අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවත් පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
මේ අනුව අවශ්‍ය සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටී.
අලි – මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා බඳවාගැනීමට යෝජිත සිවිල් ආරක්ෂක භටයන් සඳහා ඔවුන් දැනට ලබන වැටුපට අමතරව තවත් ගෙවීමක් කිරීමට නියමිත බවද වාර්තා වේ.
සුජීව තත්සර