සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
අවුරුදු 2ට අඩු දරුවන් සහ පෙර පාසල් වයසේ දරුවන් ඩිජිටල් තිර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඩිජිටල් තිර හා ඩිජිටල් දුරකථන භාවිතයට අධික ලෙස යොමු වූ දරුවන්ගේ මානසික හා චිත්තවේගි වර්ධනයට බාධා ඇති කරන බවත් මෙයින් දරුවන්ගේ කථන හැකියාව ප්‍රමාද කිරීමටත් ඔවුන්ගේ නින්දට බාධා සිදුවන බවත් ආක්‍රමණශීලි හැසිරීම දරුවන් තුළින් ඉස්මතු වන බවත් ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
පෙර පාසල් දරුවන් දිනකට අවම වශයෙන් පැය දහතුනක තරම් කාලයක නින්දක් ලබාගත යුතු බවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහය වීම සඳහා අවම වශයෙන් පැය 3ක් පමණ ක්‍රියාශීලි ක්‍රීඩාවක යෙදවිය යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටී.
ඕනෑවට වඩා ඩිජිටල් තිර සමග කාලය ගත කිරීම මගින් දරුවන් තුළ සමාජය කෙරෙහි ඇති සම්බන්ධ හා බැඳීම්, ශාරීරික ක්‍රියාකාරකම් හා භාෂා සංවර්ධනය සඳහා අවස්ථා අඩුවන බවත් (දරුවන් ඩිජිටල් තිර සමග ගත කරන කාලය අවම කළ යුතු බවත්) මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
ධම්මික සල්වතුර