පොල් වගාවට හානි කරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයන් මර්දනය කිරීම සඳහා ‘පොල් දෙසතිය’ නමින් වැඩසටහනක් ලබන මස 14 දා ආරම්භ කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.
මෙහි පළමු අදියර එදින යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි.
‘පොල් දෙසතිය’ සියලු දිස්ත්‍රික්කවල ක්ෂණික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන් පොල් වගාවට හානි කරන ‘සුදු මැස්සාට’ විසඳුමක් ලෙස මූලික අදියරේදී යාපනය දිස්ත්‍රික්කයේ සියලු පොල් ගස් වතුර ඉස, සෝදන බවත් පවසන ඒ මහතා ඒ සඳහා අවශ්‍ය වන පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර මේ වනවිට මණ්ඩලය සතුව ඇතැයි ද වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර