිද්‍යාව හදාරන අය විදියට අපි යාපනය අභ්‍යන්තරයට ගියා. ඒ ග්‍රාමීය සමාජයට ගියහම ඔවුන්ට යුද්ධය කිසිසේත්ම අවශ්‍ය නෑ. ඔවුන් යුද්ධයට වෛර කරනව ඇත්තටම. ඔවුන්ට වෙනම රාජ්‍යය අවශ්‍ය නෑ. ඔවුන් ඇත්තටම ඉල්ලන්නේ සමාජ සාධාරණත්වය. මේ ඔක්කොම පොළඹවාලීම් කරන්නේ ද්‍රවිඩ දේශපාලනඥයො. ඔවුන් තමන්ගේ ඡන්ද පදනම සකස් කර ගැනීම සඳහා තමයි එය කරන්නේ. විදේශ රටවලට සංක්‍රමණය වෙලා තවමත් පුරවැසිභාවය ලබාගෙන නැති පිරිස් ද මේ පිටුපස ඉන්නවා. රජයන්වලට පුළුවන් මේ ඩයස්පෝරාවත් සම්බන්ධ කරගෙන මේ ප්‍රදේශවල කිසියම් ආකාරයකට සංවර්ධනය ගොඩ නගන්න.

පහළ කුලවල අයත් එක්ක දුගීකමත් සම්බන්ධ වෙලා තිබුණ. සමහර ගම්වල ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක අයිතිය තියෙන්නේ විවිධ සංවිධානවලට. ඒ අය තමයි මේ ඉඩම් බෙදා දීල තියෙන්නේ. මේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම් හා නිවාසවල කිසිම අයිතියක් නෑ. ඒ නිසා මේ ඉඩම් බැංකුවකට හෝ තියල යම් කිසි ණය මුදලක් ගැනීමේ හැකියාවක් නෑ. ඒක බොහෝ අවස්ථාවල දකින්න තිබුණ තත්ත්වයක්. මේ ඉඩම්වල අයිතිය ගැන තියෙන ගැටලු නිරාකරණය දීම ඉතාම වැදගත්. ඔවුන්ගේ වගා බිම්වලත් මේ ප්‍රශ්නය තියෙනවා. මේ ගැන රජයේ අවධානය යොමු වෙන්න ඕන. ඒ නිසා ඔවුන්ගේ ආයෝජනවලට සහ වගා බිම් දියුණු කර ගැනීමට බැංකු ණය ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා.

ප්‍රශ්නය — සමස්තයක් ලෙස මේ පර්යේෂණයෙන් සොයාගත් දේ ගැන සාරාංශයක් ලෙස සඳහන් කළොත් මොනවා ද කියන්න පුළුවන්?

