Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රීඩාවට ප්‍රශ්න ඇතිකර තිබෙන තහනම් උත්තේජක ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා – ඇමැති සුනිල් කුමාර ගමගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රීඩාවට ප්‍රශ්න ඇතිකර තිබෙන තහනම් උත්තේජක ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා – ඇමැති සුනිල් කුමාර ගමගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ක්‍රීඩාවට ප්‍රශ්න ඇතිකර තිබෙන තහනම් උත්තේජක ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා – ඇමැති සුනිල් කුමාර ගමගේ

June 18, 2025
213 Views

විපක්ෂය තහනම් උත්තේජක අරන් වගේ කටයුතු කරන්නේ – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

උතුරේ ඉඩම්වලට ව්‍යාපාරිකයන්ට ඇතුළු වෙන්න දෙනවා සාමාන්‍ය මිනිසුන් ගියාම අල්ලනවා – ෂානක්‍යන් රාසමානික්කම් (දෙ.ජා.ස.)

ක්‍රීඩාවට සැලකිය යුතු ප්‍රශ්න ඇතිකර තිබෙන තහනම් උත්තේජක ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස මෙරට ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින බව ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග අනුමත කිරීමේ විවාදයේදී පිළිතුරු කතාව සිදු කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, කාරක සභා වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම, පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය. පසුව අංක 2430/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග අනුමත කිරීම සඳහා විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා- ක්‍රීඩාවලින් ජයග්‍රහණය කිරීමට කෙටි කාලීනව භාවිතා කරන මෙම උත්තේජක

ලබාගැනීම් ලෝකයේ බහුල වශයෙන් සිද්ධවෙනවා. එබැවින් පිරිසිදු ක්‍රීඩාවක් වෙනුවෙන් මෙම ද්‍රව්‍ය හඳුන්වාදී ඒවා තහනම් කිරීම සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක නියෝජිත ආයතනය නීති රීති හඳුන්වාදී තිබෙනවා. අපේ රට තුළත් ඒ සම්බන්ධයෙන් විශේෂ ආයතනයක් 2002 වසරේ සිට ක්‍රියාත්මක වෙනවා. ක්‍රීඩාවලට යොදාගනු ලබන තහනම් උත්තේජක පිළිබඳ ලැයිස්තුවක් සෑම වසරක් පාසාම ලෝකය තුළ හඳුන්වාදීමක් සිද්ධවෙනවා.

(නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා මූලාසනයට පැමිණේ)

සුගත් තිලකරත්න මහතා-

මෙම උත්තේජක සම්බන්ධයෙන් අප විශේෂ උනන්දුවක් දැක්විය යුතුයි. බාහිර පුද්ගලයන් විසින් ක්‍රිීඩකයන්ට මෙම තහනම් උත්තේජක ලබාදීම සිදු කෙරෙනවා. වෛiවරුන්, පෝෂණවේදීන්, අනුග්‍රාහකයන්, ක්‍රීඩා ලෝලීන් විසින් මෙම උත්තේජක ලබාදී තිබෙනවා කියා අපට පසුගිය කාලයේදී වාර්තා වී තිබෙනවා. මෙම උත්තේජක ලබාගැනීම තුළින් ක්‍රීඩකයන්ට විශාල වශයෙන් ශාරීරික සහ මානසික ගැටළුවලට ලක්වෙනවා. උත්තේජක ලබාගත් බවට ඔප්පු වී තහනමකට ලක්වුවහොත් ඔවුන් සමාජය තුළ විශාල පසුබෑමකට ලක්වෙනවා. ඒ වගේම ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමත් සිදුවෙනවා. මෙවැනි කෙටිකාලීන ජයග්‍රහණ අපේක්ෂා කිරීම තුළින් ඔවුනට තම ක්‍රීඩා දිවියේ දීර්ඝකාලීන ගැටළු රැසක් ඇති කර තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් (දෙ.ජා.ස.)

ප්‍රධාන විපක්ෂය සභාවෙන් පිටතට ගියත් අපේ පක්ෂය විවාදයට සහභාගි වෙන්න තීරණය කළා. අපේ ප්‍රදේශවල මේ ගැන කතා කරන්න ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා.

අපේ අනෙක් පක්ෂ හා සමාන නෑ. අපි වෙනස් පක්ෂයක්. 1947 සිට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටිය පක්ෂයක්. අදට පාර්ලිමේන්තුව තුළ තියෙන පරණම දේශපාලන පක්ෂය. එජාපයෙන් පත්වී සිටින ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාත් කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක්. අද එජාපය, ශ්‍රී ලංකා ඔක්කොම අතුගෑවිලා ගිහින්. ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය විතරක් වසර 75කට පසුව ඉන්නවා. මගේ සීයත් මේ පක්ෂයේ නායකයා වී සිටියා. උතුර, නැඟෙනහිර ජනතාව විපක්ෂයට ඡන්දය දෙනවා. අපි හොරකම් කරපු පක්ෂයක් නොවෙයි. අපේ අත් පිරිසිදුයි.

දැන් පළාත් පාලන මැතිවරණය ඉවරයි. ඉතිරි වසර කිහිපය ආණ්ඩුව සමග ගැටුම් ඇතිකර නොගෙන අපේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කළ යුතුයි. සාධාරණ ඉල්ලීම් ඉටු කරගත යුතුයි. මේ ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දෙයි කියන විශ්වාසය තියෙනවා.

