ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී සිය සංගමය ඇය වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කරමින් සංගමයේ නිල ලාංඡනය සහ නාමය භාවිත කරමින් සමාජ මාධ්‍ය පුරා පළකර ඇති ලේඛන ව්‍යාජ සහ කූට ලේඛන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සිය සංගමය කිසිදු අවස්ථාවක අදාළ විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ බැනරයක් හෝ ලිපියක් සකස් කර නිකුත් කර නැතැයි ද එම සංගමය අවධාරණය කර සිටී.
සිය සංගමයේ කීර්ති නාමයට හානි කිරීමේ දේශපාලන අරමුණින් යුතුව සිදුකර ඇති මෙම මඩ ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර