උසස් නිලධාරීහු සාකච්ඡාවක
දිවයින පුරා බන්ධනාගාරවල සිටින බන්ධනාගාර අධිකාරිවරුන් සහ ඒවායේ ප්‍රධාන ජේලර්වරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් විසින් සාකච්ඡාවක් පවත්වා ඇත.
බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ. දැනට බන්ධනාගාරගතව සිටින කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් ලබන 25 වැනිදා අධිකරණය මගින් ලබාදෙන තීන්දුවෙන් පසු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ එවැනි සාකච්ඡාවක් පැවැත්වුණත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණි බවයි.
දැනට බන්ධනාගාරගතව සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ජනාධිපති පොදු සමාව යටතේ රැඳවියකු නීතිවිරෝධිව නිදහස් කිරීමට කටයුතු කිරීම වැනි කරුණු නිසා බන්ධනාගාරවල ඉහළ නිලතල වෙනස් කළ යුතු බවට කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී ඇත.
චමින්ද සිල්වා