පිළිතුර — කලින් කියපු පානීය ජල අර්බුදය නිසා දුක් විඳින්නේ ඒ ප්‍රදේශවල ජනතාව. ඒ නිසා මේ ගැන සොයාබැලීම රජයේ ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. තව කියපු දෙයක් තමයි, ඒ පළාතේ අඩුකුල තියෙන ගම්වලින් ප්‍රබලයන් බිහි වෙනවා. හොඳ රාජ්‍ය නිලධාරීන් උගතුන් බිහි වෙනවා. හැබැයි ඒ අයත් කැමැති නෑ ඒක තමන්ගේ ගම කියල කියන්න. ඒකට හේතුව ඒ ගම කේන්ද්‍ර කරගෙන තියෙන කුලවාදී හැඟීම. ඒ නිසා මේ අය ඉහළට ගියත් තමන්ගේ ගම සඟවාගෙන ඉන්නේ ඒක නිසා. ඔවුන් කෙතරම් ඉහළට ගියත් අර ගමට ලැබිය යුතු වාසි ලැබෙන්නේ නැතුව ගිහින් තියෙනවා. මේ තත්ත්වයන් විසඳා ගැනීම සඳහා ඇත්තටම අද අලුත් ප්‍රවේශයන් හඳුන්වල දීල තියෙනවා. ලංකාවේ හොඳ සමාජ විද්‍යාඥයන් ඉන්නවා. ඔවුන් එක්ක එකතුවෙලා අපට පුළුවන් ග්‍රාමීය සමාජ ගොඩ නැගීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. අපි කුලය පවා සලකන්නේ සමාජ ප්‍රාග්ධනයක් ලෙසයි. අනිත් එක ඔවුන් ජීවත්වෙන ඉඩම්වලට ලියාපදිංචි ඔප්පු නැති වීම. මේ අයට ඉන්න නිවසේ හෝ ඉඩමේ අයිතිය නැතිවීම තුළ ඔවුන්ගේ ජීවිත අපේක්ෂාවන් අඩුවෙලා තියෙනවා. එකක් තමාට ඒකෙ අයිතියක් නෑ. එසේම එම ඉඩම තමාට කැමති විදියට පරිහරණය කිරීමේ අයිතියක් නෑ. ඒවා තමයි සමාජීය ගැටලු විදියට තියෙන්නේ. ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ඒමට නොහැකි වෙලා තියෙන්නේ ඒක නිසයි. ඔවුන්ගේ නිවාස පිහිටි ඉඩම්වල අයිතිය වගේම ඔවුන්ගේ වගා ඉඩම්වල අයිතියත් සුරකින ක්‍රමවේදයක් ඉක්මනින්ම සකස් කරන්න වෙනවා. අනිත් එක උතුර සහ දකුණ අතර සහජීවනය. මේක අමුතුවෙන් මහන්සිවෙලා ඇති කරන්න දෙයක් නෙවෙයි. ඔවුන් දකුණේ ජනසමාජයට වෛර කරන තත්ත්වයක් නෑ. අපි දකුණින් එහෙට ගියත් භාෂා ප්‍රශ්නයක් තිබුණත් අපේ කතාබහ ශරීර භාෂා තුළින් අපට හොඳට තේරුම් ගියා. අපට පරිවර්තකයන් සිටීම වෙනම කතාවක්. අප අතර සුහදශීලීභාවය, ලෙන්ගතුකම සහ ඔවුන්ගේ තිබෙන මානුෂික හැඟීම් ඒවා අපි ඔක්කොම දැක්ක. යුද්ධයේ බැට කාපු විදිය ඔවුන්ට තාම අමතක වෙලා නෑ. ඒ ගැන හොඳ මතකයක් තියෙනව. ඔවුන්ට අවශ්‍ය සාමය. ඔවුන්ට අවශ්‍ය සමස්ත සමාජ සාධාරණත්වය මිසක් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ. උතුරේ හෝ දකුණේ ග්‍රාමීය දුප්පතුන් අතර කිසිම ආකාරයක වෙනසක් අප දුටුවේ නැහැ. ඔවුන් එදා වේල හම්බ කරගෙන කන අය. ඒ නිසා ඔවුන් වෙනුවෙන් යම්කිසි ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන. එතනින් තමයි මේ සංවර්ධනය පටන් ගන්න ඕන. ඒ ගම තුළ තියෙනවා යම් කිසි අසංවර්ධිතභාවයක් දැන් තියෙන්නේ ඒක ඔහොම සියුම්ව ග්‍රහණය කරගෙන එම අසංවර්ධිතභාවය, සංවර්ධිතභාවයට ගෙන ඒමයි. ඔවුන්ට අවශ්‍ය තනියෙන් නැඟී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය පිළිබඳ විමසීමක්

අතිරේක විශේෂාංග

මගේ නවකතාව ජනප්‍රිය නවකතාවක් නොවී උසස් නවකතාවක් වනු දැක්ම අභිලාෂය යි! – ලේඛිකා ආශා රණසිංහ

අතිරේක විශේෂාංග

“සිරි වල්ලි දෙවඟන සොයා අද රාත්‍රී සුබ ගමන් වඩිනා – කතරගම දෙවියෝ”

විශේෂාංග

මහත්වරුනි මේ නාඩගම නවත්වමු ද?

අතිරේක විශේෂාංග

ජූලි හතයි ඒ ඝාතනයට අවුරුදු 115යි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok