ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු, හිටපු ඇමැතිවරයකු ද වන ඉම්තියාස් බාකීර් මාකාර් ලියන ලද හෘද සාක්ෂිය ග්‍රන්ථය අද (25දා) ප.ව. 4.15ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදකී.
‘හෘද සාක්ෂිය’ කෘතිය පිළිබඳව මෙදින අදහස් දැක්වීම විශ්‍රාමික නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් විසින් සිදුකරනු ලබයි.
මේ එම ග්‍රන්ථය ගැන ආචාර්ය රංග කලංසූරිය දක්වන සඳහනකි.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඇහෙන හිස් කතා හා සංසන්දනය කරනකොට මෙහි සඳහන් හැම කතාවක්ම කෙතරම් සාරගර්භ ද කෙතරම් ව්‍යක්ත ද කියන කාරණය මට හිතුණු වාර අනන්තයි. එය කෙතරම් ද යත් ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මා ලියන්නට අදහස් කරන අලුත් පර්යේෂණ ග්‍රන්ථයටත් මේ පොත පූර්වාදර්ශයක් සපයනවා.
වත්මන් දේශපාලන සමාජ යථාර්ථය අන්තර්ජාලය හරහා දැඩිව ප්‍රශ්න කෙරෙන, දැඩිව අභියෝගයකට ලක්කෙරෙන වටපිටාවක, දේශපාලනඥයා මොනතරම් අහුපැවතක්, ගැඹුරක් සහ අවංක හදවතක් තියෙන පුද්ගලයෙක් විය යුතුද කියන කාරණය එතුමා මෙහිදී මැනවින් පසක් කර දෙනවා.
හැමදාම නිවැරදි දේ වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව පෙනී සිටීමේ වරදට නිතර බැට කන චරිතයක් වුවත්, ඉම්තියාස් ඇමතිතුමාට සුව සේ නින්ද යන බවට නං සැකයක් නැහැ. එතුමාත් බොහොම ගෞරවයෙන් සලකන බුදුන් වහන්සේත් නිතර දේශනා කළේ, “වැඩියෙන්ම සතුට තියෙන්නෙ වැඩියෙන් අල්ලා ගත්තු කෙනා ළඟ නෙමෙයි, වැඩියෙන් අතහැරපු කෙනා ළඟ කියලා.”
ඉම්තියාස් කියන්නෙ ගොඩක් දේවල් අතහැරපු කෙනෙක්. ඒ පක්ෂය වෙනුවෙන්, ප්‍රතිපත්ති වෙනුවෙන්, අනුන් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒත් ඔහු සැමදා සතුටෙන් ඉන්න කෙනෙක්. ඔහුගෙ මුවේ සදාකාලිකව අපි දකින නිර්ව්‍යාජ සිනහව ඊට සාක්ෂියි.
ආචාර්ය රංග කලන්සූරිය
ආසියා කලාපීය උපදේශක
අන්තර් ජාතික මාධ්‍ය
සහයෝගිතාවය