ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී ඉරානයට එරෙහිව ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනාධිපති ෂි ජින් පින් විසින් තරයේ හෙළාදැක ඇති අතර එම ප්‍රහාරයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය සහ ජාත්‍යන්තර නීතියට අදාළ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර තිබේ.
ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී රුසියානු හා චීන නායකයන් දෙපළ එක පාර්ශ්වයකට පැමිණෙමින් සිය ස්ථාවරය සම්බන්ධයෙන් ‘එක්ස්’ සමාජ මාධ්‍යජාල ගිණුමෙහි සටහන් තබා ඇත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු හා චීන නායකයන් දෙපළ පෙරේදා (19දා) දුරකථන සංවාදයකද නිරතව ඇති අතර ඊශ්‍රායල – ඉරාන යුද්ධය සඳහා ඇමෙරිකාවද මැදිහත්වීමට උත්සාහ දරමින් සිටින මොහොතක ඔවුන් දීර්ඝ වශයෙන් දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.