පළාත් සභා මැතිවරණය පවත්වන්න. එක දිගට මැතිවරණ පැවැත්වීම අසීරුයි. ඒත් මැතිවරණය තියන්න පුළුවන් කාල රාමුවක් දෙන්න. පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන මම පනතක් ගෙනාවා. එය ආණ්ඩුවේ එකක් වගේ ගන්න. පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් වාතාවරණයක් හදමු. ඊට පස්සෙ දින තීරණය කරමු.

ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් තියෙනවා. වන සංරක්ෂණය සම්බන්ධයි. අසූ ගණන්වල නිකුත් කළ ගැසට් නිවේදනයක් මීට හේතුවෙලා තියෙනවා. ගොවිතැන් කරගෙන සිටි ජනතාවට ඒවා දෙන්නේ නෑ.

මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඒ ඉඩම්වලට එනවිට වන සංරක්ෂණය අල්ලන්නේ නෑ. ඒත් සාමාන්‍ය මිනිහෙක් ගියාම අල්ලනවා. යම් යම් පාසල් තියෙන්නේ හමුදා කෑම්ප් ඇතුළේ. කෑම්ප් එක ඇතුළේ තියෙන පිට්ටනිය පාවිච්චි කරන්න ඉඩ දෙන්න. කෑම්ප් ඉවත් කරන්න ඕන නෑ. පාසල භාවිතා කරන්න පුළුවන් විදිහට පාරක් දීලා පාසල් නිදහස් කරන්න. කෑම්ප් එකක් ඇතුළේ ගමේ පොළක් තියෙනවා. ඒවා කෑම්ප් එකෙන් ඉවත් කර දෙන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් මාපලගම (ජාජබ)

තහනම් උත්තේජක ද්‍රව්‍ය හා තහනම් ක්‍රම පිළිබඳව මෙරට ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අතර දැනුවත්භාවයක් සිදුවිය යුතුයි. සංවාදයක් අවශ්‍යයි. එය ජාතික මට්ටමට ප්‍රථම පාසල් මට්ටමේ සිට ක්‍රීඩා සමාජ මට්ටමේ සිටම ක්‍රීඩකයන්ගේ දැනුම වර්ධනය විය යුතුයි. ඇතැම් ක්‍රීඩකයන්ගේ නොදැනුවත්බව නිසාත් නොසැලකිල්ල නිසාත් ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයම එක තත්ත්පරයකින් අවසන්වී යන්න පුළුවන්. වසර ගණනාවක් පුරා පුහුණුවීම් කර තරග කර ලබාගත් සියලු ජයග්‍රහණ, සියලු සම්මාන, පදක්කම් ටික සැණින් අහෝසි වී යා හැකියි.

නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල

පළාත් පාලන කොමසාරිස්වරිය කොන්ද කෙළින් තියාගෙන පනත අනුව කොළඹ නගර සභාවේ පත් කිරීම් කළා. විපක්ෂය පරදින්න පෙර රහස්‍ය ඡන්දයකට එකඟ වුණා. ඒකමතිකවයි ඉල්ලුවේ. සජබ මන්ත්‍රීවරයකු යෝජනා කළේ. දැන් පැරදුණාම කොමසාරිස්ට බණිනවා. එය වැරදියි. අපි රාජ්‍ය සේවය ආරක්ෂා කරනවා. නිර්භයව තීන්දු තීරණ ගන්න. රාජ්‍ය සේවය අපි ආරක්ෂා කරනවා. අද විපක්ෂය සමාජ මාධ්‍ය යොදාගෙන කොමසාරිස්වරියව විවේචනය කරනවා.

පළාත් පාලන පනතේ 66 වන වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා සභාපති තෝරාගැනීම. මූලිකත්වය ගන්නේ කොමසාරිස්. තෝරාගත යුත්තේ රහස්‍ය ඡන්දයෙන් ද ප්‍රසිද්ධියේ ද යන්න තීන්දු කිරීමේ අභිමතානුසාරි බලය කොමසාරිස්ට පැවරෙනවා. මන්ත්‍රීන් 62ක ලේඛනයක් ඉදිරිපත් කළා. එය කෝ? ඒ වෙලාවේ 62 අත්සන් කරන්න අභියෝග කළත් විපක්ෂය එකඟ වුණේ නෑ.

නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ.

අද විපක්ෂයේ කට්ටිය තහනම් උත්තේජක අරගෙන වගේ. ගිය මාසෙ 6 වැනිදා ඉඳලා විපක්ෂය දින ගැන ගැන හිටියේ 16 වැනිදා වෙනකම්, කොළඹ අල්ලනවා කිය කියා. ඊයේ හතරගාතෙන් වැටිලා හිටියේ. මීට දින කිහිපයකට පෙර ඇති වූ ඊශ්‍රායල ගැටුම ගැන කතා කරන්න ගත්තා. අන්තිම මොහොතේ ඔය කතාව ගත්තේ. ඔවුන්ට කොහෙද හෘද සාක්ෂියක්.

අදාළ නියෝග සම්මත විය. පාර්ලිමේන්තුව යළි අද (18දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා

ප්‍රධාන පුවත්

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගවල යන වාහනවල මගීන්ටත් ආසන පටි පැලඳීම අනිවාර්ය වෙයි

ප්‍රධාන පුවත්

92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok