නෝර්විජියානු රාජ්‍ය නාවික හමුදාවේ ෆ්‍රිජීඩොර්ෆ් නැන්සන් පන්තියේ HNoMS Roald Amundsen ආරක්ෂක නෞකාව ඉකුත් ජුනි 10 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණියේය.
ජුනි 11 වැන දින පිටත්ව ගිය ආරක්ෂක නෞකාව, ඉන්ධන පිරවීම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාවන් සඳහා වරායට පැමිණ ඇත. මෙම පැමිණීම, කලාපයේ වාණිජ සහ නාවික යාත්‍රා සඳහා විශ්වාසදායක සහ කාර්යක්ෂම සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස HIPහි වැඩෙමින් පවතින කීර්තිය තහවුරු කරයි. නෝර්චිජියානු රාජ්‍ය නාවික හමුදාව වෙත සිය සේවාවන් ලබාදීමට හැකි වීම පිළිබඳ තම සතුට පළ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකාරීත්වය, ඉහළ ආරක්ෂාව සහ කාර්යක්‍ෂමතාවයෙන් යුතු උසස් ප්‍රමිතියේ සේවාවන් සැපයීම තුළින් ගෝලීය සමුද්‍ර මෙහෙයුම් සඳහා සහාය වීමට කැපවී සිටී.