Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තමා කිරීමට යන දේ කිසිවකු නොදන්නා බව ට්‍රම්ප් පවසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තමා කිරීමට යන දේ කිසිවකු නොදන්නා බව ට්‍රම්ප් පවසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

තමා කිරීමට යන දේ කිසිවකු නොදන්නා බව ට්‍රම්ප් පවසයි

June 20, 2025
559 Views

මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සම්පූර්ණ ජයක්

කිසිවකු තමා සිදු කිරීමට යන්නේ කුමක්දැයි නොදන්නා බව පවසමින් තමා ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානාවලට නියෝග කරනවාද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබේ. ඉරානය ටෙහෙරාන් අගනුවර පවත්වාගෙන යන සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා සිය නියෝජිතයන් පිරිසක් ධවල මන්දිරය වෙත එවීමට සැරසුණු බවත් ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරයන් නැවත්වීම එහි අරමුණ වී තිබූ බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ. “ඉරානය ධවල මන්දිරයට සාකච්ඡා සඳහා නියෝජිතයන් පිරිසක් එවීමට තැත් කළ අවස්ථාවේදී දැන් ඒ සඳහා බොහෝ ප්‍රමාද වැඩි බව මා ඔවුන්ට පැවසුවා. එහෙත් අපට ඇතැම් විට මුණගැසී සාකච්ඡා කළ හැකි බව ඔවුන්ට පැවසුවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර ජනාධිපති ට්‍රම්ප් දැනටමත් ඉරානයට පහර දීමේ ඇමෙරිකානු සැලැස්මට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව බීබීසී ප්‍රවෘත්ති සේවය විසින් ඊයේ වාර්තා කර තිබිණි.

කෙසේ වුවද දැනටත් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීම සඳහා ඉරානයට කල් ඇති බව සඳහන් කර ඇති ජනාධිපති ට්‍රම්ප් සතියකට පෙර පැවති තත්ත්වයට වඩා දැන් පවතින තත්ත්වය වෙනස් බවත්, දැන් තමාට අවශ්‍යව ඇත්තේ සටන් විරාමයක් නොව සම්පූර්ණ ජයග්‍රහණයක් බව අවධාරණය කර තිබේ. මේ අතර සිය “ට්රුත් සෝෂල්” සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘ඇමෙරිකාව ඉරානයේ උත්තරීතර නායකයා බව කියන අයතුල්ලා අලි කුමේණි සැඟව සිටින ස්ථානය හොඳින් දන්නා බවත් ඔහු දැනට එම ස්ථානයේ ආරක්ෂිතව සිටින බවයි’ ඉරානය සිය රටට බොහෝ වතාවක් තර්ජනය කර ඇති බවත් ලබන සතිය ඉතාමත් වැදගත් සතියක් වනු ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබේ. තමා ඉරානයට පහර දීම සඳහා බෝම්බ ප්‍රහාරක යානාවලට අණ කිරීමට හෝ අණ නොකිරීමට ඉඩ ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විදෙස්

ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර

විදෙස්

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය අද හදිසි රැස්වීමක් කැඳවයි

විදෙස්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර ඛේදයක්ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය කියයි

විදෙස්

ඇමරිකානු ප්‍රහාරවලින් පසුවත් ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර

විදෙස්

චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok